ත්‍රාසජනක ක්‍රීඩා කිවූ සැනින් අප ලාංකිකයින් ලෙස සිහියට නැගෙන්නේ ලාංකික අප නෙත ගැටෙන ක්‍රීඩා වේ . එනම් , මොනවාද ? මා අදහස් කරන්නේ අපට සහභාගී වී සිදු කළ හැකි ත්‍රාසජනක ක්‍රීඩා ය . එනම් , කතුරු ඔන්චිල්ලාව ඉන් ප්‍රධාන වේ . අප රටේ ජපානයේ කොරියාවේ මෙන් වඩා බියජනක වන ක්‍රීඩා දක්නට ලැබෙන්නේ නැත . එබැවින් ජපානයේ හෝ කොරියාවේ ගිය අවස්ථාවේදී අප එම ත්‍රාසජනක ක්‍රීඩා දුටු විට , අප පුදුමයෙන් පුදුමයට පත් වනු ඇත .
Amusemet Park වලට ඔබ ගොස් තිබේද ?
Amusement Park යන ඉංග්‍රීසි වචනයට සිංහල භාෂාවෙන් ඊට ගැලපෙන වචනයක් එලෙසින්ම ලබාදීම අපහසු යයි සිතමි . මක්නිසාදයත් , ලංකාව තුළ එවැනි ත්‍රාසජනක අත්දැකීමක් ලබාගත හැකි ස්ථානයක් නොමැති නිසාවෙනි . එහෙත් Leisure World වැනි ස්ථාන වලින් ලංකාව තුළදී , යම් ආකාරයක එවැනි ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගැනීමට හැකි වුවද එය ජපානයේ ඇති Amusement Park වලට සමාන කිරීමට නොහැකිය .
ජපානයේ , කොරියාවේ ඇති ත්‍රාසජනකම ක්‍රීඩා කෙසේද ?
ඔබත් ජපානයේ ඩ්ස්නිලන්තයට ( Disneyland ) හෝ කොරියාවේ lotte world , Everland හි සංචාරය ලද ලාංකිකයකු නම් එහි ස්වභාව හොද හැටි දන්නවා ඇත . මා හට නම් එම ත්‍රාසජනක අත්දැකීම මතක් වන විට පවා ඇස අදහා ගත නොහැකි තරම්ය . එය ආවර්ජනය කරන විටද අමුතුම හැගීමක් සිතට දැනේ .
තවද , ජපානයේ ඇති Fuji Q Highland නම් Amusement Park හි Roller Coaster ද ඉතාම ත්‍රාස ජනක අත්දැකීමක් ලබාගත හැකි ස්ථානයකි . එසේම කොරියාවේ ඇති Amusement Park හි දක්නට ලැබෙන ත්‍රාසජනක ක්‍රීඩා ද , ජපානයට දෙවැනි නැතැයි සිතමි .
එම ක්‍රීඩාවන්හි නියැලෙන විට දැනෙන හැගීම
ත්‍රාසය යනු බියමුසු අත්දැකීමක් වන්නේ කෙසේද යන්න හොදාකාරවම වැටහෙන්නේ මෙම Amusement Park වෙත ගොස් ඔබත් එම ක්‍රීඩාවන්හි නියලුනොත් පමණකි . ඒ තරමටම එම අත්දැකීම සදා මතකයේ රැඳෙන අත්දැකීමක් වනු නිසැකය .
මා අත්විදි අත්දැකීම ඔබ හා සමග බෙදා ගන්නවා නම් , මා සහභාගී වන්නට වූ එම ක්‍රීඩාවේ එම ක්‍රීඩාව කරන Roller coaster බඳු ස්ථානයට නැග අසුන්පටි තද කරගත් විට මා සිත භීතියකින් වෙලී යන්නට වුයේ එය කරකැවෙමින් , සෙමින් සෙමින් වේගවත් වෙමින් ඉහළටම ගමන් කරන නිසාවෙනි .
අදහගන්නටත් නොහැකි විදුලි වේගයෙන් ක්‍රීඩා උපකරණය කැරකෙන්නට වූ විට එහි සිටි සියලු දෙනාත් සමග මා ද කෑ ගසන්නට වුයේ දැනෙන්නට වූ නුපුරුදු බිය නිසාවෙනි . !!!!!!!!!!!!!!
අවධානය යොමු කළ යුතු දෙය නම්……
ඔබ ජපානයේ හෝ කොරියාවට ගියේ වී නම් , මෙම Amusement Park ඇති ස්ථාන වෙත බොහෝ දුරට සංචාරයේ යෙදෙන්නට ඉඩ ඇත .එබැවින් ලාංකික අපට මෙය නවමු අත්දැකීමකි . එසේ හෙයින් , අත්හදා බැලීමට එවැනි ක්‍රීඩාවක නියුතු වීම වරදක් නැති වුවද , එය ඉතා ත්‍රාසජනක බැවින් තමාට කල නොහැකි සේ හැගේ නම් , කිසි විටෙක එය අත්හදා බැලීමට උත්සහ නොකරන්න .
මක්නිසාදයත් , එය අත්හදා බැලීමට ගොස් ජීවිතය අනතුරේ හෙලා ගැනීමෙන් වළකින්න . එම ක්‍රීඩාවන්ට සහභාගී වන ස්ථානයේද එය ප්‍රදර්ශනය කර තිබේ . එනම් , තමාට දරාගැනීමේ ශක්තියක් නොමැති නම් , එය සිදු නොකරන ලෙස යන්නයි .