未分類

ලංකාවට එන ජපන් අය පවා පුදුමයට පත්වන දේවල්

  • このエントリーをはてなブックマークに追加

ලංකාවට පැමිණෙන ජපන් අය පුදුමයට පත්වන දේවල්

ලංකාවට පැමිණ ජීවිත් වීමට හුරුවීමත් සමග සිතට කා වැදුණු,මා පුදුමයට පත් කල දෑ පිලිබදව මෙවර සටහන් කිරීමට මා අදහස් කරමි.

දැනටමත් ලංකාවේ ජිවත් වන ජපන් ජාතිකයින්ද මා හා සමාන අදහස් දරන බව නිසැකය.

1. ලාංකිකයින් පිළිබද මා තුළ ඇත්තේ මෙවන් ආකල්පයකි!!

සැබවින්ම ලාංකිකයන් මොන වගේ පුද්ගලයින්ද?බහුතරයක් ජපන් ජාතිකයන්ට ලාංකිකයන් පිලිබදව හරිහැටි දැනීමක් නොමැති වග මගේ අදහසයි.ඉන්දියානු පුද්ගලයින් වැනි යැයි අනුමාන කිරීමට හැකි වුවත් එසේ පැවසීම පිලිබද ලාංකිකයන් වැඩි කැමැත්තක් නොදක්වයි.නිසැකවම ඉන්දියානු පුද්ගලයින් හා සැසදීම පිළිබද කැමැත්තක් නොමැති බව වැටහේ.එය ඇත්තෙන්ම ජපන් ජාතිකයන්ව චීන ජාතිකයින් ලෙස වරදවා හදුනා ගතහොත් එයට ඔවුන් කැමැත්තක් නොදක්වනවා හා සමානය.ඒ නිසාම දිගින් දිගටම එසේ නොකීමට වගබලා ගැනීම වඩාත් සුදුසු යැයි හැගේ.

1.1 අල්ලස් ගැනීම

එක්වරක් ජපානයේ සිට මා හට ලැබෙන්නට සැලැස්වූ භාණ්ඩ කිහිපයක් භාරගැනීමට තැපැල් කාර්යාලයට ගිය නමුත් එම භාණ්ඩ ලබා දීමට නම් විශාල  මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු බව පැවසීය.එසේ විශාල මුදලක් ගෙවනවාට වඩා එම භාණ්ඩ බාරනොගැනීම වඩාත් සුදුසු යැයි සිතා එය ප්‍රතික්ෂේප කල විට එහි ප්‍රධානියා පවා එවන් පිළිතුරක් බලාපොරොත්තු නොවුනාක් මෙන් මා දෙස බැලීය. ඒ නිසාම ඔවුන් කලින් ඉල්ලා සිටි මුදල් ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුකොට ඉල්ලා සිටියේය. අවසානයේ එම ඉල්ලා සිටි මුදල ගෙවීමට කටයුතු කලෙමි.එය ඇත්තෙන්ම අමිහිරි අද්දැකිමකි.

1.2 ඔව්‍ ද?එසේත් නැති නම් නැහැ ද?තේරුම් ගත නොහැකි හිස වැනිම්

ලංකාවේ කෙනෙකු මාර්ගයෙන් මගේ වැඩකටයුතු වලට උදව් ලබා ගත්තත් ලංකාවේ අය යමකට එකග වීම හැගවිමට හිස වැනීම මුල් කාලයේදී මට තේරුම් ගත නොහැකි විය.ලංකාවේ බොහෝ කලක් ජිවත්වන ජපන් ජාතිකයින් මේ හිස වැනීම හොදින් අවබෝධ කරගෙන සිටින නමුත් මා හට තවම එය හරිහැටි නොවැටහේ.

1.3 අත් අල්ලාගෙන යන පිරිමි ළමුන්

ලංකාවේ හොදම යහළුවන් පාරේ ඇවිදයන විට අත් අල්ලාගෙන යනු මා දුටුවෙමි.මුලින්ම සමලිංගිකයින් බහුල රටක් යැයි සිතූ නමුත් එසේ නොවන වග දැනගැනීම සහනයක් විය.නමුත් එය බලා සිටින විට කිසිසේත් හොද ආකල්පයක් ඇති වන්නේ නැත.

1.4  කොටස් තුනකින් කොණ්ඩය ගොතා පාසල් යන ගැහැණු ළමුන්

ලංකාවේ පාසල් යන ගැහැණු ළමුන්ගේ කළු පැහැති දිගු කොන්ඩ කොටස් තුනකින් ගොතා තිබීම දැකිය හැකිය.පාසල්වල නීතියක් ලෙස  පෙනන එයින් ඔවුන්ට හුරුබුහුටි පෙනුමක් ගෙනදේ.නමුත් හොදින් සොයා බැලු විට දැනගන්නට හැකිවුයේ ඒ ඒ පාසල්වලට අනුව එක කොන්ඩයකට ගොතන පාසැල්ද ඇති බවයි.ඇත්තෙන්ම පාසල්හි කොණ්ඩය ගොතන ආකාරය ගැන ඒ තරම් සැලකිල්ලක්!!!

විශ්ව විද්‍යාලවල තත්ත්වය මීට වෙනස් ආකාර ගන්නා අතර තම තමන්ට රිසි සේ එය සිදුකළ හැක.ඒ රීතිය නිසාවෙන් කොණ්ඩය වර්ණ ගන්වන සිසුන්ද දැකිය හැක.නමුත් කොණ්ඩය දෙකකට ගොතාගෙන සිටින ගැහැණු ළමුන් දැකිය හැක්කේ පාසැල් වල පමණි.

1.5 නිසැකවම දිනපතා ආහාරය බත්

ඉන්දියන් ජාතිකයින් බත් පමණක් ආහාරයට ගැනීම විහිළු සහගත වුවත්,ලංකාවෙත් ප්‍රධාන වේල් තුන සෑහීමට පත් වන්නේ බත් වලින්ය.බත් පමණක් අහාරයට ගැනීම ඇත්තෙන්ම එපා වන දෙයක් යැයි සිතුවත් ලංකාවේ පුද්ගලයින් එසේ නොකියයි.ඒ එදිනෙදා පිසින ව්‍යංජන එකිනෙකට වෙනස් බැවින් රස එකිනෙකට වෙනස් නිසාවෙනි.

සාමාන්‍යයෙන් ලංකාවේ පුද්ගලයින් බත් වලට වඩා වැඩි යමක් නොකන එක වරදක් නැති වුවත්,ලංකාවේ ඉන්න ජපන් අයට නම් එය අමිහිරි අද්දැකීමක් වනු ඇත.

1.6 තරුණියන්ගේ වුවත් ඇත පා වල අධිකව දැකිය හැකි රෝම

ලංකාවේ සෑම පුද්ගලයෙකුගෙම පාහේ රෝම ඝනව ඇත.පුදුමයට කරුණ නම් තරුණියන්ගේ පවා අත් පාවල හා උඩු රැවුලක් සේ රෝම දැකිය හැකි වීමයි.

1.7 දිගු පාද

මෙය ඇත්තෙන්ම විහිළුවක් නොවේ.ලංකාවේ පුද්ගලයන්ගේ පාද ජපන් ජාතිකයන්ගේ පාද මෙන් දෙගුණයක් පමණ දිග යැයි පැවසීමේ වරදක් නැත.මේ නිසාම කරන ඕනෑම විලාසිතාවක් ලස්සනයි වගේම ඒ ගැන නම් ඊරිෂියයි .

1.8 ශරීරයෙන් එතරම් උස නොවීම

පාද දිග වුවත් ලංකාවේ බහුතරයක් ශරීරයෙන් එතරම් උස නොවේ.දළ වශයෙන් ශරීර උස සෙන්ටිමීටර 165 කට වැඩ නොවැඩි විය යුතුය.

1.9 විවිධාකාර විලාසිතා

කුමන විලාසිතාවක් කළද ගැලපෙන නිසාවෙන් ගැහැණු පිරිමි භේදයක් නොමැතිව විවිධ විලාසිතාවන් සිදුකරති.ඕනෑම ඇදුමක් ශරීරයට හොදින් ගැලපේ.ඒවා මිල අධික ඇදුම් නොවන්නට හැකි වුවත් සියල්ලන්ම සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් අදිනු දැකිය හැකිය.තරුණියන් නිතරම වර්ණවත් වගේම විවිධ වර්ණ වලින් විලාසිතාවන් කරති.

එලෙසම ගොඩනැගිලි ආදියෙහි භාණ්ඩ පෙනෙන ලෙස තබා ඇති ආකාරය පිළිබද හොද ආකල්පයක් බැලු බැල්මටම ඇතිවේ.සිත් ඇදගන්නා සුළු ස්ථාන බහුලය.එළවලු පලතුරු තබා ඇති ආකාරයෙහි පවා කලාත්මකබවක් හැගේ.

1.10 ඉදිරියට නෙරා ඇති උදරය

මැදිවයසේ ගැහැණු අයගේ මෙන්ම පිරිමි අයගේ උදරය ඉදිරියට නෙරා තිබීම දැකිය හැක.ජපානයේ වුවත් උදරය මදක් ඇති පුද්ගලයින් දැකිය හැකි වුවත් ලංකාවේ පුද්ගලයන්ගේ මෙන් විශාල ලෙස ඉදිරියට නෙරා නොමැත.ගර්භනීද එසේත් නැතිනම් එසේ නොවේද යන්න සිතා ගැනීම පවා නොහැකි තරම්ය.

එලෙසම පෞද්ගලිකව මගේ අවධානයට ලක්වවූවක් නම් ලංකාවේ ගුවන් සේවිකාවන්ගේ පවා මේ ආකාරයෙන් උදරය නෙරා තිබීම.විශේෂයෙන්ම සාරිය අදින නිසාම එලෙස උදරය නෙරා තිබීම නුසුදුසු ලෙස කැපී පෙනේ.

1.11 අධිකව ආහාරයට ගන්නා පැණිරස ආහාර

උදරය ඉදිරියට නෙරා තිබීමට මුලිකම හේතුව සේ මා දකින්නේ සීනි සහිත ආහාර බොහෝ සෙයින් ආහාරයට ගන්නා නිසා බවයි.මොවුන් පැණිරස කෑමට වඩාත් කැමති අතර තේ වලට පවා සීනි එක්කරයි.එය බිමට නොහැකි තරම් පැණිරසය.තවද අමතර ආහාර උදේ 10ත් සවස 4 ටත් ගන්නා අතර අනෙක් ප්‍රධාන වේල් තුනේම ප්‍රධාන ආහාරය බත්ය.මේ නිසාම ශරීරය මහත් වීම සාමාන්‍යයයි

1.12 හාමුදුරුවරුන්ට දක්වන ගෞරවය

ලංකාවේ හාමුදුරුවරුන් මැති ඇමතිවරුන්ට වඩා උසස් ලෙස සැලකේ.හාමුදුරුවරුන්ට ආචාරකිරීම දණ ගසා සිදුකරයි.මා ප්‍රථමවතාවට හිමිනමකට ඒ අයුරින් ආචාර කරනු දැක ඇත්තෙන්ම පුදුමයට පත්විය.

ඒ වගේම හිමිනමක් ලවා ඕනෑම කාර්යක් ඉක්මනින් සිදුකරගත හැක.

1.13 අනවශ්‍ය අයුරින් ආගම පිළිබද විමසීම

ලංකාවේ බහුතරයක් පුද්ගලයන් උපන් රට සහ ආගම පිලිබදව විමසා සිටියි.උපන්රට පිලිබදව විමසීම ගැටළුවක් නොවුනත් ආගම පිලිබදව විමසීම එතරම් සුදුසු නොවේ යන්න මගේ අදහසයි.ජපන් ජාතිකයින් සැවොම එසේ සිතනවා විය හැක.එසේ ඇසු විට මම සහ මගේ පවුල පිලිබදව මා විස්වාස කරන බව පිළිතුරු ලෙස ලබා දේ.

1.14 එක පෙළට සකසන්නේ නෑ වගේම එකපෙළට සැකසෙන්නෙත් නෑ

වඩාත්ම හිත නොසන්සුන් වන්නේ කිසියම් තැනක සිටින විට ලංකාවේ පුද්ගලයින් එක පෙළකට නොසිටීමයි.කෙසේ හෝ කුඩා ඉඩ ප්‍රමාණයකින් රිංගා ඉඩකඩ සකසා ගැනීමට නිතරම තැත් කරයි.බලා සිටීමට නොහැකි වුවත් තමන්ගේ වාරය එන තෙක් සිටිය යුතුය යන්න මගේ අදහසයී.නමුත් ඒ පුද්ගලයන් එසේ නොසිතනවා විය හැක.

1.15 ඕනෑම මොහොතක සෙල්ෆි චායරුප ගැනීමට දක්වන කැමැත්ත

මගේ Instagram Facebook පිටු පිරී ඇත්තේ ලංකාවේ අයගේ සෙල්ෆි වලින්ය.ලංකාවේ අය ආහාර ගන්න ගියත් අනිවාර්යෙන්ම සෙල්ෆි එකක් ගනිමු යැයි කියති.ගැහැණු ළමුන් සමග එසේ චායාරූප වලට පෙනී සිටියත් බොහෝ විට සෙල්ෆි එකක් ගනිමුදැයි අසන්නේ තරුණයින්.මට අනුව නම් පිරිමි ළමුන් දෙදෙනෙක් එකට චායාරුපයක් ගැනීමට එතරම් කැමැත්තක් නැත. එක් වරක් හමුවූ විට එලෙස චායරුප වලට පෙනී සිටියත් එය නැවත නැවත සිදු කිරීම නොහැකි වග කියූ අවස්ථාද නැතුවාම නොවේ.

1.16 විවෘත දොරවල් සහිත දුම්රිය සහ බස්රථ

නිතරම අනතුරු සිදුවනු ඇතැයි සිතා සිටි මා සිතූ පරිදිම එම විවෘත දොරවල් වලින් ඇදවැටී වසර ගණනකට කිහිප දෙනෙකුම මිය යන බව අසන්නට ලැබුණි.නිරාවරණය වී ඇති නිසාම හොදින් සුළං ඇතුළු වේ.බස්රථ වලට සෙනග විශාල වශයෙන් නගින නිසාවෙන් එසේ දොර විවෘතව ඇතිවග වැටහුනද බස් එකට ගොඩවීමට හා බැසීමට ප්‍රථම එය පිටත්වීම ඇත්තෙන්ම භයානකය.

1.17 හිරු කිරණින් ආරක්ෂාවීම පිළිබදව ඕනෑවටත් වඩා සිතීම

ලංකාවේ මිනිසුන්ගේ මෙලනින් වර්ණකය වැඩි නිසාම සම අදුරු පැහැතිය.මේ නිසාම ඔවුන් හිරු එළියෙන් ආරක්ෂා වීමට නිතරම සැලකිලිමත්වේ.සියල්ලන් පාහේ හිරු කිරණින් සම ආරක්ෂා කර ගැනීමට විවිධ ආලේපන ගලවන අතර තරුණයින්ගෙන් විමසුවද සමේ පැහැය සුදු තරුණියන් ලස්සන යැයි පවසන අදහස් බහුලය.

1.18 ගැහැණු ළමුන් ලජ්ජාශීලි වන අතර නිතරම තරුණයින් තරුණියන්ට උසුළු විසිළු කරයි

පිරිමි ළමුන් සාමාන්‍යයෙන් එතරම් දක්ෂ නොවේ.ඕනෑම රටක එය ඒ අයුරින්ම වේ.එසේ වුවත් ලංකාවේ තරුණයින් බහුතරය තරුණියන්ට උසුළු විසිළු කිරීමට කැමති අයයි.සුන්දර තරුණියක් සිටිය හොත් අනිවාර්‍යයෙන්ම ඔවුන් එසේ සිදු කරනු දැකිය හැකිය.අනෙක් අතට ලංකාවේ ගැහැණු ළමුන් ලැජ්ජාශීලි අයයි.

2. සාරාංශය

මෙය මා හුදෙක් මා ලාංකිකයන් පිලිබදව දරන ආකල්පය ඉදිරිපත් කිරීමට ලියන ලද ලිපියකි.ලංකාවේ පවා චීන ජාතිකයින්ට එතරම් කැමැත්තක් නොමැති වග හැගුන කරුණකි.නමුත් මම ජපන් ජාතිකයෙක් යැයි යැයි කියූ විට මිත්‍රශීලි වේ.සිංහලෙන් කතා කල විට වඩාත් මිත්‍රශීලි වන අතර සේවාවන් නොපැකිලිව සිදු කිරීමටද ඉදිරිපත් වේ.මේ නිසාම ලංකාවේ ජිවත් වනවා නම් සිංහල දැනගෙන සිටීම වඩාත් වාසිදායක යැයි මට සිතේ.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views