Japanese

How to learn Japanese easily – Lesson 15

  • このエントリーをはてなブックマークに追加

            පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.

තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි දහදතරවන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . පහළොස්වන  පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවේ යෙදෙන ව්‍යාකරණ කිහිපයක් හා එවා භාවිත කරන ආකාරයයි.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් පහළොස්වන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

                  පහළොස් වන පාඩම

 1.  ( ඔ ) නිපාතය  

මෙම  නිපාතය  වාක්‍යක  කර්මයට පසු යොදයි .  “ ඔ”  ලෙස උච්චාරණය කරයි .

わたしは りょうり をつくります。

Wtashi wā  ryōri wō  tsukurimas(u) .

මම ආහාර සාදනවා

 

 

 

2.~ましょう / ~ましょうか。

       ~ Mashō   /  ~ mashōka? 

 Verb mas(u)    +    mashō   / mashōka?

 මෙම  ව්‍යාකරණ ස්වරූපය භාවිතා කරන්නේ  යම් ක්‍රියාවක් සිදුකිරිමට යෝජනා කිරීමේදීය .මෙම ක්‍රියාපද  ස්වරූපය සාදා ගන්නේ , ක්‍රියාපදයේ mas(u)  ස්වරූපය ඉවත්කර  එයට Mashō   /  mashōka?  එකතු කිරීමෙනි. නිදසුන් මගින්  විමසා බලමු .

ジュースを のみましょうか?

Jūsu wō nomimashōka?

ජූස් බොමුද?

 

 

                                     දෙවන කොටස

  1. ~てForm

          ~ Te  Form

බොහෝ විට  පුර්ව ක්‍රියා  පැවසීමේදී  , ක්‍රියාවන් කීපයක්  ඒක විට ප්‍රකාශ කරන විට  ,  මෙම  ~てස්වරූපය භාවිතා වේ . てස්වරූපය සාදා ගන්නා  ආකාරය  පහත  සටහන මගින් අවබෝධ කර ගනිමු . එහිදි ක්‍රියාපදයේ කාණ්ඩය අනුව හා ක්‍රියාපදය අවසන් වන අක්ෂරය මත ~てස්වරූපය ගොඩනැගෙන ආකාරය වෙනස් වේ.

1 වන කාණ්ඩයේ ක්‍රියාපද

 

ますForm Form ( Te Form) උච්චාරණය අර්ථය
かいます って Katte මිලදී ගන්නවා
のぼります のぼって Nobotte නගිනවා
まちます まっ Matte රැදී  සිටිනවා
よみます んで Yonde කියවනවා
あそびます あそんで Asonde විනෝද  වෙනවා
かきます かいて Kaite ලියනවා
ぬぎます ぬいで Nuide ගලවනවා
はなします はなして Hanashite කතා කරනවා

 

2 වන කාණ්ඩයේ ක්‍රියාපද

 

たべます たべて Tabete කනවා
ねます ねて Nete නිදියනවා

3 වන කාණ්ඩයේ ක්‍රියා පද

 

きます きて Kite පැමිණෙනවා
します して Shite කරනවා
  1. ~て ください                                                                                                                                                                                                    ~te kudasai. 

     

    ජපන් භාෂාවෙන්  යම්කිසි දෙයක් කරන  ලෙස  ආයාචනා  කිරීමේදී  ~てこださい ( te kudasai) භාවිතා කරයි.~てください ස්වරූපය භාවිතා කරන්නේ   බොහෝවිට  තමන්ට වඩා  වැඩිමල්  පුද්ගලයෙකුට  යම්කිසි ක්‍රියාවක්  කරන ලෙස   පැවසීමේදීය. එනම් කරැණාකර යමක් සිදු කර දෙන මෙන් ඉල්ලා සිටීමයි

    この くすりを  のんでください。                                                                                            Kono  kusuri wō nonde kudasai.                                                                                          කරැණාකර මේ බෙහෙත් බොන්න.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views