Culture

Are we going on brisk journey?

  • このエントリーをはてなブックマークに追加

                     සුපිරි වේගයෙන් ගමනක් යමුද…

අද අපි කතා කරන්න යන්නේ ජපානයේ දුම්රිය සේවාව ගැන.
ජපානයේ දුම්රිය සේවාව ලංකාවේ දුම්රිය දුම්රිය පද්යධතියට වඩා වෙනස්.
විශේෂයෙන්ම දුම්රිය ටිකටිපත් මිලදී ගැනීම, පරික්ෂා කිරීම ආදියත් සිදුවන්නේ යන්ත්‍රානුසාරයෙන්.පහත මුලින්ම ඇති ඡායාරෑප දෙකෙන් දැක්වෙන්නේ  දුම්රිය ටිකටිපත් මිලදී ගන්නා යන්ත්‍ර හා ඉන් පසුව දැක්වෙන්නේ ටිකට්පත් පරික්ෂා කරන යන්ත්‍රයක්.
             

                  ජපානයේ දුම්රිය ප්‍රධාන  ලෙස කොටස් තුනකට බෙදා දැක්වි හැකියි. එනම්,

                                            1.  සාමාන්‍ය දුම්රිය
                                            2. උමං දුම්රිය
                                            3. අධිවේගී සුපිරි දුම්රිය
                              

        ආරක්ෂාව

 මෙම සෑම දුම්රියකම මගීන් ප්‍රවාහනය ඉතා ආරක්ෂාකාරි ලෙස සිදු කරනවා. සෑම දුම්රියකටම මගීන් ඇතුළු වූ පසු එහි ඇති දොරවල් වසා දමනවා. ඒ වගේම තමයි  බොහෝ දුම්රියපළවල් තුළ දුම්රිය වේදිකාව අවසානයේදිත් දොරවල් (Platform edge doors)  දක්නට ලැබෙනවා. එමගින් මගින් දුම්රියේ ගැටීම, සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම ආදිය වළක්වා මගීන්ගේ ආරක්ෂාව තහවුරැ කර තිබෙනවා.
                                                              
සාමාන්‍යන් ජපානයේ දුම්රිය නියමිත වෙලාවටම දුම්රිය ස්ථාන වෙත පැමිනෙණවා. මගීන්ද තමා පැමීණි අනුපිළිවල අනුව පෝළිමකට සිටගෙන සිටිනවා. දුම්රිය තුළදීත් බොහෝ මගීන් පොත් කියවීම හෝ ජංගම දුරකතනයෙහි වැඩක යෙදෙමින් ගමන් කරනවා.
දුම්රිය තුළදී නිරන්තරයෙන් ගමන් මාර්ගය පිළිබඳවත්, ඊලඟ නැවතුම කුමක්ද යන්නත්, නිවේදනය කරනවා. ඒ වගේම දුම්රිය තුළ ගමන්මාර්ගය සහිත සිතියමක, දුම්රිය ගමන් ගන්නා ආකාරය ගමනාන්තය තෙක් සටහන් වෙනවා.

        ආබාධිත පුද්ගලයින්ටත්?

ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් දුම්රියට ගොඩවීමටත් දුම්රිය ස්ථානය තුළ ගමන් කිරීමටත් අවශ්‍ය පහසුකම් සපයා තිබෙන අතර එ් සඳහා දුම්රිය ස්ථානයේ සිටින බළධාරීන් ලබාදෙන සහයෝගය ප්‍රශංසනීයයි.
ජපානයේ සියලුම දුම්රිය ස්ථානයන් මෙන්ම දුම්රියන් ඇතුළතද ඉතාම සිත්ගන්නා සුළුයි වගේම පිරිසිදුයි.
 විශේෂයෙන්ම අධිවේගී සුපිරි දුම්රිය තුළ දුම් බොන්නන් සඳහා විශේෂයෙන් වෙන් කළ ස්ථානයක් සකසා තිබෙනවා.
                                                    
මේ වගේ සුපිරි දුම්රියක ගමනක් යන්න ඔයාලත් කැමතියි නේද……
  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views