experience

What I would like to learn from Japanese people

  • このエントリーをはてなブックマークに追加

ජපන් ජාතිකයින් කොයිවගේද?

ජපන් ජාතිකයින් බොහොම ආචාරශීලී කියන එක අපි හැමෝම හොදින් දන්නා කරැණක්.
අපි දැන් කතා කරන්න හදන්නෙත් ඒ වගේ හොඳ ගතිගුණ කිහිපයක් ගැන……..

සමාව ඉල්ලීම.

ජපන් ජාතිකයින් තමන් අතින් වුන සුළු අත්වැරදීමකදි වුවත් බොහොම සංවරව කිහිප සැරයක්ම සමාව ඉල්ලාසිටිනවා.

උදව්වක් ඉල්ලූ විට

ජපන් ජාතිකයෙකුගෙන් යම් උදව්වක් ඉල්ලූ විට තමාට හැකි උපරිම අයුරින් ඉටු කිරීමට උත්සාහ ගන්නවා.
නිදසුනක් විදිහට ඔබ තැපැල් කාර්යාලය කොහෙදැයි ඇසූ විට බොහෝ ජපන් ජාතිකයින්  ඔබව තැපැල් කාර්යාලය අසලටම එක්කගෙන යාමට තරම් කාරැණිකයි. යම් උදව්වක් ඉල්ලූ විට තමාට හැකි උපරිම අයුරින් ඉටු කිරීමට ඔබත්උත්සහ ගන්න.
 

තමාගේ වාරය එනතුරැ  සිටීම.

දුම්රියට බසයට ගොඩවීමට තමා පැමිණි අනුපිළිවල අනුව පෝළිමකට ඉන්න පුළුවන් නම් කොච්චර හොදද…….
හැබැයි ජපානයේදී නම් ඒ දසුන නිතරම දැකගන්න පුළුවන්. ඒ වගේම තමයි පඩිපෙළක ගමන් කරද්දිත් අන් අයට අපහසුතාවයක් ඇති
නොවනපරිදි තමා ගමන් කළ යුතු දිශාවේ පමණක් ගමන් කරනවා. විශේෂයෙන්ම විදුලි පඩිපෙළවල් භාවිතා කිරීමේදි ජපන් ජාතිකයින්
ගමන් ගන්නා ආකාරය අපව පුදුමයට පත් කරවනවා කිව්වොත් නිවැරදියි. සාමාන්‍යෙයන් විදුලි පඩිපෙළක පරතරය එක පඩියක දෙදෙනෙකුට යා හැකි පරිදි  සකසා තිබෙනවා. නමුත් ජපන් ජාතිකයින් එක්කෙනා බැගින් පෝළිමකටයි ගමන් කරන්නේ. එමගින් ඉක්මනින් යා යුතු අයට අවශ්‍ය ඉඩ සලසා දී තිබෙනවා.

               

හොඳ ආහාර පුරැදු.

ජපන් ජාතිකයින් ආහාර ගැනීමේදී  දකන්න ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි තමාට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර බෙදා ගැනීම සහ බෙදාගත් සියල්ල ඉතුරැ නොකර ආහාරයට ගැනීම. ඒ වගේම තමයි ඔවුන් ආහාර ගැනීමට පෙරත් (itadakimasu-රසවත් ආහාරයක් පිළිගැන්වුවාට ස්තූතියි) පසුත් (gojisousamadeshita-ආහාරය බොහොම රසවත් ස්තූතියි) යනුවෙන් තමා වෙනුවෙන් රසවත් ආහාර වේලක් ලබාදීම පිළිබඳව දෙඅත් එකට එක් කර ස්තූතිය පිරිනමනවා.
    
මේ ලිපියෙන් අපි ඉගෙනගත්තේ ජපන් ජාතිකයින් තුළ දක්නට ලැබෙන හොඳ පුරැදු වලින් කිහිපයක් පමණයි. ඔබ තුළත් මේ වගේ හොඳ ගතිගුණ තියෙනවද කියල හිතල බලන්න…..
  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views