Culture

ජපානයේ හා කොරියාවේ විලාසිතා වලට ඔබත් කැමතිද ?

  • このエントリーをはてなブックマークに追加

ජපානයේ සහ කොරියාවේ  විලාසිතා ගත්  කල සිතා ගත නොහැකි තරම් සිත් ඇදගන්නා සුළු වේ .   ඒවා අතරින් ඇදුම් විලාසිතා වලට හිම්වන්නේ සුවිශේෂි ස්ථානයකි . ජපන් ජාතිකයන් අනිත් රටවල් වල පුද්ගලයන් හා සැසදීමේදී  විලාසිතාවන් වලට  ප්‍රමුඛ ස්ථානයක්  ලබා  දෙනු  ලබයි . තවද ,   ජපානයේ පිරිමි අයට  වඩා ගැහැණු අය විලාසිතාවන්ට සුවිශේෂී සන්ධිස්ථානයක්  ලබා දෙන බව සඳහන් කල හැකිය .

කොරියාව තුළ අනිකුත් රට වලට සාපේක්ෂව  ගැහැණු පාර්ශවය මෙන්ම පිරිමි පාර්ශවයද  විලාසිතා සිදු කරනු ලබන බව නොරහසකි . තවද , කාන්තා පාර්ශවයට නොදෙවැනි ලෙස විලාසිතා සිදු කිරීම  කොරියානු පිරිමි අය තුල කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය.

         

 

                

 

ජපන් හා  කොරියන්  ජාතිකයින් විලාසිතා තෝරාගැනීම කෙසේ සිදු කරයිද ?

ජපානය ඍතු 4කින් වෙන්වූ  රටක් ලෙසට හදුනා ගත හැකිය . එසේ හෙයින් ඍතු වලට ගැළපෙන ලෙස විලාසිතා කිරීමද දැකගත හැකිය . බොහෝ විට ජපානයේ මෙන්ම කොරියාවේද මෙය දැකගත හැකිය . මෙහිදී , ඔවුන් තෝරාගන්නා විලාසිතා අතර ලාංකික අපට වඩාත් චිතාකර්ශනීය ඇඳුම් විලාසිතාවන් දැකගත හැකිය .

 

 

             

 

 

 

                 

 

ජපන් ජාතිකයින් සහ කොරියන් ජාතිකයින් දුම්රිය තුලදී makeup දමමින් යනු දැක තිබේද ?

අප ලාංකිකයින් වශයෙන් makeup සඳහා විශේෂ අවධානයක් යොමු නොකරන බව සැමදෙනා දන්නා සත්‍යකි . එහෙත් දැන් දැන් පෙරට වඩා ලාංකිකයින්ද රූපලාවන්ය කටයුතු වලට යොමු වී තිබෙනු දැකිය හැකිය . ජපන් ජාතිකයින් සහ කොරියන් ජාතිකයින් makeup දැමීම ඔව්න්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්වී ඇත .

නිදසුනක් ලෙස , ඔවුන් දුම්රිය තුල , බස් තුල ගමන් කිරීමේදී   makeup කරනවා ඔබ දුටුවොත් , ඒ දෙසට අප නෙත් ඇදීයන්නේ , නිරායාශයෙනි . මන්දයත් , එය අපට පුදුමය හගවන කරුණක් බැවිනි . එසේම , එවැනි දේ  ලාංකීය ඇසට නුහුරු බවක් එක්කරන නිසාවෙනි .

 

             

 

ජපන් කාන්තාවන් , makeup සඳහා අවදානයක් යොමු කරන බව පෙනෙන්නට තිබෙන කරුණකි . එහෙත් ජපන් පිරිමි පුද්ගලයන් makeup සඳහා අවධානයක් ලබ දෙන බවක් පෙනෙන්නට නොලැබේ . එහෙත්  කොරියානු ජාතිකයින් අතර පිරිමි පාර්ශවයද  makeup සඳහා යොමුවී තිබෙනු දැකීම සුවිශීසිත්වයකි . එසේම අප ඇසට එම දර්ශනයන් පවා නුහුරු වේ .

 

         

 

ජපන් විලාසිතා සහ කොරියානු විලාසිතා අතරින් කුමකට වඩාත් කැමතිද….?

ජපන් විලාසිතා සහ කොරියානු විලාසිතා අතරින් කුමකට වාඩාත් කැමතිද යන්න ඇසූ විට එයට තනි පිළිතුරක් සපයීමට මට මෙනම් ඔබටද ආහසු කරුණක් යයි සිතමි . මන්දයත් , මා මෙන්ම ඔබද , මෙම විලාසිතාවන් දෙවර්ගයටම දැඩි ආශාවක් දක්වන නිසාවෙනි . එහෙත් , අප එකිනෙකාගේ අදහස් සහ කැමැත්ත මත මෙය වෙනස් වීමට පුළුවන .

 

     

ජපානයේ හා කොරියාවේ nail art විලාසිතාවන්ට ඔබත් කැමතිද …….??

ලාංකික අපද නියපොතු අලංකරණය සඳහා විවිධ නිය ආලේපන ගලවන නමුත් , ලාංකික අපට වඩා ජපන් හා කොරියන් ජාතිකයින් ඉතා නිර්මාණශීලී ලෙස , ඇස් අදහා ගත නොහැකි තරම් අලංකාර ලෙස එම හැඩයන් නිර්මාණය කරන්නාවූ අපුර්වත්වය කෙතරම්ද ? විශ්වාස කල නොහැකි තරම් චමත්කාරජනක ලෙසින් අදිනු ලබන හැඩයන් ජපානයට නොගොස් මෙහි සිට කෙසේ ඉවසා බලා සිටින්නද ?…….

 

        

 

 

 

 

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views