Culture

What does you mean about “Dekichatta kon”?

  • このエントリーをはてなブックマークに追加

ජපානයේ විවාහය කොයි වගේද…

ජපානයේදී තමාගේ සහකරැවා හෝ සහකාරිය සොයාගන්නා ආකාරය අනුව එනම්, යෝජනාවකට අනුව සහකරැ තෝරාගැනීම “ඔමිඅයි” ලෙසත් ආදර සම්බන්ධයකින් සහකරැ තෝරාගැනීම “රෙන්අයි” ලෙසත් හදුන්වනවා. අතීතයේදී ජපන් යුවතියන් තම සහකරැ තෝරාගැනීමේදී උස, අධ්‍යාපන මටිටම ඉහළ, ධනවත් තරැණයෙක් සොයා ගැනීමට උනන්දු වුවත් වර්තමානය වන විට ටම් තත්වය බොහෝදුරට වෙනස් වී සාමාන්‍ය කාර්යාලයීය සේවයේ නියුතු තරැණයින් සොයා ගැනීමට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා .

ජපානයේදී විවාහ උත්සව ෂින්තෝ සම්ප්‍රධායට අනුව හෝ කතෝලික පල්ලිය තුළ සිදුකරනවා.  ෂින්තෝ සම්ප්‍රධායට අනුව සිදු කරන විවාහයකදී මනාලිය හා මනාලයා සාම්ප්‍රධායික කිමෝනාව අඳින අතර මනාලිය සුදු පැහැති හිස් පලඳනාවක්  පළදිනු ලබනවා .මනාලියගේ කිමෝනාව සුදු හා රතු වර්ණ වලින් සමන්විතයි. කතෝලික පල්ලිය තුළ සිදු කරන විවාහ උත්සව බටහිර රටවල සිදු කරන උත්සව වලට බොහෝදුරට සමානයි.

තෝකියෝව වැනි නගරවල  කාර්යබහුල ජීවිත ගත කරන තරැණ තරැණියන් අධ්‍යාපනය, රැකියාවේ ස්ථාවරත්වය ආදී කරැණු මූලික කර ගනිමින් විවාහය ප්‍රමාද කළත් නගරයෙන් ඈත පළාත් වලට වන්නට තරැණ තරැණියන් ඉක්මනින් තම විවාහය සිදුකරගැනීමට යොමු වේ. ලංකාව තුළද මෙම තත්වය  බොහෝදුරට සමානතාවයක් දැකිය හැකි නොවේද?  මෙලෙස ප්‍රමාද වී සිදු කරන විවාහ ජපන් බසින් බන්කොන් (Bankon) ලෙසින් හදුන්වනවා.

 

ජාත්‍යන්තර විවාහ…

එකම රටක් එකම ජාතියක් අතර සිදුවන විවාහ බහුල වුවත් වර්තමානය වන විට  ගෝලියකරණය වූ ලෝකයක් තුළ වෙනත් රටවල් හා වෙනත් ජාතීන් සමඟ සිදු කරන සම්බන්ධතා පුළුල් වීම නිසා ජාත්‍යන්තර විවාහ සිදු කරගන්නා පිරිස වැඩි වී තිබෙනවා. විශේෂයෙන්ම අධ්‍යපනය හා රැකියා සඳහා විදෙස් ගත වූ විට හමුවන වෙනත් රටවල තරැණ තරැණියන් සමඟ ප්‍රේම සබඳතා  ගොඩනගාගෙන විවාහය සිදු කර ගැනීම නිරන්තරයෙන් අසන්නට ලැබෙන දෙයක්. ජපානය තුළ වගේම ලංකාව තුළත් මෙම තත්වය දකින්න පුළුවන්. 

මොකක්ද මේ “දෙකිචත්තා කොන්” කියන්නෙ?

විවාහ වී නොමැති තරැණ යුවලකට දරැවන් ලැබීමෙන් පසුව හෝ ගර්භනී වීමෙන් පසුව විවාහ වීම ජපන් බසින්  “දෙකිචත්තා කොන්” ලෙසින් හදුන්වනවා. අතීතයේදී මෙවැනි තරැණ තරැණියන් දෙස සමාජය අප්‍රසාදයකින් යුතුව බැලුවද වර්තමානය වන විට මෙම තත්වය සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. බටහිර රටවලත් මෙවැනි සිදුවීම් දැකගත හැකි වුවත් ලංකාව තුළ නම් මෙවැනි අවස්ථා පිළිබඳව දැනගැනීමට ලැබී නැහැ.

ඉතින් ඔබේ අදහස මොකක්ද මෙ වගේ (දෙකිචත්තා කොන්) සංකල්පයක් අපිට ගැළපෙනවද?  නැද්ද? සමාජය ඒ දිහා කොයි විදිහට බලයිද? හිතල බලන්න ඔබට භාරයි….

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views