ලෝකයේ විදේශගමන් බලපත්‍රය ශ්‍රේණි ගත කිරීම! ලංකාවේ ස්ථානය කුමක්ද? ජපානය, චීනය, තායිවානයේ ස්ථාන මොනවාද?
අපගේ Fb පිටුව මගින් ඔබට තායිවානය පිලිබදව බොහෝ තොරතුරු ඇතුලත් ලිපි රැසක් ලිය ඇතත් ලාංකිකයන් අතර තවමත් තායිවානය පිලිබදව එතරම් දැනුමක් අවබෝධයක් නොමැති බව වැටහේ. එමනිසාම තව තවත් තායිවානය පිලිබදව මා දන්නා තොරතුරු රැසක් ඉදිපත් කිරීමට සුදානම් වේ.
තයිවනයත් චීනයත් වෙන්වෙන් වූ රටවල් දෙකකි!

මෙය වරදවා වටහා ගෙන ඇති බොහෝ දෙනක් සිටිනවා විය හැකිය. බොහෝ දෙනක් සිතා සිටින්නේ තායිවානය චීනයේ කොටසක් ලෙසටය. ඇත්තෙන්ම එය නිතිමය වශයෙන් තවමත් වෙනම රටක් ලෙසට පිළිගැනුණේ නැතත් තායිවාන් ජාතිකයන් ඇත්තෙන්ම ඔවුන්ගේ රට පිලිබදව මහත්සේ ආඩම්බර වෙයි. තායිවානයට ගියහොත් මොබට මෙය වඩාත් පැහැදිලිව දන ගැනීමට පිළිවන.

එහි අර්ථය වන්නේ ජපන් ගමන් බලපත්‍රයක් ඇති ඕනෑම කෙනෙකුට විසා රහිතව රටවල් 190ක් සදහා ගමන් කිරීමට හැකි වීමයි. දෙවන ස්ථානය හිමි වන්නේ සිංගප්පූරුවටයි. සිංගප්පූරු ගමන් බලපත්‍රයට රටවල් 189 සදහා විසා රහිතව ගමන් කල හැකිය. චීනය අංක 71 වන අතර විසා රහිතව ගමන් කල හැකි රටවල් ප්‍රමාණය 74කි. ඒ වගේම තායිවානයට 29 වන ස්ථානය හිමිවන්නේ විස රහිතව ගමන් කල හැකි රටවල් ප්‍රමාණය 148 වී ඇති නිසාය. චීනය හා සැසදීමේදී තායිවානය ඇත්තෙන්ම ඉතා ඉහල ස්ථානයක සිටින බව පෙනේ. මගේ මතකයේ හැටියටනම් අවුරුදු 10කට පෙර ජපානය සදහා ඇතුල් වීමට තායිවාන ජාතිකයන්ට විසා අවශ්‍ය වුවත් වර්තමානය වන විට තායිවාන විදේශ ගමන් බලපත්‍රය ශක්තිමත් වී ඇත. තායිවානය රාජ්‍යතාන්ත්‍රික සබදතා පිලිබදව අවදානය යොමු කර ඇති බවක් පෙනෙයි.https://www.henleyglobal.com/henley-passport-index/
https://www.henleyglobal.com/files/download/HPI2018/PI%202018%20INFOGRAPHS%20GLOBAL%20181008.pdf
