Japanese

දෙවොන්දරා සන් කෝ ….නොරිකෝ සන් කෝ ???

  • このエントリーをはてなブックマークに追加

ආයාචනා …..

සකුරා මල් ඉහිරුණු ජපානයේ

සීතල පොද පිනි වසන්තයේ….

සුන්දර  දේශේක අරුණලු  විසිරෙන ….

ආදර කතාව මතකද මිතුරෙන …..දෙවොන්දරා  හා නොරිකෝ සමගින ..

මලගිය ඇත්තෝ එපුවත  අසමින ….

බිදුනිද සිත කඳුලක් ගෙන එන ….

ගත උණුසුමට තිබුණිද  අවන්හලක ….

කොෆි බීමක් …..

යටි සිතකින් මතුවන ආදර උල්පත …

කොහේ ගියෙදෝ සොයා විමනක් …

කබුකි නැටුම් කලාගාරයේ ….

බලා සිටියේද  නිසොල්මනේ නොරිකෝ…..

දෙව්න්දරා  සන්  එ රඟහලෙහි  ….

බැලුවේද …. නෝ…..

ගියේ කොහේ දැයි …යන්නේ කොහේදැයි …

නොසිතා ගිය ගමනක මග සලකුණු ….

අපහට ඉතිරිකර ඔබ අද … ගිමන් හරිනු ඇත …..

 

 

 නොරිකෝ , දෙවොන්දරා ආදර අන්දරය ඔයත් දන්නවාද ?

ඔයත් ආදරය කරන කෙනෙක් නේද ? ඉතින් , ආදරයට ආදරය කරන්න දන්න අපි ආදරබර කතා පුවතක් කියවද්දී නම් , අප හද සංවේදී හැගුම් දැහැනකින් පිරිලා යනවා කියන එකනම් රහසක් නෙවේ .

ඉතින් , මළගිය ඇත්තෝ නවකතාවේ කතා පුවත ලියවෙන්නේ දෙවොන්දරා කියන ලංකාවේ පිරිමි කෙනයි නොරිකෝ කියන ජපන්   කාන්තාවයි අතර ඇතිවන ආදර කතාන්දරක් විදියට .

ආදරයේ සොඳුරු මතක සටහන් ; ජීවිතය කියන නවකතාවට පණපොවන විදිය   ජපානයේදී සිදුවීම් සම්බන්ධ කරලා , නොරිකොත් දෙවොන්දරත් ගැන අමුතුම දැක්මකින් ලියල තියන ආදර කතාවක් .

 

        

 

 මා දෙවොන්දරා වුණා නම්….

මේ කතා පුවත ඇදිල යන්නේ ජපන් ජාතික කතක් ගැනයි ලංකාවේ දෙවොන්දරා ගැනයි. සිතුවම් කලා ප්‍රදර්ශනයකට ජපානයට යන දෙවොන්දරා , ජපානයේ අවන්හල් සේවිකාවක් වන නොරිකෝ සමග ආදරයක් පටන් ගනියි .

සංස්කෘති 2ක රටවල් 2ක ආදරයකට ඉඩක් ලැබෙයිද ? ඉඩක් ලැබුණත් , එකිනෙකා අවබෝධ කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයිද ? මා දෙවොන්දරා වුණිනම් , සැබවින්ම මා එසේ කරනු ඇත .කුමන වෙනස්කම් හමුවේ වුවද , සියලු බාධක ජයගැනීමට ; ප්‍රේමය නම් තියුණු හීය මා යොදා ගන්නවා ඇත .

 

 

 ආදර කවියේ…පිටුවක් පෙරලන මා …

මළගිය ඇත්තෝ නවකතාවේ නම් නොරිකෝ , දෙවොන්දරා එකතු වන්නේ නැත . සිත තුල ආදරය නම්වූ ගැඹුරුතර හැගීම ලියලා වැඩුනත් දෙදෙනාගෙන් කව්රුවත් එය ප්‍රකාශ කර ගන්නේ නැත . විරහව ; ඕනෑකමින් ළගාකර ගැනීමක් නොවෙද එය ?

දෙදෙනා එකතු වීම දෙදෙනාටම අවශ්‍ය බව දනී . එහෙත් පුජනීය ප්‍රේමය වෙනුවෙන් , සිතුවිලි සුළගේ ගහගෙන යන්නට ඉඩ දුන්නේ ඇයි දෙවොන්දරා ? ඇයි නොරිකෝ ඔයත් නිහඬ වුණේ…???

 

ප්‍රේමය නම්…..

එදා සිටි නොරිකෝ ලා දෙවොන්දරාලා අදත් ඇති . ආදරය කියන ප්‍රබල හැගීම හමුවේ සියලු බාධක ජය ගැනීමට නොරිකොලාට දෙවොන්දරාලට පුළුවන් වෙන්න ඕනේ . එයයි ආදරයේ නියම ජයග්‍රහණය වෙන්නේ .

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views