Japanese

How to learn Japanese easily – Lesson 14

  • このエントリーをはてなブックマークに追加

          පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.

තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි දහතුන්වන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . දහහතරවන  පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවෙන් යම්කිසි දෙයක් අවශ්‍ය බව පවසන ආකාරයයි.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් දහහතරවන  පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

          දහහතරවන පාඩම

යම්කිසිදෙයක් අවශ්‍ය බව කීමේදී පහත දැක්වෙන පරිදි වචන භාවිත කල හැකිය.නමුත් පුරුෂ භේදයන්ට අනුව භාවිත කරන වචන වෙනස් වේ.

~が ほしいです。

~ gā  hoshii des(u).

~を ほしがっています。                        ~ අවශ්‍යයි.

~ Wō hoshigatte imas(u).

~を ほしがります。

~  wō hoshigarimas(u).

 

 

  1. が ほしいです。

     ~ gā hoshii des(u).

 

උත්තම පුරුෂ සහ මධ්‍යම පුරුෂ(මම,අපි,ඔබ,ඔබලා) සමඟ නම්

 ⇓

~が ほしいです。

~ gā  hoshii des(u).

 

わたしは くるまが ほしいです。

Watashi wā kuruma gā hoshii des(u).

මට වාහනයක් අවශ්‍යයි.

 

 

 

  2.~をほしがっています。

      ~Wō hoshigatte imas(u). 

ප්‍රථම පුරුෂ (ඔහු,ඇය,නයනි,කසුන්,ගුරුවරයා,ශිෂ්‍යයා) සමඟ නම්

 ⇓

~を ほしがっています。

~ Wō hoshigatte imas(u).

 

 

かのじょは パソコンを ほしがっています。

 Kanojo wā pasokon wō  hoshigatte imas(u).

ඇයට ලැප්ටොප් පරිගණකයක් අවශ්‍යයි.

 

 

 

 

  1. ~を ほしがります。

      ~  wō hoshigarimas(u).

පොදු පුද්ගල කණ්ඩායමක් සමඟ නම්

~を ほしがります。

~  wō hoshigarimas(u).

 

こどもが おかしを ほしがります。

Kodomo gā okashi wō hoshigarimas(u).

ළමයින්ට රසකැවිලි අවශ්‍යයි.

 

 

 

 

යම්කිසි ක්‍රියාවක් කිරීමට අවශ්‍ය බව කීමේදී පුරුෂ භේදයට අනුව භාවිතා කරන වචනය මෙන්ම නිපාතයද වෙනස් වේ.මෙහිදී ක්‍රියාපදයේ ます(mas(u)) ස්වරූපයේ ます(mas(u)) කොටස ඉවත්කර පහත දැක්වෙන අයුරින් වාක්‍ය වලදී යොදාගනී.

 

~が ます + たいです。

~ gā     mas(u)  +   tai des(u).

~を ます + たがっています。                  ~ අවශ්‍යයි.

~ wō    mas(u)  +   tagatte imas(u).

~を ます + たがります。

~ wō    mas(u)   +   tagarimas(u).

 

 

 

  1. ~たいです。

     ~taides(u).

උත්තම පුරුෂ සහ මධ්‍යම පුරුෂ (මම,අපි,ඔබ,ඔබලා) සමඟ නම්

                        ⇓

~が/を ます + たいです。

~ gā/wō   mas(u)  +   tai des(u).

 

わたしは おこまみやきを たべたいです。

Watashi wā okonomiaki wō tabetai des(u).

මට  ඔකොනොමියකි (ජපන් ආහාර වර්ගයක්) කන්න අවශ්‍යයි.

 

 

 

 

  1. ~たがっています。

    ~ tagatte imas(u).

ප්‍රථම පුරුෂ (ඔහු,ඇය,නයනි,කසුන්,ගුරුවරයා,ශිෂ්‍යයා) සමඟ නම්

 ⇓

~を ます + たがっています。

~ wō    mas(u)  +   tagatte imas(u).

 

 

かれは にほんへ いきたがっています。

Kare wā nihon e ikitagatte imas(u).

ඔහුට  ජපානයට යන්න අවශ්‍යයි.

 

 

 

 

  1. ~たがります。

    ~ tagarimas(u).

පොදු පුද්ගල කණ්ඩායමක් සමඟ නම්

~を ます + たがります。

~ wō    mas(u)   +   tagarimas(u).

 

ちいさいこどもは アイスクリームを たべたがります。

Chiisai kodomo wā aisukuriimu wō tabetagarimas(u).

පොඩි ළමයින්ට අයිස්ක්‍රීම් කන්න අවශ්‍යයි.

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views