Culture

Education /Love/ Healthy life? Choose one?

  • このエントリーをはてなブックマークに追加

කියෝතෝවේ මොනවද තියෙන්නෙ?

ජපානය කියූ සැනින් අපට මතකයට නැගෙන්නේ ජපානයේ අගනගරය තෝකියෝ නගරයයි. ඒ වගේම තමයි කියෝතෝ නගරයත් ජපානයේ තියෙන විශාලම හා ඓතිහාසික වටිනාකමින්  පොහොසත් නගරයක්. මේ නගරය මොන වගේද?  විශේෂ ස්ථාන මොනවද? ආවේනික වටිනානම් ආදි දේවල් හදුනාගන්න කැමතියි නේද…

පැරණි ආගමික පුදබිම් රාශියකින් සමන්විත මෙම නගරය තුළ විවිධ විශේෂත්වයන්ගෙන් යුතු පන්සල් රාශියක් දැකගන්න පුළුවන්. ඒ අතරින් කින්කකුජි ,ගින්කකුජි හා කියෝමිසුදෙරා විශේෂයි.

ලංකාව තුළ දක්නට ලැබෙන පන්සල් හා ජපානයේ ඇති ඉහත සඳහන් කළ පන්සල් අතර වෙනස මොකක්ද ?

කින්කකුජි හා ගින්කකුජි බලන්න යමු.

කින්කකුජි යනු රන්වන් පාටින් දිදුලන එනම් රන් ආලේප කළ පන්සලක්. ඒවගේම තමයි පන්සල ඉදිරිපසින් ජලයෙන් පිරැණු පොකුණක් තියෙනවා. රන් පැහැති පන්සලේ ඡායාව වතුරට වැටුනහම හරිම අපුරැයි.. ජපානයේ ඍතු හතරට අනුව පන්සල අවට වටපිටාව වෙනස් වෙන ආකාරයත් බලන්න ලස්සනයි.

        

ගින්කකුජි පන්සලත් විශාල සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයක් මේ පන්සල ඉදිරිපසිනුත් ජලයෙන් පිරැණු පොකුණක් තියෙනවා. පන්සලේ ඡායාව වතුරට වැටෙන ආකාරයට තමයි නිර්මාණය කරල තියෙන්නේ.

ක්යෝමිසුදෙරා ගියොත්?

මෙම පන්සලත් කියෝතෝවේ දක්නට ලැබෙන තවත් සුවිශේෂි තැනක්. එනම් “ඔතොවනොතකි” නම් ස්ථානයේ ඉහල සිට පහළට ඇඳහැලෙන ජල දහරා තුනක් දක්නට තිබෙනවා.  පන්සලට එන අයට තමන් කැමති තැනකින් වතුර බොන්න පුළුවන් හැබැයි. තුනෙන් එකක් තෝර ගන්න ඕනෙ. ඒ වගේම ජල දහරා තුනට වෙනවෙනම අර්ථ තුනකුත් තියෙනවා .

පළමු ජල දහරාව  – අධ්‍යාපනයේ සාර්ථකත්වය  (වමපස)

දෙවන ජල දහරාව – ආදරය/විවාහයහි සාර්ථකත්වය

තෙවන ජල දහරාව – නීරෝගී දිගුකාලීන ජීවිතයක් ලැබීමට

ඔයා වතුර බොන්නෙ කොතනින්ද?

අරෂියමා , ෆුෂිමි ඉනරි ..

කැළයක් කිව්ව ගමන් අපිට මතකයට එන්නෙ විවිධ වර්ග, උස පොඩි ගස්වලින් පිරැණු තැනක්. නමුත් උණ ගස් විතරක් තියෙන කැළයක් නම් කොයිවගේද කියල හිතාගන්න පුළුවනද…..හරියට සුරංගනා කතාවක් ඇතුළට ගියා වගේ දැනෙයි නේද….. හැබැයි ජපානයේ කියෝතෝ වලට ගියොත් නම් ඒ වගේ තැනක් බලාගන්න පුළුවන් .

තවද, කියෝතෝ ටවර් එකත් කියා්තෝ දුම්රිය පළ ආසන්නයේම පිහිටා තිබෙන නිසා බොහොම පහසුවෙන් යන්න පුළුවන් තැනක්.  “ෆුෂිමි ඉනරි” කියන්නෙත් තවත් තෝකියෝවෙ තියෙන ලස්සන තැනක් . කියෝතෝවේ  නැරඔිය යුතු ස්ථාන බොහොමයක් අතරින්  කිහිපයක් ගැන විතරයි සදහන් කළේ. මේ වගේ තැන් වලට ගිහිල්ලා අලුත් අත්දැකීමක් ලබන්න ඔයාලටත් ආරාධනා….

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views