Japanese

Japan Expo 2018

  • このエントリーをはてなブックマークに追加

Japan Expo කියන්නේ මොකද්ද ?

Japan Expo කිවූ සැනින් හිතට නැගෙන්නේ  එහි අර්ථය නේද ?  අලුතින් යමක් ගැන ගවේෂණය කරනවා යන්න නේද ?  ඒත් මන් දැන් කියන්න යන්නේ Japan Expo යනුවෙන් කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැත්වුණු   ජපානය හා සම්බන්ධව  තිබු ප්‍රදර්ශනය  පිළිබඳවයි.

 

    

 

Japan Expo බලන්න ඔයත් ආවද ?

මෙම ප්‍රදර්ශනය තුළදී  ජපානය සහ  එහි සංස්කෘතිය සමග බැඳී  විචිත්‍රවත් දෑ රැසකින් සමන්විත කුටි දැකගැනීමට හැකි වූ අතර  බොහෝ  දෙනා  මේ සඳහා සහභාගී  විය . සහභාගී වූ සියලු දෙනාට  පුංචි ජපානයක තනිවුවා සේ  හැඟෙන්නට  ඇත .

 

Takahashi JLC  කුටිය වෙත ඔයා අවාද ?

අප ආයතනය මගින්   Japan Expo ප්‍රදර්ශනය තුළදී සකස් කර තිබූ  කුටිය වෙත ඔබත්  ආවේ නම් ,  අප ආයතනය මගින්  ප්‍රකාශයට පත් කරන ලද පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්  යන කෘතිය  එළිදැක්වීම  මෙන්ම  එම පොත අලෙවි කිරිමද , සිදුවිය .

JLPT  N5  විභාගයට නියමිත ව්‍යාකරණ මුල් කරගනිමින්  මෙම පොත ලියා ඇත.  එසේම මුලින්ම ජපන් භාෂාව ඉගෙන ගන්නා  කෙනෙකුට පහසු වන අන්දමින් , තේරුම් ගත හැකිවන අන්දමින්  ඉතා  සරල ලෙස  මෙම පොත සකස් කර ඇත .

     

 

පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම් …

අප ආයතනය මගින් සාදන ලද  , මෙම කෘතිය ඔබත් මිලදී ගත්තේ නම් , එහි වටිනාකම  ඔබට වටහා ගත හැකි වනු ඇත . එසේම , මෙම පොත මිලදී ගැනීමට ඔබත් අදහස් කරන්නේ නම්  අප ආයතනයට පැමිණ ලබා ගැනීමේ හැකියාව ඇත . අප ආයතනයේ  ලිපිනය පහතින්  දැක්වේ .

 

තකහෂි  ජපන් භාෂා ආයතනය ,

නො: 51 ,

කාමෙල් පෙදෙස , 

කොළඹ 03

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views