Japanese

යළි හමුවන තුරු සයෝනරා …

  • このエントリーをはてなブックマークに追加

මොකක් ගැනද මං මේ කියන්න යන්නේ …???

මං මේ කියන්න යන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් ගැන . ඇත්තටම කිව්වොත් මන් රැකියාව කරන ස්ථානයේ මගේ ආයතන ප්‍රධානියා ගැන . ඔහු ජපන් ජාතිකයෙක් . ඔහු එක්ක ආයතනයේ වැඩ කරන කාලය තුළදී , ජපන් භාෂාව පිළිබඳව තවත් ඉගෙන ගන්නත් පුළුවන් වුණා . ඉතින් ජපන් ජාතිකයෙක් එක්ක තියන අත්දැකීම ඔයාල හැමෝම එක්ක බෙදා ගන්න හිතුණා .

 ඔහුගෙන් මන් ඉගෙන ගත් දේ…

ඇත්තටම කිව්වොත් මන් ඔහුගෙන් ඉගෙන ගත්තු දේවල් ගැන කියන්න මේ ලිපිය ප්‍රමාණවත් නැති තරම් . ඒ තරමටම මන් ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත . වෙලාවට වැඩ කරන හැටි , ඒ වගේම ආයතයේ කටයුතු කරද්දී ඒවා කරන්න පුළුවන් ලේසි ක්‍රමත් ඔහු මට කියල දුන්න .

තවත් කියනවා නම් , ඕනෑම ප්‍රශ්නයක් ඇති වුණාම කලබල නොවී ඒ ප්‍රශ්නය විසදා ගන්න හැටි වගේම , මොකක් හරි ප්‍රශ්නයක් තියෙද්දී ඒක තේරුම් යනකම් ප්‍රශ්න අහල ඒ ගැන දැනගන්න කියල ඔහු නිතරම කියනවා .ඒක ඇත්තක් කියල මට තේරුණා කල් යද්දී .

 

 

          

 

ඔහුගේ විශේෂත්වය….

එක් ජපන් ජාතිකයෙක්ගෙන් සමස්ත ජපන් ජාතිකයින් ගැන නිගමනයකට එන්න අමාරු වුණත් , ජපන් ජාතිකයින් හැම වෙලේම අලුත් දේවල් ඉගෙන ගන්න කැමති ජාතියක් කියල කියන්න පුළුවන් . එයාලගේ දියුණුවේ රහස වෙන්නෙත් ඒ හේතුව කියලා මට හිතෙනවා .

ඒ වගේම හැම වෙලේම ඔහු උත්සහ කරන්නේ කෙනෙක්ට දියුණු වෙන්න ක්‍රම කියල දෙන එක . කිසිම වෙලාවක කෙනෙක්ව පහළට ඇදල දාන්න උත්සහ කරන්නේ නෑ . අවංකව තමන්ගේ රාජකාරිය කරනවා වගේම පොරොන්දු රකින්නත් ඔහු සැබෑ දක්ෂයෙක් .

 

 

        

 

යළි හමුවන තුරු සයොනාරා කියල මං අදහස් කළේ …

ඇත්තටම ජපන් ජාතිකයෙක් වෙන මගේ ආයතන ප්‍රධානියා මාස කිහිපයකට විදෙස් ගත වෙනවා ඔහුගේ රාජකාරි කටයුතු වලට . ඉතින් , මගේ boss විදියට ඔහුගෙන් මන් ඉගෙන ගත්ත දෙවල් මගේ අනාගතයට ගොඩක් වැදගත් . ඔහු විදෙස් ගත වුණාම ඔහුගෙන් ලද දැනුම වගේම ඒ ගතකල මතකයන්ද සදා අමරණිය වනවාට සැක නැත .

     

 

ලාංකික මමත් ඔබත් ….

මේ ලිපිය තුළින් මගේ අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න අදහස් කලා මිසක් ලාංකියින් හෙලා දකින්න හරි ජපන් ජාතිකයින් ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න උත්සහ කළේ නෑ .

ඔබත් මේ තුළින් තමන්ගේ ජීවිතයට ගත යුත්ත අරගෙන අනවශ්‍ය දේ අයින් කරන්න කියන එක තමා කියන්න තියෙන්නේ .

 

        

 

 

  • このエントリーをはてなブックマークに追加

Views