Japanese

How to learn Japanese easily – Lesson 19

  • このエントリーをはてなブックマークに追加

  පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.

තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි දහඅටවන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . දහනවවන පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවේ යෙදෙන ක්‍රියාපදවල ශබ්දකෝෂ ස්වරෑපය සාදා ගන්නා ආකාරය හා වාක්‍ය ගොඩනැගීම පිළිබඳවයි. පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් දහනවවන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

         දහනවවන පාඩම

1.ශබ්දකෝෂ ස්වරූපය

 පළමු කාණ්ඩය

“මස්” ස්වරූපය “ශබ්දකෝෂ”

ස්වරූපය

あいます あう Au හමුවෙනවා
ききます きく Kiku අහනවා
およぎます およぐ Oyogu පීනනවා
はなします はなす Hanasu කතා කරනවා
まちます まつ Matsu බලා සිටිනවා
よびます よぶ Yobu පියාඔනවා
すみます すむ Sumu ජීවත් වෙනවා
しにます しぬ Shinu මැරෙනවා
のります のる Noru නගිනවා

දෙවන කාණ්ඩය

“මස්” ස්වරූපය “ශබ්දකෝෂ”

ස්වරූපය

たべます たべる Taberu කනවා
おしえます おしえる Oshieru උගන්වනවා
かんがえます かんがえる Kangaeru කල්පනා කරනවා

තෙවන කාණ්ඩය

“මස්” ස්වරූපය “ශබ්දකෝෂ” ස්වරූපය
きます くる Kuru එනවා
します する Suru කරනවා

2. ~ことができます。

   ~ Kotoga Dekimas(u).

යම්කිසි ක්‍රියාවක් කළහැකි බව මින් ප්‍රකාශ වේ. මෙහිදී ක්‍රියාපදයේ ශබ්දකෝෂ රූපය (Dictionary Form) ට ことができます( koto ga deskimas(u) )යන කොටස එකතු වේ.නිදසුන් මගින් ඒ පිළිබඳව තවදුරටත් විමසා බලමු.

カスンさんは ピアノを ひく ことができます。

Kasun san wā piano wō hiku koto ga dekima(u).

කසුන්ට පියානෝ වාදනය කරන්න පුළුවන්.

 

 

 

3.   ~ことです。

      ~ Koto des(u).

විනෝදාංශය පිළිබඳව පවසන ආකාරය මෙම කොටස තුළ අන්තර්ගත වේ. මෙහිදී ක්‍රියාපදයේ ශබ්දකෝෂ රූපය (Dictionary Form) ට ことです(koto Des(u)) යන කොටස එකතු වේ.“විනෝදාංශය” යන්න ජපන් භාෂාවෙන් しゅみ (Shumi) ලෙස හදුන්වයි.

A : あなたの しゅみは なんですか。

Anata no shumi wā nandes(u)ka?

ඔබගේ විනෝදාංශය කුමක්ද?

B : おんがくを きく ことです。

Ongaku wō kiku koto des(u).

සංගීතයට සවන් දීමයි.

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views