ජපානය කියූ සැනින් ඕනෑම පුද්ගලයෙකුගේ සිතට නැගෙන්නේ සුන්දර රටකි.එපමණක් නොව ,අද වන විට ලොව ධනවත්ම හා ඉහලම කාර්මික ඥානය හිමි රට බවට ජපානය පත්ව ඇත.නමුත් මේ ආකාරයේ දියුණුවක් වසරකින් හෝ දෙකකින් ලගා කරගත්තක් නොව,එය ජිවිත පරිත්‍යාගයෙන් හා උත්සාහය හා කැපවීම මත ලගා කරගත්තකි.
“ජපානය”– අප සියල්ලන් තුළ ජපානය පිලිබදව ඇත්තේ ඉතාමත් හොද ආකල්පයකි.ඒ නිසාවෙන්ම ඔවුන් අලුත් නිෂ්පාදනයක් කලද,නව සොයා ගැනීමක්,නව ඉදිකිරීමක් කලද ඒ පිලිබදව පුදුමයට පත්වීම හැර ඉන් එහාට යමක් සිතීමට අප තුළ පෙළඹීවීමක් සිදු නොවේ.අද වන විට ජපානය අත්පත්කරගෙන ඇති සංවර්ධනය නිසාම එය නිතැතින්ම අපගේ සිතේ ඇතිවන්නකි.නමුත් එවන් සංවර්ධනයට,සුන්දරත්වයට එහා ගිය සැගව ඇති කටුකත්වය දෙස වරක් හෝ සිතා බැලීම ලාංකිකයන් වන අපටද ජාතියක් සේ එක්ව නැගී සිටීමට පිටුවහලක් වනු නිසැකය.
දෙවන ලෝක යුධ සමයේ ඇතිවූ බලපෑම
දෙවන ලෝක යුධ සමයේ ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙලීම ජපානය මුළුමනින්ම කඩා වැටීමට හේතු විය.ඒ අනුව 1945 අගෝස්තු මස 6 වන දින ජපානයේ හිරෝෂිම නගරයටත්,1945 අගෝස්තු මස 9 වන දින නගසකි නගරයටත් පරමාණු බෝම්බ හෙලීම හේතුවෙන් ලක්ෂයකට අධික ජනතාවක් මියගිය අතර නගර දෙකම සුන්බුන් බවට පත්විය.
නගසකි නගරය බෝම්බ හෙලීමට පෙර සහ පසු
විනාශයට පත්වූ හිරෝෂිම නගරය
ජපානයේ නැගී සිටීම
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක බලවතෙකුගේ තත්වයට නැගී සිටි ප්‍රධානතම ආසියාතික රාජ්‍යය වන්නේ ජපානයයි.යුද්ධයෙන් විනාශවීමෙන් පසු වසර 72 කට ආසන්න කාලයක් තුළ ජපානය අත්කරගෙන ඇති දියුණුව ඇත්තෙන්ම විශ්මයජනකය.
ආර්ථික සංවර්ධනය ඉතා ඉහළ මට්ටමක පවතින ජපානය,නවීන තාක්ෂණය උපරිම ලෙස යොදා ගන්නා රටක් ලෙස හැදින්විය හැක. කර්මාන්තවල දැකිය හැකි දියුණුව මෙන්ම ජපන් නිෂ්පාදනවල දැකිය හැකි යහපත් නිමාව,කල් පැවැත්ම වැනි ගුණාත්මක ලක්ෂණ හේතු කොටගෙන ජපානයේ නිෂ්පාදිත භාණ්ඩ ලොව පුරා ඉහළ පිළිගැනීමක් ඇත.
තාක්ෂණික දියුණුව
නැව් තැනීම,සිඝ්‍රගාමී දුම්රිය,රොබෝ තාක්ෂණය,රුපවාහිනී,රේඩියෝ,ශීතකරණ,ගෘහ විදුලි උපකරණ ආදී සෑම අංශයකින්ම ලොව ප්‍රමුඛ ස්ථානයක් ගැනීමට ජපානයට හැකිව ඇත.එලෙසම ලොව මෝටර් රථ නිෂ්පාදනය අතින් බලවත් රටක් ලෙස නමක් දිනා ගැනීමටද අද වන විට සමත්ව ඇත.
“ජපන්නු හපන්නු” යන කියමන ඒ අයුරින්ම සනාථ කරමින් ජපානය අද වන විට ලොව උසස්ම ජිවන තත්වයක් ඇති රටවල් අතරින් එකක් බවට පත්ව ඇත.ඔවුන් සාම්ප්‍රදායික කලාවන් සහ සංස්කෘතිය රැකගනිමින් නවීන තාක්‍ෂණය හා යහපත් ආකල්ප තුළින් දියුණු ජාතියක් බවට පත්ව ඇත.
සිතන්නට යමක්…
මා උපන් දවසේ සිට අද වන තුරුම අසා ඇත්තේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසයි.මගේ මව පියාද මීට වසර ගණනාවකට පෙර එලෙසම ඉගෙනගන්නට ඇත.අදින් මතුවට උපදින දරුවන්ටද එය කොතෙක් කල් ඇසීමට සිදුවනු ඇත්දැයි මා නොදනිමි.
වසර 30 ක් තිස්සේ පැවති යුද්ධය නිමවී දැනට වසර 8ක් ගතව ඇතත් රටක් ලෙස අප ගමන් කරන්නේ කුමන මාවතකදැයි වරක් දෙවරක් නොව දස දහස් වරක් සිතා බැලිය යුතු කරුණකි.කෙසේ නමුත් රටක සංවර්ධනය භෞතිකව මෙන්ම අධ්‍යාත්මිකවද සිදු විය යුතුය.ජපානය “එදා සහ අද” දක්වා ලබා ඇති දියුණුව ගෙනහැර දක්වමින් මා කියන්නට උත්සහ දරන්නේද එයමය.එය තනි පුද්ගලයෙකුට හෝ කොටසකට සිදුකළ හැක්කක් නොව,සියල්ලන් එක්ව රටේ යහපත උදසා සිදු කල යුත්තකි.
එලෙස කටයුතු කිරීම මතු අනාගතයේ දවසක හෝ “ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි” යනුවෙන් පුනපුනා පවසන වාක්‍යයට තිත තැබීමක් වනු ඇත.