Japanese

ජපානයට ආදරය කරන මා ……

  • このエントリーをはてなブックマークに追加

මම මුලින්ම ජපානය  ගැන දැනගත්තේ  කොහොමද…..  ?

මම ලාංකිකයෙක් විදියට ජපානේ ගැන මුලින්ම දැනගත්තේ  ඔෂින් කියන නාට්‍ය බලන්න ගත්තට පස්සේ . ඉතින්  ඒ කාලේ මම පොඩි නිසා අම්මගෙන් ටිකක් අහල දැනගත්ත ජපානේ ගැන . තව අම්ම කියපු කතාවක් තමයි ; ජපානයට බෝම්බ දාපු වෙලාවේ  ජපානේ ධෛර්යමත් කරලා , ශක්තිමත් කරපු රට තමයි අපේ ලංකාව .   ඉතින් එදා එහෙම  වුණු සිද්ධිය තමයි මුලිකවම ජපානෙයි ලංකාවයි අතර තියන ශක්තිමත් බැඳීමට හේතුව .

 

ඇයි දන්නවද මම ජපානෙට ආදරේ කරන්න පටන් ගත්තේ ?

මම ජපානේ ගැන අම්මගෙන් දැනගත්තට පස්සේ , තවත් දුරට ජපානේ ගැන  දැනගන්න ඕනේ වුණා . ඉතින් මම පොත්පත් වලිනුත් ඒ ගැන දැනගත්ත වගේම මගේ නිවස අසල ජපන් ගැන දන්න අක්ක කෙනෙක්ගෙන් ජපන් භාෂාව ගැන අහගත්තා . ඒ  නිසාමදෝ නොදන්නා නමුත් මගේ හිතේ ලොකු ආසාවක් ඇතිවුණා ජපන් ඉගෙන ගන්න .

දිගටම ජපන් භාෂාව ඉගෙන ගන්න ඇති වුණු ආශාව නිසා ජපන් පන්තියකට සහභාගී වෙලා ජපන් හිරගන , කතකන හෝඩ් ගැන අවබෝධයක් ලබා ගත්ත .

 

       

ජපන් භාෂාව තව දුරටත්……

උසස් පෙළ කඩඉම ජයගත් මා විශ්ව විද්‍යාලය තුළදීද ජපන් භාෂාව  විෂයක් වශයෙන් ඉගෙන ගන්නට වූයේ , ජපන් භාෂාවට ඇති කැමැත්තත් , ජපානයට ඇති ආදරයත් නිසාවෙනි .

භාෂාවත් යම්තාක් දුරට ප්‍රගුණ කල නිසා මා ජපන් චිත්‍රපට බැලීමටත් නැඹුරු විය . ඒ නිසාවෙන් ජපානයට ඇති ආදරය තවත් වැඩි වූ බව කිව හැකිය .තවද , ජපන් Animation  වගේ දේවල් බලපු  නිසාත් ජපානය ගැන  තියෙන කැමැත්ත  වැඩි වෙන්න  හේතුවක් වුණා .

 

         

 

ජපානෙට ආදරේ කරපු හින්ද මට ලැබුණු  තෑග්ග …..!!!

ජපානය ගැන ටිකෙන් ටික විවිධ දේවල් දැනගත්ත මම  ඒ ආශාව නිසාම මා නැවතුන තැන දන්නවද ? මගේ ජීවිතේ තිබුණු ලොකුම හීනයක් වුණේ , විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන එක .ඉතින් ඒ හීනේ හැබෑ වුණේ  මම ජපානයට ආදරය කරපු නිසා කිව්වොත් මම නිවැරදි කියල හිතෙනව . ඒ ඇයි කියල කිව්වොත් ….

මම O/L  විභාගය සමත් වෙලා , උසස් පෙළ සඳහා තෝරගත්ත විෂයන්ගෙන් 1ක් තමයි ජපන් භාෂාව කියන්නේ . ඉතින් , ජපන් භාෂාවට ඉහළ z අගයක් තිබුණු නිසාත් , මම මහන්සි වෙලා ජපන් භාෂාව පාඩම් කරපු හින්දත් , එක ලොකු සුදුසුකමක් වුණා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න .

 

           

 

 

  • このエントリーをはてなブックマークに追加

Views