Japanese

Minna no Nihongo පළමු පාඩම

  • このエントリーをはてなブックマークに追加

පළමු පාඩම……  

 අද පාඩමේ අලුත් වචන
わたし watashi මම
がくせい gakusei ශිෂ්‍යයා
せんせい sensei ගුරුවරයා
ජපානේ  ගැන ගොඩක් දේවල් දැනටමත් ඔයාල දන්නවා ඇති කියල මං හිතනවා……අද මං ඔයාලට කියල දෙන්නේ පොඩි ව්‍යාකරණ පාඩමක්.ව්‍යාකරණ කිව්වහම පොඩ්ඩක් ඔලුවට බරක් වගේ ඇති.එත් පියවරෙන් පියවර ගියොත් පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.බලන්නකෝ ලේසිද කියල………

මම ~(වේ).

පුද්ගලයෙක් මුලින්ම මුණගැසුනුවිට තමන්ගෙ නම කියා හඳුන්වා දීම සාමාන්‍ය දෙයක්. එක ජපන් වලින් කියන්නේ කොහොමද කියල අපි බලමු .

 わたしは* たかはしです。
watashi wā* takahashi desu.

මම තකහෂි (වේ).

 නිල්පාටින් underline කරලා තියෙන තැනට ඔයාගේ නම දාගත්තහම හරි.

~මහතා ~ නොවේ.

වෙනත් පුද්ගලයෙක් පිළිබඳ කතා කරන විට ඒ පුද්ගලයා නිරත වන රැකියාව පිළිබඳවත් සඳහන් කිරීම සාමාන්‍ය දෙයක්.ඒ විදිහට යම් පුද්ගලයයෙක් එම රැකියාවේ නිරත නොවන බව පහත ආකාරයෙන් කියන්න පුළුවන්.

 やまださんは*  がくせいじゃ(では)ありません。
yamadasan wā* gakusei jā (dewā)arimasen.

යමදා මහතා පාසල් ශිෂ්‍යයෙක් නොවේ.

 ජපන් භාෂාව කියල කියන්නේ ගොඩක්  ආචාරශීලි භාෂාවක් නිසා  පුද්ගලයෙකුගේ නමට පසු “සන් “යන වචනය යොදා ආමන්ත්‍රණය කරනවා .ඒවගේම  “ජා අරිමසෙන්” යන යෙදුමට වඩා “දෙවා අරිමසෙන්” යන්න භාවිත කිරීම තුළින්ද වඩාත් ආචාරශීලි බවක් ගෙනදෙයි.

~මහතා ~ද ?

යම් පුද්ගලයෙක් නිරත වන රැකියාව පිළිබඳ කතා කරන කොට සමහර වෙලාවට අපි ඒ පුද්ගලයා මෙන්න මේ වගේ රැකියාවක් කරන්නේ කියල අනුමාන කරන අවස්ථා තියනවා.ඒ අනුමාන කරන දේ ප්‍රශ්නයක් විදිහට කෙනෙක්ගෙන් අහනවනම් මෙන්න මේ විදිහට ජපන් වලින් අහන්න පුළුවන්.

 たかはしさんは* せんせいですか。
takahashisan wā* sensei desuka.
තකහෂි මහතා ගුරුවරයෙක් ද  ?

~මහතාත් ~(වේ).

කලින් අපි අනුමාන කරලා ප්‍රශ්නයක් අහන විදිහ බැලුවනේ.දැන් කියන්න හදන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහටත් දෙන්න පුළුවන් ව්‍යාකරණ රටාවක් ගැන.

 やまださんも* せんせいです。
yamadasan mo* sensei desu.
යමදා මහතාත් ගුරුවරයෙක් (වේ).

 මං රතු පාටෙන් පොඩි තරුවක් දාලා තියෙන්නේ ජපන් භාෂාවේ තියෙන නිපාත පද වලට.එකත් පොඩ්ඩක් බලන්නකෝ තේරෙනවද කියල.මෙන්න මේක තමයි අපේ පළවෙනිපාඩම………….
  • このエントリーをはてなブックマークに追加

Views