Japanese

සතියේ දින 7 සහ දුරකථන අංකය ජපන් වලින් කියන්නේ කොහොමද …?

  • このエントリーをはてなブックマークに追加

හයවෙනි පාඩම(1කොටස )

මේ පාඩමෙන් ඉගෙනගන්න හදන්නේ ජපන් වලින් කොහොමද සතියේ දවස් 7 කියන්නේ කියලයි,කෙනෙක්ගේ telephone number එක අහන්නේ කොහොමද , ඒකට උත්තර දෙන්නේ කොහොමද  කියලයි….
ව්‍යාකරණ වගේ අමාරු නෑ …..එදිනෙදා භාවිතා වන නිසා  අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ එකක්.

සතියේ දවස් 7

  • にちようび [nichiyōbi]  ⇒ ඉරිදා
  • げつようび [getsuyōbi] ⇒ සඳුදා
  • かようび [kayōbi] ⇒ අඟහරුවාදා
  • すいようび [suiyōbi] ⇒ බදාදා
  • もくようび [mokuyōbi] ⇒ බ්‍රහස්පතින්දා
  • きんようび [kinyōbi] ⇒ සිකුරාදා
  • どようび [doyōbi] ⇒ සෙනසුරාදා

 මේ සතියේ දවස් යෙදෙන ප්‍රශ්නයක් හා ඒකට දෙන උත්තරයක් තමයි පහතින් දක්වලා තියෙන්නේ.

やすみは なんようびですか?
  yasumi wā nanyōbi des(u)kā?

 නිවාඩු කවදද?

 どようびと にちようびです。
doyōbi to nichiyōbi des(u).
සෙනසුරාදා සහ ඉරිදා(වේ ).

දුරකථන අංකය

ඉලක්කම් කියන විදිහ මීට කලින් අපි ඉගෙන ගත්තනේ.ඒ අනුව අපි බලමු කොහොමද කාගෙන්හරි telephone number එකක් අහන්නෙත් ,ඒ අහන දේට ජපන් වලින් කොහොමද උත්තර දෙන්නෙත් කියලා.

サチニさんの でんわばんごうは なんばんですか?
sachini san no denwabango wā nanbandes(u)kā?

සචිනිගේ දුරකථන අංකය මොකක්ද?

342の 40562です。
san,yon,ni  no  yon,zero,go,roku,ni des(u).
342-40562.
  • このエントリーをはてなブックマークに追加

Views