Japanese

How to learn Japanese easily – Lesson 12

  • このエントリーをはてなブックマークに追加

                              ජපන් බසින් ගණන් කරමු.

 තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි එකොළොස්වන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . දොළොස්වන  පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවෙන් ගණන්  කිරීම සිදු කරන ආකාරයයි. ජපන් භාෂාවෙන් ගණන්  කිරීම සිදු කරන විට එය භාණ්ඩ , සතුන් , මිනිසුන් ආදී වශයෙන් එකිනෙකට ගණන් කරන ආකාරයන් වෙනස් වේ. ඒවා මොනවාදැයි  ඉගෙන ගනිමු .  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත්  දොළොස්වන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.
                                   දොළොස්වන පාඩම

1.1මිනිසුන් ගණන් කිරිම 

 

ひとり Hitori මිනිසෙක්
ふたり Futari මිනිසුන් 2යි
さんにん Sannin මිනිසුන් 3 දෙනයි
よにん Yonin මිනිසුන් 4 දෙනයි
ごにん Gonin මිනිසුන් 5  දෙනයි
ろくにん Rokunin මිනිසුන් 6 දෙනයි
ななにん Nananin මිනිසුන් 7 දෙනයි
はちにん Hachinin මිනිසුන් 8 දෙනයි
くにん Kunin මිනිසුන් 9 දෙනයි
じゅうにん jῡnin මිනිසුන් 10 දෙනයි

 

A:    ここに おんなのこが なんにんいますか。

kokoni  onnanoko ga nan nin imas(u)ka?

මෙතන ගැහැණු ළමුන් කීදෙනෙක් ඉන්නවද?

 

B:        ごにん います。

Gonin imas(u).

පස් දෙනෙක් ඉන්නවා.

 

 

1.2  සිහින්,  පැතලි දේවල්  ගණන් කිරීම . ( මුද්දර , ලියුම් කවර , කඩදාසි , පිගන් , ලේන්සු , කමිස  වැනි දේ )

 

いちまい Ichimai එකයි
にまい Nimai දෙකයි
さんまい Sanmai තුනයි
よんまい Yonmai හතරයි
ごまい Gomai පහයි
ろくまい Rokumai හයයි
ななまい Nanamai හතයි
はちまい Hachimai අටයි
きゅうまい Kyῡmai නවයයි
じゅうまい jῡmai දහයයි

 

A:     ここに おさらが なんまい ありますか。

Koko ni osara ga nanmai arimas(u)ka?

                          මෙතන පිඟන් කීයක් තිබේද?

 

B:    いちまい あります。

ichi mai arimas(u).

එකක් තිබේ.

 

 

1.3 ගෘහ  භාණ්ඩ  සහ  රවුම් හැඩයෙන් යුතුදේ ගණන් කිරීම . කෝප්ප , මේස , පුටු , බිත්තර වැනි දේ  )

 

ひとつ Hitotsu එකයි
ふたつ Futatsu දෙකයි
みっつ Mitsu තුනයි
よっつ Yotsu හතරයි
いつつ Ithsusu පහයි
むっつ Mutsu හයයි
ななつ Nanatsu හතයි
やっつ Yatsu අටයි
ここのつ Kokonotsu නවයයි
とお දහයයි
             A:   ここに たまごが いくつ ありますか。
                    Kokoni tamago ga ikutsu arimas(u)ka?
                   මෙතන බිත්තර කීයක් තිබේද?
                             
           B:    いつつ あります。
                   Itsutsu arimas(u).
                  පහක් තිබේ.

1.4  කුඩා සතුන්  ගණන් කිරීම . ( බල්ලන් , පුසන්, මාළුන් , කෘමින්  ආදිය  ) 

 

いっぴき Ippiki එක්කෙනයි
にひき Nihiki දෙන්නයි
さんびき Sanbiki තුන් දෙනයි
よんひき Yonhiki හතර දෙනයි
ごひき Gohiki පස් දෙනයි
ろっぴき Roppiki හය දෙනයි
ななひき Nanahiki හත් දෙනයි
はっぴき Happiki අට දෙනයි
きゅうひき Kyuhiki නව දෙනයි
じゅっぴき juppiki දහ දෙනයි

 

A:   いぬが なんびき いますか?

Inu ga nanbiki imas(u)ka?

මෙතන බල්ලන් කීයක් ඉන්නවද?

 

B:    にひき います。

Nihiki imas(u).

දෙදෙනෙක් ඉන්නවා.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views