Culture

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ අර්ධ කාලීන රැකියා!(Part time jobs for Sri Lankans)

  • このエントリーをはてなブックマークに追加

ජපානයට යාමට සහ ජපානය කෙරෙහි උනන්දුවක් දක්වන බොහෝ දෙනක් නිතරම විමසන කරුණක් පිලිබදව මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා එනම් ජපන් භාෂාවෙන් arubaito ලෙස හදුන්වන part time jobs නැතහොත් අර්ධ කාලීන රැකියා පිලිබදව සරලව කෙටියෙන් කතා කිරීමට කැමතිය. 

රැකියාව කිරීමට ලැබෙන කාලය හා වැටුප

ජපානයේ විදේශ අධ්‍යාපනයට යන බොහෝ දෙනා නිතරම විමසිලිමත් වන කරුණක් නම් ජපානයේ part time කිරීමට ලැබෙන කාලය කොතරම්ද සතියකට කොපමණ වෙලාවක් රැකියාව කිරීමට අවස්ථාව ලැබෙනවාද යන්නයි.විදේශ ශිෂ්‍යයෙක්ට සතියට පැය 28ක කාලයක් රැකියාව කිරීමට හැකියව ලැබෙන අතර බොහෝ විට එය දවසට පැය 4 ක් ලෙස දැක්විය හැකිය.පැයකට ගෙවනු ලබන මුදල ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් කමක් දක්වන අතර එය tokyo ආශ්‍රිත ප්‍රදේශ වලනම් 900-1000 අතර අගයක් ගනු ලබන අතර ඕසකා වැනි ප්‍රදේශ වල 800-900 පමණ වේ. ෆුකෝකා වැනි ප්‍රදේශවල පැමිණෙන විට එම මුදල් ප්‍රමාණයේ තරමක් දුරට අඩු වීමක් දක්නට ලැබෙන අතර එය 750-800 අතර ප්‍රමාණයක් ගනී.ඔකිනවා වැනි ප්‍රදේශවලනම් 700-750 අතර වේ.

රැකියා අවස්ථා

කුමන වර්ගයේ රැකියා අවස්ථා ඇතිද යන්න අනෙක් ගැටළුවයි. බොහෝ විට ආපන ශාලා වල පිගන් සේදීම වැනි රැකියා ලැබෙන අතර නමුත් ජපන් භාෂාව හොදින් හැසිරවීමට හැකිනම් වේටර් වරයෙකු ලෙසද රැකියා කිරීමට අවස්ථාව ලැබේ. ජපානයේ බොහෝ දෙනා ක්ෂණිකව ආහාරයට ගන්නා බෙන්තෝ(lunch packet) ඇසුරුම් කිරීම සදහා වෙනම කර්මාන්ත ශාලා ඇති අතර ඒවායේ ඇසුරුම් ක්‍රියාවලියට බොහෝ විට විදේශ සිසුන් යොදා ගනී. එමෙන්ම රෙදි සෝදන කර්මාන්තශාලා(laundry) සදහාද විදේශික සිසුන් යොදා ගනී.  කර්මාන්තශාලා සදහා මෙන්ම  ජපන් භාෂාවේ ප්‍රවීණතාව අනුව සුපිරි වෙළදසැල් සහ පැය 24 ම ක්‍රියාත්මක වන කුඩා ප්‍රමාණයේ සුපිරි වෙළදසැල්(konbini) සදහාද විදේශ සිසුන්ට රැකියා අවස්ථා ඇති බව කිව යුතුය.ඉංග්‍රීසි(english)භෂාව හොදින් හැසිරවීමට හැකියාව ඇත්නම්  හෝටල් සහ විදේශිකයන් නිතර පැමිණෙන ස්ථාන ආශ්‍රිතව ඇති වෙළදසැල් වලද රැකියා අවස්ථා විදේශ සිසුන්ට ලැබෙන අවස්ථාද ඇත.

සැලකිලිමත් වියයුතු කරුණු

මෙහිදී විශේෂයෙන්ම කිව යුතු දෙයක්නම් ජපානයේ අර්ධ කාලීන රැකියා සොයා ගැනීම එතරම් අපහසු නොවුනත් සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට තරම් වූ සරල ජපන් කතා කිරීමට හැකියාව තිබීම රැකියාවක් සොයා ගැනීම පහසු කරන පහසුම මග යන්නයි.එමෙන්ම සදහන් කල යුතු දෙයක්නම් ජපන් ජාතිකයන් සමග රැකියා කිරීමේදී වෙලාවට පැමිණීම අනිර්වයෙන්ම සැලකිලිමත් විය යුතුය.එමෙන්ම එහිදී භාවිතා කරන ආචාරවිදි පිළිබදවද සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම රැකියාව කරන අතරතුර හදිසි අවස්ථාවකදී හැරෙන්න දුරකථනය භවිතා නොකිරීමට වගබලා ගත යුතුය. මාසික වැටුප ලබා දෙන දිනය ආයතනයෙන් අයතනයට වෙනස් වන අතර එය මාසයේ දෙවැනි සතියේ හෝ අවසන් සතියේ විය හැකිය.

 

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views