experience

Problems facing those who go abroad to japan

  • このエントリーをはてなブックマークに追加

           ජපන් යන්න ඔබත් කැමතිද.. එහෙනම් මේ දේවල් ගැනත් හිතන්න.

  ජපානය කියන නම ඇහෙන කොටම අපිට මතක් වෙන්නෙ සකුරා මල්, ලස්සන කිමෝනා වලින් සැරසුන කාන්තාවන් වගේම ජපන් ජාතිකයින් ගෞරවයෙන් සලකන ෆුජි කන්ද වගේ දේවල්ඒ. නිසාම ජපානයට යන්න, ජපානයේ අධ්‍යාපනය ලබන්න යන්න අපි හැමෝම කැමතියි. නමුත් ජපානයට විදේශ ගතවීමට බලාපොරොත්තු වන අයට මුහුණ දේනට සිදුවන ගැටළු බොහෝමයි.
                 

                        මූල්‍යමය ගැටළු.

 ජපානයට විදේශ ගතවීමට බලාපොරොත්තු වන අයට තියෙන ප්‍රධානතම ගැටළුව තමයි විදේශ ගත වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම. විශේෂයෙන්ම එක් අයෙකුගේ බැංකු ගිණුම තුළ රැ. ලක්ෂ 25 ක මුදල් තැම්පත්තුවක් හා මුල්අවුරැද්ද සඳහා රැ. ලක්ෂ 15 ( අයදුම්පත් ගෙන්වීමට,  ලියකියවිලි පරිවර්තනයට, ජපන් පාසලේ පළමු අවුරැද්දේ පාසල් ගාස්තු සඳහා) පමණ මුදලක් අනෙකුත් කටයුතු සිදු කිරීමට අවශ්‍ය වේ.

                       ලියකියවිලි වල අඩුපාඩු.

 
අවශ්‍ය සියලුම ලියකියවිලි ජපන් භාෂාවට සහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ යුතුයි. ඒ සඳහා උප්පැන්න සහතිකය,  ජාතික හැදුනුම්පත, O/L හා  A/L ප්‍රතිඵල සහතික, පාසල හැරයාමේ සහතිකය, අධ්‍යාපන සහතික, ජපන් භාෂා ප්‍රවීණතා සහතික හා අනුග්‍රාහකයා සමඟ ඇති සම්බන්ධතාව තහවුරැ කරන ලියකියවිලි වඩාත් නිවරදිව පරිවර්තනය කළ යුතු වෙනවා. පරිවර්තනයේදී සිදුවන අඩුපාඩු බොහෝ විට ජපානයෙන් වීසා               ප්‍රතික්ෂේප වීමට මූලික හේතුවක් වෙනවා. 

                         භාෂා ප්‍රවීණතාවේ දුර්වලතා.

අධ්‍යාපනය සඳහා ජපානයට යාමට බලාපොරොත්තු වෙනවා නම් ජපන් භාෂාව පීළිබඳව මූලික දැනුමක් හෝ  තිබීම අත්‍යවශ්‍ය කරැණක්. මන්දයත් විශේෂයෙන්ම JLPT  N5 / NAT 5 වැනි විභාග සමත් වි නැත්නම් ජපන් භාෂාව කතා කිරීමටත් නොහැකි නම් ජපානයට යාමට සිතීම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුයි. එලෙස පැවසීමට හේතුව නම් ජපානය තුළ ජපන් භාෂාව හැර වෙනත් භාෂාවන් භාවිත වන්නේ බොහොම අඩුවෙන් ඒ නිසා ජපානයට යාමට පෙර ජපන් භාෂාව හොඳින් හැදෑරා තිබීම වැදගත්.

                    අර්ධකාලීන රැකියා සොයා ගැනීම.

 අධ්‍යාපනය සඳහා ජපානයට යන හැමදෙනාගේම බලාපොරොත්තුව ඉක්මනින්ම අර්ධකාලීන රැකියාවක් සොයාගෙන මුදල් ඉපයීමයි. නමුත් ජපානය තුළ දක්නට ලැබෙන සැබෑ තත්වය බොහෝදුරට අපි හිතනවාට වඩා වෙනස්. එනම්  ඉගෙන ගන්නා පාසල මගින් හා වෙනත් තොරතුරැ මගින් අර්ධකාලීන රැකියා සඳහා අවස්ථාව උදාකර දුන්නත්  ඒ සඳහා ඔබව තෝරා ගන්නට නම් ජපන් භාෂාව හොඳින් හසුරවන්නට හැකි විය යුතුයි. ඒ වගේම තමයි අර්ධකාලීන රැකියාවක් කර මුදල් ඉපයුවත් මුදල් ඉතිරි කිරීමට ලැබෙන අවස්ථාව අඩුයි. ඒකට හේතුව එදිනෙදා අවශ්‍යතා සඳහා වැයවන මුදල් ප්‍රමාණය වැඩි වීමයි.

එනිසා ජපානයට යාමට පෙර ඔබත් මෙවැනි කරැණු පිළිබඳව විමසිලිමත් වන්න. වැඩිදුර විස්තරදැන ගැනීමට කැමති නම් පහත දැක්වෙන වීඩියෝව නරඔන්න.
https://www.facebook.com/takahashiJLC/videos/1565005476854005/
  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views