Japanese

ජපන් භාෂාවේ එන ක්‍රියාපද…….

  • このエントリーをはてなブックマークに追加

හත්වෙනි පාඩම

අද පාඩමේ අලුත් වචන 

みず mizu වතුර
こうえん kōen උද්‍යානය
アイスクリーム aisukurīmu අයිස් ක්‍රීම්
ちょっと chotto පොඩ්ඩක්
ビール bīru බියර්
えいご eigo ඉංග්‍රීසි භාෂාව
ワンピース wanpīsu ගවුම
ゴール gōru ගාල්ල
のみます nomimas(u) බොනවා
やすみます yasumimas(u) විවේක ගන්නවා
かいます kaimas(u) මිලදී ගන්නවා
べんきょうします benkyōshimas(u) ඉගෙනගන්නවා
         අද අපි ඉගෙනගන්න හදන්නේ ජපන් භාෂාවේ එන ක්‍රියා පද කිහිපයක් හා ඒවා භාවිත කරන ආකාරය.භාෂාවක් ඉගෙන ගද්දී ගොඩක්ම වැදගත් වෙන්නේ ඒ භාෂාවේ එන වචන ඉගෙන ගැනීමනේ .වැඩි වචන ප්‍රමාණයක් දන්න තරමට තමයි ඒ භාෂාවේ දක්ෂයෙක් වෙන්නෙත්…

සරල වාක්‍ය කිහිපයක්….!

わたしは みずを のみます。
watashi wā mizu wō nomimas(u).

මම වතුර බොන්නෙමි(බොනවා ).

わたしは こうえんで アイスクリームを かいます。
watashi wā kōen de aisukurīmu wō kaimas(u).

මම උද්‍යානයේදී අයිස් ක්‍රීම් මිලදී ගන්නෙමි(මිලදී ගන්නවා).

いっしょに キャンヂーへ いきませんか?
ishshoni kyandī e ikimasenkā?

(මාත් එක්ක ) නුවර යමුද?

ちょっと やすみましょう。
chotto yasumimashō.

පොඩ්ඩක් විවේක ගමු.

ඊළඟට අපි බලමු කොහොමද මේ ක්‍රියාපද භාවිතයෙන් ප්‍රශ්න අහන්නේ,එහෙමත් නැත්තම් දෙබසක් ගොඩනගන්නේ කොහොමද කියලා.

ビールを のみますか?
bīru wō nomimas(u)kā?

බියර් බොනවද?

いいえ、のみません。
iie,nomimasen.

නෑ ,බොන්නෙ නෑ.

なにを べんきょうしますか?
nani wō benkyōshimas(u)kā?

මොනවද ඉගෙනගන්නේ ?

にほんごと えいごを べんきょうします。
nihongo to eigo wō benkyōshimas(u).

ජපන් භාෂාව හා ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්නවා.

どこで この ワンピースを かいましたか?
doko de kono wanpīsu wō kaimash(i)takā?

කොහෙන්ද මේ ගවුම ගත්තේ?

ゴールで かいました。
gōru de kaimash(i)ta.
ගාල්ලෙන් ගත්තේ.
  • このエントリーをはてなブックマークに追加

Views