Culture

chopsticks හෙවත් HASHI භාවිතා කරන්න හරියටම දන්නවද?

  • このエントリーをはてなブックマークに追加

”chopsticks” හි ආරම්භය හා විකාශනය​…

”chopsticks” යන්න 17,18 ශත වර්‍ෂවල චීනයේ භාවිත විය​.”ඉක්මනින් ඇති” අරුත් ඇති යන්නෙන් බිදී ආ වචනයකි. චීන ජාතිකයන්(kuwaizi) ” කුවයිෂි” ලෙසද , ජපනුන්(hashi) ”හෂි” ලෙසද හදුන්වයි.මෙහි ඉතිහාසය පිලිබද කරුනු සදහන් නොවූවත්, නැගෙනහිර ආසියාවේ මුලින්ම භාවිතයට ගෙන ඇත​.
වසර 600කට පෙර චීනයේ භාවිතය ඇරඹී එරටින් වෙනත් ජපානය​, කොරියාව​, වියට්නාමය​,සිංගප්පූරුව​,මැලේසියාව​,පිලිපීනය​ලාවෝසය​,මියන්මාරය​,තායිලන්තය​,නේපාලය ආදී රටවලට චීන සංක්‍රමනිකයන් මගින් ව්‍යාප්ත විය​.
එම සෑම රටකම සාම්ප්‍රදායික අංගයක් ලෙස චොප්ස්ටික් භාවිත වේ.
චීනයේ , ලිපේ ගින්දර ලංකිරීමට , ඉවීමට​, කෑම බෙදීමට , භාවිත කර පසුව ආහාර අනුභවයට යොදා ගැනුනි.ජපානයේදී ”හෂි” ගරු කටයුතු ආම්පන්නයක් ලෙස ආගමික කටයුතු වලදී භාවිතා කර පසුව කෑම සෑදීමට , බෙදීමට අනුභවයට යොදාගෙන ඇත​.මෙයිජි යුගයේ තෝශොකු කුමාරයා විසින් රාජ්‍ය උත්සව භෝජන සංග්‍රහ වලදී නිල වශයෙන් හෂි භාවිතයට එක් කර ඇත​.

”හෂි” හදන්නේ මොනවාගෙන් ද​?

මුලින්ම අග කොටස සිහින්ව තනි කෝටුවක් ලෙස භාවිත වී ඇති අතර පසුව කෝටු දෙකක් ලෙස භාවිතයට එක්වී තිබේ.
ජපානයේදී මුලින් , එක්වර ප්‍රයෝජනයට ගෙන ඉවත දමන ”වරිබෂි” භාවිතය ඇරඹී ඇත​. ලී , ප්ලාස්ටික්වලින් න් නිෂ්පාදිත ”හෂි” මෙන්ම රන්,රිදී,තඹ,පිත්තල​,මල නොකන වානේ වැනි ලෝහ වර්ග , පාෂාන වර්ග​, අස්ථි, ඇත් දළ, කොරල් වැන් අමුද්‍රවය භාවිත කර නිෂ්පාදිත ”හෂි” ද වේ. මිල අධික වටිනාකමකින් යුත් ”හෂි” පුරාණයේ සිටම ප්‍රභූ පවුල්වල ප්‍රයෝජනය පිනිස භාවිත කර ඇත​.

වීදුරුවලින් සෑදූ ”හෂි” ද වර්තමානයේ භාවිත වේ.ජපානයේ පිරිමින් භාවිත කරන ”හෂි” සෙ.මි 8ක් වන අතර​, ගැහැනුන් සෙ.මි 7ක පමන දිගකින් යුත් හෂි භාවිත කරයි.
කුඩා ළමුන් වෙනුවෙන් කුඩාවට සෑදූ හෂි ද තිබේ.

”Rose wood, black wood, ebony wood, maple, chest nut, black persimmon, pine, cedar, cherry,sandal wood, sweetgum, poplar, bamboo යනාදී බොහෝ ලී වර්ග ”හෂි” සෑදීමට ගනී. වර්ණ ගන්වා මෙන්ම වර්ණ නොගන්වා ද මේවා භාවිතයට ගනී.

”හෂි” භාවිතා කරන්නේ කොහොම ද​?

ජපන් ජාතිකයන් ආහාර ගැනීමේදී නැතිවම බැරි ” හෂි” තමාට හුරු අතින් භාවිතා කල හැක​. මහපට ඇගිල්ල , දඹර ඇගිල්ල , මැදගිල්ල භාවිත කර හසුරුවනු ලබන ”හෂි” භාවිතයේදී අතෙහි රදවා ගන්නා ආකාරය පිලිබදව දැනුවත් විය යුතුය​. නැතිනම් හෂිවලින් දක්‍ෂ ලෙස ආහාර ලබා ගෙන මුඛයේ තබා ගැනීම අපහසු නුහුරු කාර්‍යක් විය හැකිය​.
හෂි භාවිතයේදී සිදු කළ , නොකළ යුතු දෑ පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය​.

මක්නිසාද යත් අප සමග එක්ව ආහාර ගන්නා පුද්ගලයා අපහසුතාවයකට පත් නොවන ආකාරයෙන් හැසිරිය යුතු නිසාවෙනි.
එක් එක් රටවලදී හෂි භාවිතයේදී පිළිපැදිය යුතු කරුනු විවිධ වූවත් ජපානයේදී හෂි භාවිතයේදී පිළිපැදිය යුතු විවිධ ක්‍රම ” manners” පිළිබඳව සලකා බලමු.

”හෂි” භාවිතයේදී පිලිපැදිය යුතු කරුණු.

Mahoubashi තමා ආහාර ගන්නා හෂි භාවිත කරමින් කුමන ආහාරය බෙදා ගන්නාවා දැයි නිශ්චිත නැතිව ආහාර බදුන්වල ඇති ආහාර විපරම් කිරීම​.
sashibashi හෂිවලින් ඇන ආහාර ආහාරයට ගැනීම​.
Neburibashi හෂිවල අග කොටස හැපීම , ලෙව කෑම් .
Kakibashi ආහාර බදුන මුඛයට ලංකර හෂිවලින් මුව තුලට ආහාර දමා ගැනීම​.
Nigiribashi හෂිවලින් කෙනෙක්ට අනින්න හදන ලෙස මිට මොලවා අල්ලා ගැනීම​.
Hasi Watashi තමා ආහාරයට ගත් දෙයක් තම ”හෂි”යෙන් වෙනත් කෙනෙකුගේ තවත් ”හෂි” එමමට මාරු කිරීම​.

( මියගිය කෙනෙකුගේ ආදාහනයෙන් පසු ඉතිරිවන අස්ථි කොටස් තම පවුලේ අය ”හෂි” යෙන් ” හෂි”යට මාරු කරමින් ශරීර කොටස් බහාලන බදුනට දැමීමේ චාරිත්‍රය සිහිගන්වන නිසා අසුභ ලකුනක් ලෙස සැලකේ.)

Futaribashi එකම භාජනයෙන් දෙදෙනෙක් එකවර ”හෂි” භාවිත කර ආහාර ගැනීම​.
Hotokebashi බත් පිරවූ භාජනය උඩ ”හෂි” සිටුවා තැබීම​.       ( මියගිය කෙනෙකුගේ හිස අසලින් ආහාර බදුනක් තබන අතර එම බදුනේ ”හෂි” සිටුවා තබන නිසා එය සිහිගන්වන බැවින් එසේ නොකෙරේ)
Sagurubashi ”හෂි” භාවිත කරමින් සුප් වැනි ආහාරවල මොනවා අඩංගුදැයි විපරම් කිරීම​.
Seseribashi ”හෂි” භාවිත කර දත් පිරිසිදු කිරීම​.
Yoseibashi ”හෂි” භාවිත කර තමා වෙත ආහාර බදුන් ලං කර ගැනීම​.
Mochibashi ”හෂි” අල්ලාගත් වහාම ආහාර බදුන් ”හෂි” සමග එක්ව අල්ලා ගැනීම​.
Tatakibashi ”හෂි” වල රැදී ඇති සෝස් වැනි දියර වර්ග එහෙ මෙහේ පෙරෙන ආකාරයට ”හෂි” හැසිරවීම​.
Ukebashi ආහාර බදුන් හා ”හෂි” අතෙහි රදවාගෙන ආහාර බදුන්වලට ආහාර ඉල්ලීම​
Sorabashi කනවා යැයි ආහාර ලබාගෙන නොකා නැවත ආහාර බදුන්වලට ආහාර දැමීම​.
Sashibashi ආහාර ගනිමින් සිටින අතරතුර ”හෂි” භාවිත කරමින් මිනිසුන් පෙන්වීම​.
Kasanebashi එකම ආහාර වර්ගය ගොඩ ගසා බෙදාගෙන කෑම​.
Utsuribashi එක් බදුනකින් කමින් සිටින ගමන් තම ”හෂි” භාවිත කර තවත් වෙනත් බදුනකින් ආහාර ගැනීම​.
Kiraibashi අප්‍රසන්න හැගීම් ඇතිකරන අපිරිසිදු ආකාරයෙන් ආහාර ගැනීම​.

ඉහත සදහන් කරුනු කෑම මේසයේදී නොකිරීමට වග බලා ගැනීමෙන් අප සමග ආහාර ගන්නා අනෙකුත් අය අපහසුතාවයට පත්වීම මගහරවා ගත හැක​. ”හෂි” සෑදීමට විශාල ලී ප්‍රමාණයක් භාවිත කිරීම වර්තමානයේ විශාල පාරිසරික ප්‍රශ්නයක් බවට පත්ව ඇත​.එසේම එක් වරක් භාවිතා කරන ”හෂි” ඉවත දැමීම සිදු කරන බැවින් වර්තමානයේ ඒවා විසිතුරු භාණ්ඩ නිර්මමාණය කර නැවත භාවිතයට ගැනීම සිදු වේ. එසේම මේසය මත ”හෂි” තැබීමට ”හෂි ඔකි” හෙවත් ”හෂි” රඳවනයක් භාවිතා කෙරේ. ජපන් ජාතිකයෝ තමන්ටම වෙන්වූ ”හෂි” භාවිතා කරති. ඒවා ”මයි බෂි” ලෙස හැදින්වේ. ”හෂි” මේසය මත තැබීමේදී කතිර හැඩයට තබනු නොලැබේ.

ඉහත කරුණු පිලිබඳ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි. මෙම කරුණු පිලිබඳව දැනුවත්ව සිටීමත් , අවබෝධයක් තිබීමෙන් ජපානයට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ජපනිනුන් ඉදිරියේ ජපනෙක් ලෙස අපහසුතාවයට පත් නොවී ආහාර ගැනීමට ප්‍රයෝජනවත් විය හැක​.

rf : japan

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views