Japanese

Let`s learn Japanese dialogues.

  • このエントリーをはてなブックマークに追加

ටැක්සියක ගමනක් යමු.

එදිනෙදා ජීවිතයේදී ගමන්බිමන් යන විටදී ටැක්සි එකක් භාවිත කරන අවස්ථා බොහොමයි. ලංකාව තුළ දී නම් ටැක්සි වෙනුවට බහුලව යොදා ගන්නේ ත්‍රී රෝද රථ. නමුත් ජපානය තුළ දී ත්‍රී රෝද රථ නොමැති නිසා සෑම විටම ටැක්සියක් භාවිතයට සිදු වෙනවා. ටැක්සියක් තුළ ගමන් කිරීමේදී රියදුරා හා මගියා අතර ඇතිවන සංවාදයක් ඉගෙන ගනිමු.

サビーナ        : かんさいまで お願いします。

Sabīna            : Kansai made onegaishimas(u).

සබීනා              :  කන්සායි (නගරයක නමක්) වලට යමු.

運転手            : はい

Untenshu      :  Hai.

රියදුරා             :  හරි

サビーナ      : すみません。あの しんごうを みぎへ まがって ください。

Sabīna          : Sumimasen. Ano shingou wō migi e magatte kudasai.

සබිනා            : සමාවෙන්න. සිග්නල් එක තියෙන තැනින් දකුණට හරවන්න.

運転手          : みぎですね。

Untenshu    : Migi des(u)ne.

රියදුරා            : දකුණට නේ..

サビーナ     : ええ。

Sabīna         : Ee

සබීනා            :  ඔව්.

運転手         : まっすぐですか。

Untenshu   : Massugu des(u)ka?

රියදුරා           : කෙලින්ම යනවද?

サビーナ     : ええ。まっすぐ いってください。

Sabīna        : Ee  Massugu itte kudasai.

සබීනා          : ඔව් කෙලින්ම යන්න.

サビーナ   : あの レストランの まえで とめてください。

Sabīna        : Ano Resutoran no ma e de tomete kudasai.

සබීනා          : ආ.. රෙස්ටුරන්ට් එක ඉස්සරහින් නවත්තන්න.

運転手        : はい。1500円です。

Untenshu   : Hai . Sengohyaku en des(u).

රියදුරා            : හරි .යෙන් එක්දහස් පන්සීයයි.

サビーナ     : これで お願いします。

Sabīna         : Korede onegsishimas(u).

සබීනා           : මේකෙන් ගන්න. (යෙන් 2000ක් දෙයි)

運転手         : 500円の おつりです。ありがとう ございました。

Untenshu   : Gohyaku en no otsuri des(u). Arigatou gozsimashita.

රියදුරා           : යෙන් පන්සීයක් ඉතුරැයි. බොහොම ස්තූතියි!

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views