Japanese

ජපන් ගුරුවරියක් වීමේ සිහිනය

  • このエントリーをはてなブックマークに追加

ජපන් ගුරුවරියක් වීමේ සිහිනය ?

පොඩිකාලේ ඉදන්ම  මගේ හිතේ කොනක තිබුණු ආසාවක් තමයි කවදහරි දවසක සාරියක් ඇඳල කොන්ඩෙ බැඳලා පොත් ටිකත් තුරුළු කරන් ළමයින්ට උගන්නන්න යන එක. මොනවා උගන්නන ගුරුවරයෙක්ද කියන එකනම් හිතල තිබුණේ නෑ. කොහොමහරි චූටි ටීච කෙනෙක් වෙන්නයි ඕනේ වුනේ.

නොසිතූ හැරවුමක්  !

O/L කරන කාලෙනම් හීනෙ වුනේ ගණන් ටීච කෙනෙක් වෙන්න. එත් O/L වලින් පස්සේ A/L කරන විෂයන් ගැනහිතද්දී කලා විෂයන් වලට පොඩි කැමැත්තක් ඇති වුනා. A/L විෂයන් තෝරද්දී නම් ජපන් කරනවම කියල ලොකු හීනයක් තිබුණේ නෑ. එත් මොකක්දෝ හේතුවකට මං  ජපන් භාෂාව ඉගෙනගන්න පටන්ගත්ත. ඒකට හේතුව මට අදටත් තේරෙන්නේ නෑ.

දැන් හිතෙනවා ඒ තෝරාගැනීම හරී කියල. මොකද කියල කිවුවොත් ජපානේ සංස්කෘතිය අපේ රටත් එක්ක පොඩි සමානකමක් තියෙන නිසා මගේ හීනයට යන එක ලේසි වුණා.

 දැන් ඉන්න මං………

A/L වලට A සාමාර්ථයක් අරන් Campus යන්නත් පුළුවන් වුණා.A/L කරන කාලෙම ජපන් ටීච කෙනෙක් වෙන්න අස කළා. ඒ හින්දම Campus එකේදී අසාවෙන් ජපන් ඉගෙනගත්ත. ඒ කාලෙම ජපන් උගන්නන්නත් පටන්ගත්ත.ඒ ගෝලයෝ තුන්දෙනෙක්ගෙන්.Campus
ජීවිතෙත් ඉවරවෙලා දැන් පොඩ්ඩක් නිදහසේ ඉන්න කාලේ නිසා තව Class දෙකතුනක්ම පටන් ගත්ත.

ලංකාවේ රජයේ පාසලක ජපන් උගන්නන ගුරුවරියක් වෙන්නයි මට ඕනේ.එත්  ලංකාවේ රජයේ රැකියාවක් හොයාගන්නත් ලොකු කට්ටක් කන්න ඕනි නිසා ඒකට තව කොච්චර කල් යයිද?

එතකොට මගේ හීනෙ…….. ?

  • このエントリーをはてなブックマークに追加

Views