Japanese

රූපෙකින් වචනයක් ……..

  • このエントリーをはてなブックマークに追加

මීට සියවස් ගණනාවකට පෙර ජිවත් වුන මුතුන්මිත්තන් අදහස් හුවමාරු කරගැනීමේ එක් මාධ්‍යයක් විදිහට රූප භාවිතා කලා .ඇසට පේන රූප හැකිතාක් ඒ අකාරයෙන්ම ගල් පුවරු මත ගස්හි කඳන් මත කැටයම් කලා.

 

 

 

 

 

ඒ විදිහට නිර්මාණයවුණු කන්ජි චීනයෙන් ජපානයට සංක්‍රමණය වී ජපානයටම ආවේණික කන්ජි අක්ෂර ලෙස නිර්මාණය වුණා. කන්ජි ඉගෙනගන්න ලේසිම ක්‍රමයක් විදිහට මේ රූපාක්ෂර හඳුන්වන්න පුළුවන්.මුලින්ම ඒ කන්ජි අක්ෂරයෙන් කියවෙන අර්ථය පොඩ්ඩක් කල්පනාකලොත් අඳුනගන්න එකනම් ඒ තරම්ම අමාරු නෑ.

රූපෙන් කියවෙන දේ …….

ජපන් ඉගෙනගද්දී කන්ජි ගොඩක් අමාරුයි කියල හිතුනට ඒ කන්ජි අක්ෂරය දිහා ,රූපාක්ෂරයක් කියන කෝණයෙන්  බැලුවොත් හිතුවටත් වඩා සරලව  තේරුම් ගන්න පුළුවන්. ඒක තමා කන්ජි ඉගෙනගන්න තියෙන ලේසිම ක්‍රමය.

මතක තියාගන්න නම්…..

කන්ජි කියන්නේ ඉක්මනින්ම අමතකවෙන අක්ෂර මාලාවක් නිසා නිතරම පුහුණුවීම අවශ්‍යයි .දිනකට පැයක්වත් කන්ජි කෙරෙහි අවධානයක් යොමු කලොත් කන්ජි කියන්නේ එතරම්ම අමාරු දෙයක් නෙවේ.

ඒවගේම නැවත මතක්කර ගැනීමත් ජපන් කන්ජි අක්ෂර ඉගනගැනීමේදී අනිවාර්යෙන්ම කලයුතු දෙයක්.

 

කන්ජි අක්ෂර මතකතියා ගැනීමේ පුංචි උපක්‍රමයක් විදිහට ලොකු කඩදාසියක පින්සලෙන් කන්ජි අක්ෂර කීපවරක්ම ලියා පුරුදුවීම හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම ඇඟිල්ලෙන් ඉහළ අවකාශය තුල කන්ජි අක්ෂරය කීපවරක් ලිවීමෙන්ද පහසුවෙන් මතක තියාගැනීමට පුළුවන්.ඔයාලත් අත්හදා බැලුවොත් කන්ජි වල දක්ෂයෙක් වෙන්න පුළුවන් නිසැකවම.

ඔයාලත් උත්සාහ කරලා බලන්නකෝ …………….

 

  • このエントリーをはてなブックマークに追加

Views