Japanese

How to learn Japanese easily – Lesson 10

  • このエントリーをはてなブックマークに追加

                                     පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්..

 තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි නවවන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා .   ජපන් භාෂාවේ නාම  විශේෂණ එනම් いけいようし  (” i  ” keiyōshi )  සහ  なけいようし  (” Na ” keiyōshi)   ‘ ඉ ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ සහ   ‘ න’ අකුරෙන් අවසන් වන නාම විශේෂණ පිළිබඳව නවවන පාඩමේ සඳහන් වුණා . දහවන  පාඩම මඟින්  ජපන් භාෂාවේ එන එම  විශෙෂණ පද , ක්‍රියා පද  සමඟ  යෙදෙන ආකාරය විමසා බලමු . මෙලෙස ක්‍රියා පද සමඟ විශේෂණ පදයක් යෙදුන විට එය “ක්‍රියා විශේෂණ ”  පදයක් බවට පත් වේ.නමුත් ජපන් භාෂාවේ “ ii ” keiyōshi  හා  “ Na ” keiyōshi  ක්‍රියා පද සමඟ  යෙදෙන ආකාරය වෙනස් වේ.

පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් දහවන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

                                  දහවන පාඩම

 

  1. いけいようし (” ii ” keiyōshi) ක්‍රියා පද සමඟයෙදෙන ආකාරය.

 

ii අකුරින් අවසන් වන විශේෂණ පදවල ( “ ii ”  keiyōshi) අවසානයට ඇති  ii  අකුර ඉවත් වී ඒ වෙනුවට  ku අකුර එකතු  වේ.

 

 

   +           ~く

ii                             ~ ku

 

Hayai                             Hayaku

Nagai                             Nagaku

 

             ~く                 ~どうし

ii                        ~ku                            ~ verb

 

Hayai                       Hayaku                       Okimas(u).

Osoi                         Osoku                         Nemas(u).

 

かのじょは おいしく りょうりうを つくります。

kanojo wa ryouri wo oishiku tsukurimas(u).

ඇය රසවත්ව කෑම හදනවා

 

 

 

2. な けいようし (Na” keiyōshi) ක්‍රියා පද සමඟ යෙදෙන ආකාරය.

 

Na අකුරින් අවසන් වන විශේෂණ පදවල (Na keiyōshi) අවසානයට ඇති Na අකුර ඉවත් වී, ඒ වෙනුවට Ni අකුර එකතු  වේ.

 

                      ~に

Na                                ~Ni

 

Kireina                              Kireini

Jōzuna                              Jōzuni

Shizukana                         Shizukani

Genkina                            Genkini

 

               ~に                 ~どうし

Na                        ~ Ni                         ~ verb

 

kireina                         kireini                         kakima(u).

 

彼は絵をきれいにかきます。

kare wa e wo kireini kakimas(u).

ඔහු ලස්සනට චිත්‍ර අදිනවා

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views