Culture

Keep your heart and mind

  • このエントリーをはてなブックマークに追加

                               ගත සිත නිරෝගී කර ගනිමු

යම්කිසි ක්‍රීඩාවක, කලාවක නිරත වීම මගින් අපගේ මනස හා ශරීරයෙහි නීරෝගී බව පවත්වා ගන්න පුළුවන්. ජපානයේ  පවතින සටන් කලාවන් මොනවද? ඒවා පුහුණුවෙන්නේ කොයි ආකාරයෙන්ද? කියන එක ගැන දැනගන්න ඔයාලත් කැමතියි නේද…. කරාතේ ,සූමෝ වගේ සටන් කලාවන් පිළිබඳව දැනටමත් ඔබ දන්නවා ඇති. ඒදේවල් වගේම ජපානයේ ඇති වෙනත් සටන් කලාවන් කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් ඉදිරිපත් තරලා තියෙනවා.

                   කෙන්දෝ (Kendo)

කෙන්දෝ යනු ජපානයේ සාම්ප්‍රධායික සටන් කලාවකි. එහිදී කඩුවක් හසුරවමින් සටන් කිරීම සිදුකරයි .වර්තමානයේදී උණ ලී වලීන් තැනූ කඩුවක් යොදා ගන්නා අතර බෝගු (bōgu) නමින් හදුන්වන ආරක්ෂක ඇදුම් කට්ටලයක් භාවිත කරයි. පුහුණුවීම් ප්‍රධාන ආකාර තුනක් යටතේ සිදු කරයි. එනම්,

  1.  Mitiri geiko
  2. Kufū geiko
  3. Kazu geikko නම් වේ.

 

              

                   ක්යෝදෝ (Kyūdō)

දුනු විදීමේ ජපන් සට න් කලාව ක්යෝදෝ නමින් හදුන්වයි. මෙහිදී යොදාගන්නා දුන්න මීටර් දෙකක් පමණ උස වන අතර උණ ලී ආදියෙන් නිර්මාණය කරනු ලබන අතර මේ වනවිට ඒ සඳහාද ආදේශක ද්‍රව්‍ය යොදා ගන්නා ප්‍රවණතාවය වැඩි වී ඇත. ඊතලයටද උණ ලී යොදාගන්නා අතර රාජාලියන් උකුස්සන් වැනි පක්ෂින්ගේ පිහාටු යොදාගත්තද වර්තමානයේදී උණ ලී වෙනුවට ආදේශක යොදා ගන්කනා අතර කළුකුමා හංසයින්ගේ පිහාටු යොදා ගනියි.

              

කරාතේ (karate)

වර්තමානයේදී  ලංකාව තුළත්  කරාතේ සටන් කලාව  බොහෝ ජනප්‍රියව පවතිනවා. ජපන් වචනයක් වූ කරාතේ (空手) යන්නෙහි තේරැම හිස් අත් යන්නයි. මෙහිදී ක්‍රීඩකයා සිටින මට්ටම අනුව විවිධ වර්ණවලින් යුතු පටි පැළදීම සිදු කරනවා.

ජපානය තුළ මෙවැනි සටන් කලාවන්  පිළිබඳ පුහුණුව පාසල තුළදීම ලබාදෙනවා. ඒවගේම විවිධ තරඟ සංවිධානය මගින් සිසුන්ට තම දක්ෂතා දක්වන්නටත් අවස්ථාව ලබා දී තිබෙනවා. එමගින් ජය පරාජය සම සිතින් දරා ගැනීමටත් මානසික හා ශාරීරික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනිමටත් හැකියාව ලැබී තිබෙනවා එබැවින් කුඩා කළ පටන්ම අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් එකසේ අවධානය ලබා දීම වැදගත්.

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views