Japanese

සුන්දර ජපානයේ දෙසතියක්!!!

  • このエントリーをはてなブックマークに追加

අමතක නොවන මතකයන්…….

කුඩා අවධියේ සිටම සුන්දර ජපානයට යාමට තිබු සිහිනය සැබෑ කරමින් දෙසතියක ජපානයට යාමට ශිෂ්‍යත්වයක් මා හට හිමි විය. එහිදී ලද

අත්දැකීම් ඔබත් සමඟ බෙදාගැනීමට සිතුවෙමි. ඕසකා, නරා, කියෝතෝ හා හිරෝෂිමා වැනි නගරවල සංචාරය කිරීමට අවස්ථාව ලැබුණා.

ඒ අතරින් වඩාත්ම සිත්ගත් ස්ථාන පිළිබඳව ඔයාලට කියන්න හිතුවා.

       

කියෝතෝ හි පිහිටි කිංකකුජි විහාරය හරිම ලස්සන තැනක් ඒවගේම ජපානය තුළ වැඩිම සංචාරක ආකර්ශනයක්  ඇති ස්ථානයක් .ඒගේම කියෝමිසුදෙරා(kyoumizudra Temple) ,මියජිමා වගේ ස්ථානත් මගේ සිතේ  නොමැකෙන මතකයන් ඉතිරිකළා.

හිරෝෂිමා නගරය බලන්න යමුද?……

           

 

හිරෝෂිමා නගරය කියපු ගමන් ඔයාලට මතක්වෙන්නෙ මොකක්ද??….. හිරෝෂිමාව න්‍යෂ්ටික බෝම්බයකින් විනාශ වුනා කියන එක නේද ……මටත් එහෙමයි……… ඒ න්‍යෂ්ටික බෝම්බය හෙලපු තැනට(Hiroshima Heiwa Kouen) යන්න අවස්ථාවක් ලැබුනා. බෝම්බයේ බලපෑමෙන් මුළු නගරයම විනාශ වුනත් එකම එක  ගොඩනැගිල්ලක් ඉතිරි වෙලා තිබුනා ……..එහි නටඹුන් තවමත් දැකගන්න පුළුවන්. නමුත් වර්තමානයේ හිරෝෂිමා නගරය පහසුකම් වලින් සමන්විත දියුණු නගරයක්.

අපූරැ යාළුවෝ……..

 

ජපන් භාෂාව කථා කරන්න පුළුවන් විවිධ රටවල් වලින් ආපු යාළුවො ගොඩක් ජපානෙදි මට හමුවුනා.  ඒවගේම ජපන් ජාතික යාළුවොත් එක්කත් අදහස් හුවමාරැ කරගන්න අවස්ථාව ලැබුනා. ඔවුන් හරිම සුහදශීලියි වාගේම කරැණාවන්තයි.

ඔයාලට කිව්වෙ මගේ මතකයේ රැදුනු දේවල් වලින් කිහිපයක් විතරයි …..ඉතින් ඔයාලත් කැමතියි නේද මේවගේ ලස්සන රටක් බලන්න යන්න………

 

  • このエントリーをはてなブックマークに追加

Views