Thaiwan

A/L ඉවරද​? ඉදිරියට මොනවා කරන්නද හිතන් ඉන්නේ?

  • このエントリーをはてなブックマークに追加

A/L ඉවරද?

වසර හතරක උපාධියක් ඔබට ලැබෙන අත ර එහි වු අන්තර්ගතය සරලව මෙසේය

විශ්වව්ද්‍යලයට ඇතුලත් වු පසු මාස 6ක චීන භාෂා පුහුණුවෙන් අනතුරුව ඔබට ජපන් භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඔබගේ උපාධියක් හැදැරීමට අවස්ථාව හිමිවේ.

Taiwan අධ්‍යාපනය පිළිබද බොහෝ තොරතුරු අපගේ පෙර ලිපිවලින් ඔබව දැනුවත් කර ඇති මුත් මෙවර අප ප්‍රධාන වශයෙන් කතා කිරීමට සැරසෙන්නේ Taiwan අධ්‍යාපනයෙන් පසු ලංකාවට පැමිණෙන ඔබට ලැබෙන විවිධ අවස්ථා පිලිබදවයි

මෙහිදී  සංචාරක ව්‍යාපාරය පිලිබදව විස්තරාත්මක කතා කිරීමට බලාපොරොත්තු වේ. අපි මුලින්ම සංචාරක ව්‍යාපාරය පිලිබදව විමසමු

කුමක්ද මේ සංචාරක ව්‍යාපාරය කියන්නේ?

ඔබ බොහෝ දෙනක් දන්නවා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධානම එක් අදායම් මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය කියල කියන්නේ. ඉතින් මෙහිදී අපට ලැබෙන දේවල් මොනවාද රැකියා අවස්ථා මොනවාද ආදී වූ විවිධ දේ බොහෝ දෙනක් අපගෙන් විමසන නිසා අපි අද ඒ ගැන කතා කරමු.

සංචාරක ව්‍යාපාරය හේතුවෙන් මේ වන විට ලංකාවේ විශාල වශයෙන් හෝටල් ඉදිවෙන අතර හෝටල් ආශ්‍රිත රැකියා අවස්ථා ද බහුලව ඇත. උදාහරණ ලෙස පිළිගැනීමේ නිලදාරී, මුදල් අයකැමි, සුපවේදී, පාරිබෝගික සේවා නිලධාරි, කළමණාකරු, පරිපාලක අදී වූ විවිධ රැකියා මෙන්ම සංචාරකයන් සදහා භාෂා පරිවර්තකයන් විවිධ භාෂා කතා කරන සංචාරක මග පෙන්වන්නන්, සංචාර සැලසුම් කරන්නන් ආදී වූ විවිධ රැකියා අවස්ථා රැසක් මේ ශ්‍රේෂ්ත්‍රය තුල ඇත.

 වර්තමානයේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉතා සීග්‍රයෙන් වර්ධනය වන නිසා ලංකාවේ ජීවත් වන ඔබගේ භාෂා දැනුම විවිධ වේනම් රැකියා අවස්ථා බහුල වේ. ඊට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස Taiwan අධ්‍යාපනය හදුන්වා දිය හැකිය. එහිදී  ඔබට චීන ජපන් ඉංග්‍රීසි ආදී වූ භාෂාවන් හොඳින් හැසිරවීමට හැකි විමත් සංචාරක ව්‍යාපාරය පිලිබදව  මනා දැනුමක් ලැබීමත් ඔබගේ වටිනාකම ඒ හරහා වැඩි කර ගැනීමටත් හැකිවේ.

මෙහිදී කිව යුතු අනෙක් කරුණනම්,

අපි චීන භාෂාව ඉගෙන ගෙන කුමක්කරන්නද?

ඇත්තෙන්ම වර්තමානයේ ලංකාවේ බොහෝ ලෙස චීන සමාගම් ස්ථාපිත කර ඇති අතර ඒ සදහා අවශ්‍ය සේවකයන් බදවා ගැනීමට අසීරුවන්නේ චීන භාෂාව කතා කිරීමට නොහැකි වීම නිසයි.එහෙත් මෙහිදී ඔබ චීන භාෂාව පමණක් නොව ජපන් ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. මෙහි විශේෂත්වය වන්නේ වසර 4ක් තුල ඔබට ලැබෙන භාෂා දැනුමත් උපාධියත් ඔබට ලංකාවට පැමිණියද භාවිතා කිරීමට හැකිවීමයි. එහිදි ඔබගේ වටිනාකම වැඩි වන බව කිව යුතුය . මෙහිදි ඔබට මෙරට පමණක් නොව ඕනෑම
රටකට ගොස් සේවය කිරීමට හැකියාව ඇත.

මෙවර A/L විභාගයට පෙනී සිටි ඔබට ඉතා වටිනා අවස්ථාවක් ලෙස මෙය අපට හදුන්වාදිය හැකිය

 

  • このエントリーをはてなブックマークに追加

Views