Thaiwan

ජපානය Vs තායිවානය​!

  • このエントリーをはてなブックマークに追加

ජපානය Vs තායිවනය!

වටපිටාව

ඔබ කවුරුත් දන්නා විදියට ජපානය කියන්නේ ඇත්තෙන්ම ඉතා පිරිසිදු ලස්සන රටක්. ජපානයේ සෑම දේම ඉතා පිළිවෙලකට දක්නට ලැබීම ජපානයේ විශේෂත්වය කියලා කියන්න පුලුවන්. ජපානයේ මාර්ග පද්ධතිය සහ එහි ගමනාගමනය හරිම විනයාකූලයි!
තායිවානය  ගත්තොත් ජපානය හා සැසදීමේදි ටිකක් වෙනස්. ඇත්තෙන්ම තායිවානය ජපානය තරම් බැලූ බැල්මට ලස්සන පිළිවෙල රටක් නොවුනත් ඉතා දියුණු රටක් කියලා කියන්න පුලුවන්. තායිවානයේ දකින විශේෂ දෙයක් තමයි තායිවාන් ජතිකයන් ගේ ඇති සුහදශීලීත්වය. තායිවානයේද ජපානය මෙන්ම ඉතා දියුණු ගමනාගන පද්ධතියක් දක්නට  ලැබෙන අතර තාක්‍ෂණය අතින් ඉතා ඉහලින් සිටින රටක් ලෙසද හැදින්විය හැකිය. පරිගණක නිර්මාණ යන්ගෙන්ද ඉහල තලයක සිතින රටක් ලෙස හැදින්විය හැකිය

ඉපැයිය හැකි මුදල සහ වියදම

ජපානයේ Part time කරලා උපයන තරම් තායිවානයේ ඉපැයිය  නොහැකි වුවත් වියදම ඉතා අඩු බව කිව යුතුය. ජපානයේ උපයන මුදලට සපේක්‍ෂව වියදම ඉතා ඉහලයි. තායිවානයේ වියදම් වන මුදලට සාපේක්‍ෂව ඉපැයිය හැකි මුදල ඉහලයි. එහිදී ඔබට ලැබෙන වාසියනම් ඔබ උපයන මුදල ඉතිරි කර ගැනිමට හැකියාව ලැබීමයි.

භාෂාව

මෙහිදී ජපානය ගැන කීමේදී විශේෂයෙන්ම ජපන් භාෂාව අමතක කල නොහැකියි. ජපානට යන ඕනෑම කෙනෙකු ජපන් භාෂාව ඉගෙන ගැනීම අනිවර්‍ය බව ඔබ කවුරුත් දන්නා කරුණකි. එසේම කාලයක් පමණ ජපන් භාෂාව ඉගෙන ගත්තද ඔබට එමගින් ලබෙන ප්‍රතිලාභ ඉතා සීමිත ප්‍රමාණයක් වේ. එහෙත් තායිවානයේ භාවිතා වන්නේ චීන භාෂාවයි. චීන භාෂාව ලොකයේ පළමුවන තැනට භාවිතා වන නිසා ලොකයේ බොහෝ තැන් වලදී අවශ්‍ය වන අවස්ථා බහුලයි. උදාහරණයක් වශයෙන් මේවන විට ලංකාවේ චීන සමාගම් රැසක් ස්ථාපිත කර ඇති අතර එය ඒ සදහා චීන භාෂාව හැසිරවිය හැකි සේවකයන් ඔවුන්ට අවශ්‍ය වී ඇත.
අවසාන වශයෙන් ඇත්තෙන්ම ජපානයට යා හැකිනම් එය ඉතා වටිනා අවස්ථාවක් වුවත් මේ වන විට අත්වී ඇති වීසා ප්‍රතික්‍ෂප වීම මගින් ජපන් සිහිනයට ලගා වීමට තරමක් අපහසුය. එහිදී ඔබට හදුන්වාදෙන විකල්ප මාර්ගයක් ලෙස තායිවාන් ශිෂශ්‍ය වීසා හදුන්වා දීමට කැමතියි. ඇත්තෙන්ම ජපන් වීසා ප්‍රතික්‍ෂප වූ පසු නැවත අයදුම් කීරීම එතරම් සර්ථක නොවේ. එමෙන්ම ඒ හේතුවෙන් වෙනත් රටවල් සදහා අයදුම් කිරීමට කැමති ඔබට මෙය ඉතා හොද අවස්ථාවකි. එමෙන්ම අයදුම් කිරීමද පහසුය. මුලික භාෂා දැනුම අවශ්‍ය වන්නේ නැත. බැංකු ගිණුම් වාර්තාද අවශ්‍ය වන්නේ ලක්‍ෂ 6ක වැනි අවම ශේෂයකි.
  • このエントリーをはてなブックマークに追加

Views