Japanese

ජපානයයි කොරියාවයි එක වගේද… ???

  • このエントリーをはてなブックマークに追加

ජපානයෙයි කොරියාවෙයි සමාන කමක් තියනවාද ?

ජපනයෙයි කොරියාවෙයි  සමානකම් ගැන කතා කරද්දී  ජපානේ, කොරියාව  ගොඩක් සමාන රටවල් කියල කියන්න පුළුවන් . ඉතින් ඇයි මන් එහෙම කියන්නේ කියලා දන්නවද ?

ඇත්තටම කිව්වොත් මේ රටවල් 2ක ගොඩක් සමාන රටවල් කියල කියන්න පුළුවන් . එයාලගේ ආහාර සංස්කෘතිය , ඇඳුම්  ආදී දේ  ගැන කිව්වොත් ගොඩක් සමානකම් තියනවා කියල කියන්න පුළුවන් .

       

 

 

ජපන් – කොරියන්  භාෂාවේ සමාන වචන ටිකක් බලමුද ???

1. පුස්තකාලය  –  තොශෝකන්    –  තොසොග්වන්

2.ලී බඩු           –   කගු                   –  කගු

3. රෝහල      –    බ්යෝඉන්          –   බ්යොන්වොන්

4. ෆාමසිය    –   යක්යොකු              –  යග්ගුක්

5.  බෑගය       – කබන්                       – කාබන්

 

        

 

තවත් මොනාද ….???

ජපන්යෙයි කොරියාවෙයි  භාෂාව ගැන කියද්දී  ගොඩක් සමානකම් මොනවද කියල ඉහතින් දැක්ක . තවත් සමානකමක් ගැන කියනවා නම් , ජපානයේ කන්ජි අකුරු තියනවා වගේම  අතීතයේදී කොරියාවෙත් හන්ජා හෙවත් ජපන් කන්ජි අක්ෂර භාවිතා වුණා කියල දන්නවද ?

තවත් දුරට කිව්වොත් , ජපානය සහ කොරියාව කියන්නේ තමන්ගේ රටේ භාෂාව  ප්‍රධාන භාෂාව විදියට භාවිතා කරන ජාතින් 2ක් .ඉතින් ඒකත් සමානත්වයක් විදියට කියන්න පුලුවන් .

 

         

 

විශේෂම දේ …..!!!

මේ රටවල් 2කෙම ඉන්න අයගේ විශේෂත්වය  තමයි කලට වෙලාවට අනුව වැඩ කරන ඒක. ඒ වගේම  තමන් කරන රාජකාරිය අකුරටම ඉටු කරනවා වගේම  අනුන්ගේ දේවල් ගැන හොයන්නේ නැතුව තමන්ගේ රාජකාරි වල  නියුතු වන ඒක මේ ජාතීන්ගේ හොඳ පුරුද්දක් විදියට කියන්න පුලුවන් !!!

ඔයත් මේ දේවල් ගැන හිතල , ගත යුතු හොද දේ ගත්තොත් හොඳයි නේද ?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views