Culture

ජපානය ලෝකය හා සම්බන්ධ කරන Anime!

  • このエントリーをはてなブックマークに追加

Anime කිව්වම ඕනෑම කෙනුකට ජපානයේ anime සිහියට නැගෙනවා නිසැකය. මා මෙය ලිවීමට පෙර you tube හි ඇති anime සම්බන්ද comment කිහිපයක් පිලිබදව අවදානය යොමු කරන්න කැමතිය.එහි සදහන් වුයේ “ජපානය ඇත්තෙන්ම anime වල වගේමද” “ජපන් පාසල් ඇත්තෙන්ම anime වල වගේමද?” ඇත්තෙන්ම එහි වූ comment දුටු විට මට හැගුන දෙයක් නම් ඇත්තටම anime බලන ගොඩක් දෙනාගේ සිතුවිලි වන්නේ ජපානය cartoon රටක් ලෙසටය. සමහරුන් anime මගින් ජපානය පිළිබද ආශාවක් ඇති වී ජපානයේ ජීවත් වීමට කැමැත්තක් දක්න්වන අතර ජපානයට ගිය විට වැටහෙන දෙයක්නම්  anime හා එතරම් ප්‍රබල සමානකම් දක්නට නොමැති වීමයි. කෙසේ වෙතත් ජපනුන් මෙන්ම ලෝකයේ බොහෝ දෙනෙක්ගේ අවදානය යොමු වී ඇති anime පිලිබදව මෙහිදී මම කෙටි හැදින්වීමක් කිරීමට කැමතිය.

anime බොහෝවිට ජපානයේනම් කුඩා ළමුන් අතර විශේෂයෙන් ජනප්‍රියයි. ඒ වගේම තරුණ ළමයින් අතරද එතරම්ම ජනප්‍රිය වුවත් එය ප්‍රකාශ නොකරන්නේ දැයි හැගේ. එමෙන්ම ජපානයේ animeහි ඇති චරිත උපයෝගී කර ගනිමින් විවිද නිෂ්පාදන මෙන්ම අවන්හල් ද සකසා ඇති බව සදහන් කිරීමට කැමතිය. anime බොහෝ විට ජපානය ලෝකය හා සම්බන්ද කරන තවත් එක් මාර්ගයක් ලෙස හැදින්විය හැකිය. විදේශිකයන් බොහොමයක් anime හරහා ජපානය ගැන බොහෝ දේ දැන හැදින ඒ හරහා ජපානයේ සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවද වැටහේ.

ජපානයේ anime තේමාවට යොදා ගනිමින් සැකසුනු අවන්හල් දක්නට ලැබේ.එහි සිටින සේවිකාවන්ද එම animeහි ඇති චරිතයකට සමාන ආකාරයකින් සැරසී සිටි.එය ඇත්තෙන්ම සිත් ඇද ගන්නා දර්ශනයකි. උදාහරණයක් ලෙස:Maid cafe මෙය ජපානයේ anime හා සම්බන්දව පවත්වාගෙන යන අවන්හලක් වන අතර ජපානයේ ප්‍රසිද්ධියට පත්ව යමින් පවතී

ජපානයේදී දුටු තවත් දෙයක් නම් කුඩා ළමුන් එවන් anime වල  කුමක් හෝ චරිතයකට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් එම චරිතය මගින් සකසා ඇති විවිද දේ මිලදී ගැනීමට උනන්දුවක් දක්වයි. එහෙමන්ම ඒ චරිතය ආකාරයට විලාසිතා කිරීමටද කැමැත්තක් දක්වයි. 

koi to uso, kakegurul,Naruto තරුණයන් අතරද One piece,Dragon ball super,droyomon කුඩා ළමුන් අතරද බොහෝ ලෙස ජනප්‍රිය වූ anime වේ.

තවත් දෙයක් නම් ජපානයේ game ක්‍රීඩා කිරීම ඇත්තෙන්ම ඉහලය එහි ප්‍රතිපලයක් ලෙස බිහි වූ pokemon game එක anime දක්වා වර්දනය වූ අවස්ථාද ඇති අතර එහි චරිත යොදා ගනිමින් නිපද වූ විවිධ වෙළද භාණ්ඩද දක්නට ලැබෙයි. 

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views