Japanese

ජපන් ළදකට පෙම් බැඳී නම්……..

  • このエントリーをはてなブックマークに追加

ආයුබෝවන් ආයුබෝවන් …..

ජපන් ළදේ සයොනාරා ….

සකුරා මල් ලොව මල් කුමරී ….

පෙම් සිහින සැබෑ වේවි …..

ලාංකික පිරිමි නෙතක් ජපන් ළදකට සිත බැදී නම් ….

ආදරය නම් වචනයෙන් කිව නොහැකි තරම් ප්‍රබල වූ හැගීමකි , එහෙත් , රටවල් 2ක් අතර ආදරයක් ඇති වුවහොත් කුමක් වේද ? ඒ ආදරයට ඉඩක් ලැබේද ? අපේ සාමානය ව්‍යවහාරයේ නම් කියනු ලබන්නේ , ” සිත ගිය තැන මාලිගාව “ , ආදරයට වයසක් , උස පහත් භේදයක් බල නොපාන බවයි . එහෙත් මෙවැනි පෙමකට අප සමාජයේ දෙනෙත් කෙසේ විවර වේද ?…

ලාංකික මාපියන් නම් මෙවැනි බැදීමකට කිසිදා ඉඩ නොදෙනු ඇත . මන්දයත් අප සංස්කෘතියට එය වෙනස් නිසාවෙනි . එහෙත් , සත්‍ය වශයෙන්ම එකිනෙක යාවුණු ආදර හදවත් දෙකක ප්‍රේමය දෙදරා යාමට ඉඩ දීම සාධාරණ වේද ?

 

                  

 

 

 සැබෑ ආදරයට කිනම් බාධා වුවද එක්විය යුතු නොවේද ?

සංස්කෘතිය අනුව ආකාර දෙකකට හැඩ ගැසුණු දෙදෙනෙක් වුවද , තම ආදර ජීවිතය හමුවේ එකිනෙකා අවබෝධ කර ගනිමින් දිවිගෙවීමට උත්සහ දරයි නම් එය අපහසු දෙයක් නොවනු ඇත .

 

 

 මළගිය ඇත්තෝ නවකතාව ඔබ අසා තිබේද ?

ආදරයට ආදරය කිරීමට හැකිවන්නේ ආදරයෙන් බැඳුණු දෙදෙනාම එකම සිත් ඇතුව සිටී නම් පමණි . මළගිය ඇත්තෝ නවකතාවෙහි සඳහන් ලෙස ලාංකික පිරිමියකු වූ දෙවොන්දරා සන් , ජපන් ළඳක් වූ නොරිකෝ සන් ට ප්‍රේම කරයි . එහෙත් විවධ නොගැළපීම් හමුවේ එකිනෙකා අවබෝධ කර ගැනීමෙහි අදක්ෂ වේ .

එහෙයින් , එසේ වූ පමණින් සියලු දේ , මෙවැනි බහු සංස්කෘතික විවාහ දෙදරා යාවි යයි නිගමනයකට එලබීම කිසිසෙත් යෝග්‍ය නොවන්නේ යයි සිතමි .

 

 

 මා මෙසේ ලිපියක් ලිවීමට අදහස් කළේ …. .???

මගෙන් දිනක් ජපන් ජාතිකයෙන් විමසන ලද ප්‍රශ්නයක් වුයේ , ජපන් ජාතිකයෙක්ට හෝ කොරියන් ජාතිකයෙක් හට මගේ සිත් තුල ආදරයක් ඇති වුවහොත් කුමක් කරනවාද යන කරුණයි .

එම ප්‍රශ්නය විමසූ විට මගේ සිත නොයෙක් කල්පනාවන් වෙත දිව ගියද , ඔහුට ක්ෂණයෙන් පිළිතුරක් සැපයිමට මා හට නොහැකි වුයේ , එබඳු ප්‍රශ්නයක් පිළිබඳව ම මෙතෙක් කල් සිතන්නටවත් නොවූ නිසාවෙනි .

එහෙත් පසුව මා සිතා බලන විට , එවැනි ආදරයක් මා සිත්හි ඇති වුවද එයට මුහුණ දීමට මා හට ආත්ම ශක්තියක් තිබිය යුතුය යන්නයි . මන්දයත් , මගේ සංස්කෘතිය ජපන් සංස්කෘතිය හා වෙනස් වුවත් , ආදරය හමුවේ සියලු බාධක පසෙක තැබිය යුතු බවයි .ආදරයට මුල් තැනක් හිමි විය යුතු බවයි .

 

 

 

 

ආදරය සිතන ඔබ , ආදරය කරන ඔබ කෙසේ සිතිය යුතුද ? ඔබේ පිළිතුර මගේ අදහසින් වෙනස් වන්නට බොහෝ ඉඩ ඇත ….. සිතන්න ……පිළිතුර ඔබට බාරයි………

  • このエントリーをはてなブックマークに追加

Views