Japanese

මා ආදරය කරන මගේ ජපානය දන්නවාද ඔයා ….?

  • このエントリーをはてなブックマークに追加

මගේ ජපානය ගැන මා හිතන දේ …

මා ජපානයට ආදරය කරන්න පටන් ගත්තේ  මා පාසල් යන අවධියේ ඉඳල  . ඉතින්  ජපානය කියන්නේ මගේ පෙම්වතා හා සමානයි කිව්වොත් මන් වැරදි නැ කියල හිතනවා .  ඒ හින්ද ,  මගේ ජපානය ගැන මන් ආයෙමත් මතකය අවදි කරන්න හිතුවා . ඉතින් ; මේ ලස්සන තැන් , ජපානයේ සුන්දර බව , ඒ සිරිත් විරිත් වලට ඉස්සර ඉඳලම ගොඩක්  ආදරය කළා මම .

             

මම ජපානෙට මේ තරම් ලෙන්ගතු ඇයි ?

මම මුලින්ම ඔෂින්ගෙන් තමා ජපානයට ආදරේ කරන්න පටන් ගත්තේ .ඉතින් එහෙම ආදරය කරපු මම  අද වෙනකොට නැවතුණේ  ජපානය ගැන ගොඩක් දේවල්  දැනගෙන . ඔයාටත් ආස හිතෙන්නේ නැද්ද මේ ගැන දැනගන්න ???  එහෙනම්  ඔයත් එන්න  මාත් එක්ක මේ ජපානේ ගැන ඔයාගේ  අත්දැකීම මාත් එක්ක බෙදා ගන්න .

හිමෙන් පිරි දේශය  ;  සුන්දර ජපානය …….!!!  කිව්වමත් ආස හිතෙනවා නේද ? ජපානෙට ගිහින්  SHOPPING  කරන්න තිබ්බොත් කොහොමද ? යමුකෝ  ජපානේ වටේ  රවුමක් …..

     

 

සකුරා …. හිම …..දකින්න ආසයි නේද ?

ඉතින් මගේ පෙම්වතා වුණු ජපානය ට මන් ගොඩක් ආදරෙයි වගේම ඔයාලත් ගොඩක් ආදරෙයි කියල මන් දන්නවා . ඉතින්  , අපේ ලංකාවේ නැති  මේ අපුර්ව විවිධත්වය  විදගන්න පුළුවන් නම්   කොයිතරම් නම් දෙයක්ද ?

හිම මිදෙනා නගරේ ….

රුව පෑව ඒ  රූබරි ….

චෙරි මල් පිපි පවනේ ….

ඒ  බැලුම් බලා ඉන්නවා …

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views