Culture

Amazing vending machines ……

  • このエントリーをはてなブックマークに追加

      ඇත්තටම ඔබ පුදුම වේවි…

ජපානයට යන කෙනෙකුට දකින්න ලැබෙන විශේෂ දෙයක් තමයි ස්වයංක්‍රිය විකුණුම් යන්ත්‍ර. එසේත් නැතිනම් Vending Machines කියල හදුන්වන්න පුළුවන්. ජපන් භාෂාවෙන්  Jidou Hanbaiki  自動販売機  ලෙස  හදුවන්වනවා. විශේෂයෙන්ම මාර්ගය දෙපස, දුම්රියපළවල් හා ගොඩනැගිලි තුළ නිතරම දක්නට ලැබෙනවා. ඊට අමතරව දුම්රිය තුළත් මිනිසුන් නිතර සිටින ස්ථාන හා සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන වලදීත් දැකගන්න පුළුවන්.

ආහාරපාන මෙන්ම එදිනෙදා භාවිතයට අවශ්‍ය සියලුම දේවල් මෙම යන්ත්‍ර තුළින් මුදල් ගෙවා ලබාගත හැකියි.  පැය විසිහතරම විවෘතව ඇති නිසා බොහොම පහසුයි. ඒ වගේම මෙම යන්ත්‍ර තළින් භාණ්ඩ ලබා ගැනීමත් හරිම සරලයි. කළ යුතු වන්නේ තමාට අවශ්‍ය භාණ්ඩය සහිත ස්ථානයේ ඇති බොත්තම ඔබා ඊට අදාල මුදල යන්ත්‍රය පහළ  කොටසේ  ඇති මුදල් ගෙවන  කොටසට ඇතුළු කිරීම පමණයි. මුදල් ගෙවූ සැනින් අවශ්‍ය භාණ්ඩය ඔබට ලබා ගත හැකියි.

       

මොනවගේ දේවල්ද තියෙන්නේ?

ගමනක් යනකොට මොනවහරි බොන්න ඕන වුනහම අපිට නම් කඩයකට හරි  අවන්හලකට යන්නම වෙනවා. නමුත් ජපානයේදි නම් පාර අයිනෙ විවිධ පාන වර්ග හා කෑම වර්ග පුරවපු මෙම යන්ත්‍ර නිසා බොහොම ඉක්මනින් වෙහෙස නිවා ගන්න පුළුවන්.  සිසිල් බීම වර්ග නම් යෙන් 100 -200 වගේ මිල ගණන් වලට ලබාගත හැකියි. විශේෂායන්ම අයිස්ක්‍රීම්, තේ හා  කෝපි, බිත්තර, සකේ, පලතුරැ මෙන්ම හාල් ආදියත් සාමාන්‍ය මිල ගණන් යටතේ ලබාගන්න අවස්ථාව සලසා දී තිබෙනවා.

          

මේවත් තියෙනවද?

ආහාරපාන වලට අමතරව කුඩා සෙල්ලම් බඩු, කුඩා ප්‍රමාණයේ පොත්  ආදියත් මෙලෙස විකීණීමට තිබෙනවා. පවුලේ හෝ වෙනත් විශේෂ කෙනෙකුට මල් කළඔක් පිළිගැන්වීමට අවශ්‍ය නම් ඔබට මල් හොයන්න මහන්යි වෙන්න ඕන නෑ එවැනි දෙවල්ද මෙවැනි යන්ත්‍ර තුළින්  ලබාගත හැකියි.

තවද සනීපාරක්ෂක ද්‍රව්‍ය  වශයෙන් යට ඇදුම්  හා කොන්ඩම් වැනි දේවලුත් මිලදීගතහැකි යන්ත්‍ර තිබෙනවා. ඉතින් ජපන් ජාතිකයින්ට නම් තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්න සුපිරි වෙළඳසැල් ෆාමසි වලටම යන්න ඕන වෙන්නේ නැහැ…

          

ජපානය තුළ මෙවැනි ස්වංක්‍රීය විකුණුම් යන්ත්‍ර භාවිතයෙන් සෑමදෙනාටම පහසුවක් සලසනවා  වගේම කවුරැත් ඒවා කැඩීමට හෝ මුදල්  නොගෙවා හොරෙන් භාණ්ඩ ලබා ගන්නට උත්සහ කරන්නේ නැහැ. එතුළින් ජපන් ජාකිකයින්  එකිනෙකා අතර පවතින විශ්වාසවන්ත භාවය කෙතරම් ශක්තිමත්ද යන්නත් හොඳින් පැහැදිලි වෙනවා නේද…

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views