Japanese

වෙලාව කියන්නේ කොහොමද?

  • このエントリーをはてなブックマークに追加

පස්වෙනි පාඩම

තුන්වෙනි  පාඩම විදිහට අපි ඉගෙනගත්තේ ඉලක්කම් ගැන නේ………..අද අපි බලමු වෙලාව ගැන කියන්නේ කොහොමද කියල…………..ඒ වගේම, වෙලාව කියන අවස්ථාවන් භාවිත කරලා තියෙන වාක්‍ය රටාවන් කිහිපයකුත් ඉගෙනගනිමු .

පැය 

පැය වලට ජපන් වලින් කියන්නේ ji  කියලා….එත් ඒක ඉලක්කම් 12ට අනුව වෙනස් වෙනවා.

1 ⇒ ichiji
2 ⇒ niji
3 ⇒ sanji
4 ⇒ yoji
5 ⇒ goji
6 ⇒ rokuji
7 ⇒ shichiji
8 ⇒ hachiji
9 ⇒ kuji*
10 ⇒ jūji
11 ⇒ jūichiji
12 ⇒ jūniji

විනාඩි

විනාඩි වලට ජපන් වලින් කියන්නේ bun  කියලා.එතනදී 1,3,4,6,8 හා 10 ත් 2,5,7,9 කියන විදිහත් වෙනස් වෙනවා.

1 ⇒ ippun
2 ⇒ nifun
3 ⇒ sanpun
4 ⇒ yonpun
5 ⇒ gofun
6 ⇒ roppun
7 ⇒ nanafun
8 ⇒ happun
9 ⇒ kyufun
10 ⇒ juppun

තත්පර වලට කියන්නේ byo කියලා.

දැන් අපි බලමු මේ පැය, විනාඩි ගණන් කියල වාක්‍යක් ගොඩනගන්නේ කොහොමද කියලා.

දැන් වෙලාව ~යි.

කවුරුහරි අපෙන් වෙලාව ඇහුවොත් හරි වෙලාව කියද්දී හරි මෙන්න මේ විදිහටයි කියන්නේ.

いま ふんです。
ima   jifun des(u).
දැන් වෙලාව 4යි 5යි .

මම ~ඉඳලා ~වෙනකම් වැඩ කරනවා

තමන් ගැන විස්තරයක්  කියද්දී මෙන්න මේ වගේ වාක්‍යක් වුනත් යොදාගන්න පුළුවන්.

わたしはじから じまで はたらきます。
watashi wā ji kara ji made hatarakimas(u).
මම 9 ඉඳලාවෙනකම් වැඩ කරනවා.

මම උදේ ~ට නැගිටිනවා

わたしは あさ じに おきます。
watashi wā asa 6 ji ni okimas(u).
 මම උදේ 6 ට නැගිටිනවා.

මම ~ පාඩම් කළා

අද ,හෙට ,ඊයේ ,අනිද්දා ,පෙරේදා වගේ වචන ජපන් වලින් කියන්නේ කොහොමද…..?

ඊයේ  ⇒ kinō
අද     ⇒ kyō
හෙට ⇒ ash(i)ta
අනිද්දා ⇒ asatte
පෙරේදා ⇒ ototoi

わたしは きのう べんきょうしました。

watashi wā kinō benkyōshimash(i)ta.

මම ඊයේ පාඩම් කළා.

මෙන්න මේ කාලය හඟවන වචන දාලා ඔයාලට මේ වාක්‍යත් වෙනස් කරලා කියන්න පුළුවන්.
ඉතින් අද මෙතනින් පාඩම ඉවරයි…බලන්නකෝ ඔයාලත් මේ විදිහට වෙලාව කියන්න උත්සාහ කරලා…..
  • このエントリーをはてなブックマークに追加

Views