SCHOOL in JAPAN

ජපානයේ ජපන් භාෂා පාසල් විශාල වශයෙන් දැකිය හැකි නමුත් අධ්‍යාපනය සදහා සුදුසුම සහ හොදම පාසල තෝරා ගැනීම නිසි ආකාරයෙන් සිදුකළ යුත්තකි.මෑතකාලීනව ජපානයේ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවන සිසුන්ගේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකි වුවත් ඒ සදහා නිවැරදි මගපෙන්වීමක් සිදු නොවීම කනගාටුවට කරුණකි.

ඔබ තෝරාගත් ආයතනය විශ්වාසදායි ආයතනයක්ද??

ජපන් අධ්‍යාපනය සදහා යොමුකරවනු ලබන ආයතන ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැකි වුවත්,බහුතරයක් විශ්වාසදායි ආයතන සේ සැලකිය නොහැක.සීමා සහිත පාසල් ගණනකට යොමු කරචිම,ගුණාත්මකබව නොසලකා මුදල් පරමාර්ථයෙන් පමණක් කටයුතු කිරීම යනාදි කරුණු බොහොමයක් ආයතනවල අරමුණු වේ.

උසස් තත්වයේ භාෂා පාසලක් තෝරා ගත යුතු ආකාරය

බොහෝ ආයතන මගින් යොමු කරනු ලබන පාසල් උසස් තත්වයේ පාසල් ලෙස සැලකිය නොහැක.ඔවුන් හුදෙක් මුදල් පරමාර්ථයෙන් පමණක් සිසුන් යොමු කරන බැවින් පාසල්හි ගුණාත්මකභාවය පිළිබදවද විමසා බැලීමක් සිදුනොකරයි.

පාසලක ගුණාත්මකබව තීරණය කල හැකි එක් කරුණක් ලෙස විවිධ රටවලින් පැමිණි ශිෂ්‍යයන් සිටීම දැක්විය හැක.බොහෝ පාසල්වල බහුතරය චීන ජාතින්,නේපාල ජාතින් සහ වියට්නාම ජාතින්ට සිමාවන අතර එවන් පාසල් ගුණාත්මක පාසල් සේ නොසැලකේ.එවන් පාසල්හි කණ්ඩායම් වශයෙන් ඒ ඒ ජාතින් එක්ව තමන්ගේ මව් භාෂාව පමණක් නිරන්තරයෙන් භාවිත කිරීම හේතුකොටගෙන ජපන් භාෂාව කතා කිරීමට ඇති අවස්ථා අඩුවීම ඊට හේතුවයි.

ඒ අනුව පාසලකට අයදුම් කිරීමේදී, විවිධ රටවලින් සිසුන්ගේ පැමිණීම මුලිකවම විමසා බැලීම වැදගත් වේ.ගුණාත්මක බවින් ඉහළ පාසල්වල සිසුන් ඇතුළත් කරගැනීමේදී විදිමත් ලෙස සීමාසහිත සිසුන් ඇතුලත්කර ගැනීම සිදු කෙරේ.අප ආයතනය මගින් යොමු කරනු ලබන පාසල්හි ආසියාතික රටවල් වල සිසුන් පමණක් නොව යුරෝපිය සිසුන්ද ඇතුළත්කර ගැනීම වැදගත් කොට සලකනු ලබයි.

Japanese School in Japan.

බොහෝ පාසල්වලට ලාංකික සිසුන් ඇතුළත් කර ගැනීමට අකමැති වන්නේ ඇයි?

අපගේ ආයතනය මගින් භාෂා පාසල් 20 කට අධික ප්‍රමාණයක් හදුන්වාදෙනු ලැබුවත් බොහෝ පාසල් සදහා ලාංකික සිසුන් ඇතුළත්කර ගැනීමට අකමැත්තක් දක්වයි.බොහෝ විට ලංකාවේ සිසුන් පස්දෙනෙකු ඇතුළත්කර ගැනීමට වඩා තායිවාන් එක් සිසුවෙක් ඇතුළත් කරගැනීම වඩාත් හොද යැයි පවසන පාසල් ඒ අතර වේ.

මේ දක්වා ජපානයේ ඉගෙනුම් ලැබූ සිසුන්ගේ ක්‍රියාකලාප ඊට මුලිකවම හේතු වී ඇත.ඒ අනුව ජපානයේ නීතිවිරෝධී ලෙස රැදී සිටීම යනාදී හේතු මුල් කොට ගනිමින් ලංකාවේ සිසුන් සදහා ජපානයට ඇතුළත්වීමේ නීති දැඩිකොට ඇත.මේ වසරේ සිට වඩාත් දැඩි ලෙස නීති රීති ක්‍රියාත්මක වන අතර බොහෝ සිසුන් මුදල් ඉපයීමේ අරමුණින් පමණක් ජපානයට පැමිණීමද නීති රීති දැඩි වීමට තවත් හේතුවක් ලෙස දැක්විය හැකිය.

සැබවින්ම මුදල් ඉපයීමේ අරමුණින් පමණක් ජපානයට පැමිණීම අනුමතකල නොහැක.විදේශිකයන් හට එතරම් ලොකු වැටුපක් නොලැබෙන අතර ඊට සාපේක්ෂව දෛනික වියදමද වැඩිය.මේ හේතුවෙන් මුදල් ඉපයීමේ අරමුණ ඇත්නම් ඔස්ට්‍රේලියාව වැනි රටකට යාම වඩාත් වාසිදායක වනු ඇත.

අර්ධකාලීන රැකියා (Part-time Jobs)

බොහෝ අවස්ථාවලදී වැඩිදෙනා විමසන කරුණක් වන්නේ අර්ධකාලීන රැකියා සොයා දෙන්නේද යන්නයි. සැබවින්ම ජපන් භාෂාව කතා කිරීමට නොහැකි නම් රැකියා අවස්ථා ලබාගැනීම අපහසු වේ.බොහොමයක් සිසුන් ජපන් භාෂාව නොදැනුවත්කම නිසාම බොහෝ විට අපහසුතාවට පත්වේ.අවම වශයෙන් N2 මට්ටමේ දැනුමක් ඇත්නම් රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාව ඇත. නිසි ආකාරයෙන් භාෂාව ඉගෙනීමෙන් අනතුරුව ජපානයට යන්නේ නම් අවන්හල් සුපර් මාර්කට් යනාදියේ part-time වැඩ කිරීමේ හැකියාව ලබාගත හැක.

දෛනික වියදම සහ පාසල් ගාස්තු

බොහෝ අවස්ථාවලදී විමසන කරුණක් ලෙස මෙය දැක්විය හැකි අතර ප්‍රදේශ වලට අනුව එය වෙනස් වේ.උදාහරණයක් ලෙස කොළඹට සාපේක්ෂව වෙනත් ප්‍රදේශයන්හි වියදම වෙනස් ආකාර ගන්නා ලෙසම,Tokyo හි ජීවත්වන්නේ නම් වියදම වැඩි වන අතර Hokkaido,Okinawa වැනි ප්‍රදේශයන්හි වියදම ඊට සාපේක්ෂව අවම වේ.

පාසල් ගාස්තු වුවද ප්‍රදේශවලට අනුව වෙනස් වේ.අර්ධ කාලීන රැකියා සදහා ගෙවන මුදල් ප්‍රමාණය සලකා බැලුවද Okinawa ප්‍රදේශ වලට සාපේක්ෂව දෙගුණයක පමණ ගෙවීම් Tokyo හි දැකිය හැකි වේ.

මේ අනුව මුලිකවම කිනම් ප්‍රදේශයක පාසලකට ඇතුළත් වන්නේද යන වග තීරණය කීරීම වැදගත් වේ.

අවසන් වශයෙන්..

ජපානයේ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවන ඔබට අතහිත දීමට අප ආයතනය නිරන්තරයෙන් බැදීසිටියි.ජපානයට පැමිණි පසු ආයතනයේ ගෞරවය රැකෙන පරිදි ඉගෙනිම් කටයුතු වල නිරතවීම ඔබගේ වගකීම වන අතර ජපානයේ නීතිරීති වලට පරිභාහිරව සිදු කරනු ලබන හැසිරීම් ආයතනයේ විශ්වසනීයත්වය පළුදුවීමට හේතු වනු ඇත.

ජපන් භාෂාව ඉගෙනීමට උනන්දුවක් දක්වන සහ ජපානයට ඇලුම්කරන ඔබට විශ්වසනීයත්වයෙන් අප ආයතනය හා එක්වීමේ හැකියාව ඇති බව සතුටින් දන්වා සිටින්නෙමු.