Japanese

How to learn Japanese easily – Lesson 09

  • このエントリーをはてなブックマークに追加

                                         පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.

 

 තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි අටවන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . නවවන  පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවේ යෙදෙන නාම  විශේෂණ  පිළිබඳවයි. ජපන් භාෂාවේ නාම  විශේෂණ කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය . එනම්,

いけいようし  (” i  ” keiyōshi )  සහ  なけいようし  (” Na ” keiyōshi)  වේ .

එනම් , ‘ ඉ ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ සහ   ‘ න’ අකුරෙන් අවසන් වන නාම විශේෂණයි. මේ පාඩම තුළින් නාම විශේෂණ භාවිතා වන්නේ කුමන ආකාරයෙන්ද යන්න  ඉගෙන ගනිමු .

පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් නවවෙනි පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

                                                                     නවවන පාඩම

  1. いけいようし (” i  “keiyōshi)    –  ‘ අකුරෙන් අවසන් වන නාම විශේෂණ
おおきい Ōkii ලොකුයි
さびしい Sabishii පාලුයි
ふとい Futoi මහතයි
ほそい Hosoi සිහින්
ながい Nagai දිගයි
くろい Kuroi කලුයි

 

පහත දැක්වෙන්නේ ” i  “keiyōshi  සහිත නාම විශේෂණ පදයක් යොදා ගනිමින් සාදන ලද වාක්‍යකි .මෙම නාම විශේෂණ භාවිතා වන්නේ නාම පදයකට පසුව වේ. යම්කිසි නාම පදයකට යම්කිසි ලක්ෂණයක් තිබෙන බව පැවසීමට  නාම විශේෂණ භාවිතා වන අතර    ‘ ඉ ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ  කිහිපයක් ඉගෙන ගනිමු .

  1. 2. ~は~です。

     ~ (Noun) wā  ~(” i  “keiyōshi )  des(u) .

 

ぶどうは おいしいです。

budou  wā  oishii  des(u) .

මිදි රසවත් වේ .

 

 

මීට අමතරව ‘ ඉ ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ  භාවිතා කලහැකි තවත් ආකාරයක් ඇත . එනම් නාම පදයට පෙර ද  නාම විශේෂණ භාවිතා කල

හැකිය .උදාහරණ මගින්  විමසා බලමු .

おおきい   いえ

Ōkii         ie

විශාල නිවස

 

 

  1. අකුරෙන් අවසන්වන නාම විශේෂණ පදවල  කාල භේදය
たかい Takai මිල අධිකයි
たかくない Takakunai මිල අධික නෑ
たかかった Takakatta මිල අධික වුණා
たかくなかった Takakunakatta මිල අධික වුණේ නෑ

 

 

 

 

  1. い ( I )    විශේෂණ පදයක්  තවත්  い (   I   )    විශේෂණ පදයකට  හෝ  な  ( Na ) විශේෂණ පදයකට සම්බන්ධ  කිරීම.

මෙහිදී   い (   I   )  විශේෂණ පදයේ ඇති  い (   I   )   ඉවත් කර එයට くて ( Kute  ) ආදේශ කරනු ලබයි .

                                      ~ Adjective   い(   I   )    +   くて

 

おいし         ⇒                   おいしくて

この ㇾストランの  料理は  おいしくて たかいです。

kono resutoran no ryouri wa oishikute  takai des(u).

මෙම අවන්හලේ ආහාර රසවත් වගේම මිල අධික වේ.

                         දෙවන කොටස

 

なけいようし (“Na “ Keiyōshi) –  ‘න’  අකුරෙන් අවසන්වන නාම විශේෂණ

පහත දැක්වෙන්නේ ” Na ” keiyōshi  සහිත නාම විශේෂණ පදයක් යොදා ගනිමින් සාදන ලද වාක්‍යකි .මෙම නාම විශේෂණ භාවිතා වන්නේ නාම පදයකට පසුව වේ .  යම්කිසි නාම පදයකට යම්කිසි ලක්ෂණයක් තිබෙන බව පැවසීමට  නාම විශේෂණ භාවිතා වන අතර  ” Na ” keiyōshi  සහිත නාම විශේෂණ පදයක විශේෂත්වය වන්නේ , වාක්‍යක යෙදීමේදී  විශේෂණ පදයේ ඇති  “න” ඉවත් කර භාවිතා වීමයි .

          1.1  ~は~です。

         ~ ( Noun  )wā       ~  ( “ Na “ keiyōshi  )   des(u).

 

このはなは です。

kono hana wa kirei des(u).

මේ මල ලස්සන වේ .

 

 

මීට අමතරව ‘ න ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ  භාවිතා කල හැකි තවත් ආකාරයක් ඇත . එනම් නාම පදයට පෙර   නාම විශේෂණ පදයක් ලෙස භාවිතා කල හැකිය . උදාහරණ මගින්  විමසා බලමු .

きれいな  はな

Kireina      hana

ලස්සන   මල

 

きれいな Kireina ලස්සන
じょうぶな Jōbuna ශක්තිමත්
にぎやかな Nigiyakana ගෝෂාකාරී
しずかな Shizukana නිශ්ශබ්ද
かんたんな Kantanna සරල
ふくざつな Fukuzathsuna සංකීර්ණ

 

මීට අමතරව ‘ න ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ  භාවිතා කල හැකි තවත් ආකාරයක් ඇත . එනම් නාම පදයට පෙර   නාම විශේෂණ පදයක් ලෙස භාවිතා කල හැකිය . උදාහරණ මගින්  විමසා බලමු .

 

  1. අකුරෙන් අවසන් වන නාම විශේෂණපදවල කාල භේදය
じょうず jōzu දක්ෂයි
じょうずではない/じょうずでは

ありません

jōzu dewa nai  /  jouzu dewa arimasen දක්ෂ නැහැ
じょうず でした jōzu  desh( i )ta දක්ෂ විය
じょうずでは

ありませんでした

jōzu dewa arimasen desh(i)ta දක්ෂ වුණේ නැහැ

 

 

 

  1. ( Na ) විශේෂණ පදයක්   තවත් ( Ī ) විශේෂණ  පදයක්  හෝ  ( Na  ) විශේෂණ  පදයක්   සමඟ සම්බන්ධ  කිරීම .

මෙහිදී  な ( Na  ) විශේෂණ  පදයේ ඇති   な ( Na  ) ඉවත් කර  එයට  で ( de ) ආදේශ කරනු ලබයි .

 

                                                     Adjective  な ( Na  )  +  で ( de )

 

じょうず                ⇒               じょうずで

彼女は じょうずで しんせつ です。

kanojo wa jouzu de shinsetsu des(u).

ඇය දක්ෂ වන අතර කරැණාවන්ත වේ.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views