Japanese

How to learn Japanese easily – Lesson 11

  • このエントリーをはてなブックマークに追加

                                ජපන් ඉගෙන ගනිමු.

 තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි දහවන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා ඔබට මතක ඇති. එකොළොස්වන පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවේ යෙදෙන නිපාත කිහිපයක් හා එවා භාවිත කරන ආකාරයයි.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් එකොළොස්වන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.
                                                     එකොළොස්වන පාඩම
  1. (Ni) නිපාතය

ජපන් භාෂාවේදී මේ නිපාතය අර්ථ කීපයකින් භාවිත වෙයි.

  1. “ට” අර්ථය හැඟවීමට
  2. “ගෙන්” අර්ථය හැඟවීමට

 

  1. が います / あります。

      ~ ni ~ gā   imas(u)/arimas(u).

යම්කිසි ස්ථානයකට පසුව “Ni” නිපාතය භාවිතා කළ හැකිය.එනම් එම ස්ථානයේ යම්කිසි පුද්ගලයෙක් සිටිනවා හෝ යම්කිසි දෙයක් තියනවා යන අර්ථයෙනි.එමගින් “Ni” නිපාතයට පෙර එන නාම පදය අවධාරණය කිරීමකට ,දැඩිව කීමකට ලක්වෙයි.

しょくどうに がくせいが* います。

Shokudou ni gakusei gā  imas(u).

ආපනශාලාවේ ශිෂ්‍යයින් සිටී .

*Gā නිපාතය පිළිබඳව මේ පාඩමේ 2 කොටසින් විස්තර කෙරේ

 

 

 

  1. にいます / あります。

     ~ ~ ni  imas(u)/arimas(u).

ඊට අමතරව පහත උදාහරණ ආකාරයෙන්ද මේ “Ni”නිපාතය යෙදේ.

タールカーさんは としょかんに います。

Tarukasan wā toshokan ni imas(u).

තාරුකා පුස්තකාලයේ සිටී.

 

 

 

    4.~が います / あります。

    ~ no ~ ni ~ gā imas(u)/arimas(u).

きの したに ねこが います。

kii no shita ni neko gā imas(u).

ගස යට පූසෙක් සිටියි.

 

 

                                                      දෙවන කොටස

 

     1.や などが

    yā  ~ ~  nado gā ~

[හා ~ හා ~ යනාදිය ] නමැති අර්ථය ගෙනදෙයි

 

わたしは りんごや みかんや ぶどうなどが すきです。

Watashi wā ringo yā  mikan yā budou nado gā sukides(u).

මම ඇපල් හා දොඩම් හා මිදි යනාදියට කැමතියි.

 

 

 

  1. が (Gā) නිපාතය

“Gā” නිපාතය යනු ජපන් භාෂාවේ යෙදෙන ප්‍රධාන නිපාතයකි.මෙම නිපාතය  います[imas(u)]、あります[arimas(u]යන පදවලට පෙර යෙදෙන නාමපදයට පසුව යොදයි.いますයන්නෙන් “ඉන්නවා”යන අර්ථයද ありますයන්නෙන් “තිබෙනවා”යන අර්ථයද හැඟවේ.

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views