Culture

ජපානයේ තේ සංස්කෘතිය

  • このエントリーをはてなブックマークに追加

තේ පානයේ විකාශය

ජපන් ජනතාව හා තේ පානය අතර ගැඹුරු වින්දනීය සබදතාවයක් පවතී. ජපාන තේ සංස්කෘතියේ කලාත්මක නියෝජනය “චනොයු” නමින් හැදින්වෙන තේ පාන උත්සවය අවුරුදු 800ක් පමණ ඈතට දිව යන්නෙකි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිය භාවනා කාර්යයේ යෙදෙන විට මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම සදහා තේ භාවිතයට ගෙන ඇත. ජපන් ජනතාව තේ පානය කිරීමේ සාමන්‍ය අවස්ථාව ඉක්මවා යමින් තේ චාරිත්‍ර විධි දියුණු කළහ. 

තේ පාන උත්සවය

තේ පානය සදහා සැකසෙන කාමරය තේ චාරිත්‍ර විධි සදහාම වෙන් වුවක් නොවේ.කෙනෙකුගේ ෛදණික ජීවිතයෙන් සම්පුර්ණයෙන්ම බැහැරවූ පාරසරික වටපිටාවක් එහි නිර්මාණය කර තිබේ. තේ කාමරය සැබවින්ම ජීවමාන වන්නේ චාරිත්‍රවිධි සදහා අවශ්‍ය බදුන් ආදී උපකරණ සහ මල් සැකසුම් නිසි තැන්වලට කිරීමෙන්ද, උදුන දල්වා තැබීමෙන් සහ ආරාධිතයන් හා ආගන්තුකයන් තේ පානය සදහා වාඩි වීමෙන් පසුව ය.

තේ පාන උත්සවය චාම්ව සහ ආකර්ශණීය ආකාරයෙන් පවත්වා ගැනීමට සැලසුම් කර ඇති සියුම් නියමයන් ආගන්තුක සත්කාර කරන්න සහ ආගන්තුයා විසින් අනුගමනය කරනු ලබයි. සියල්ල ඉතා පිළිවෙලට අලංකාරවත්ව සරසන ආගන්තුක සත්කාරකයා ආගන්තුකය විසින් ප්‍රසංසා කරනු ලබන අතර ඒ සම්බන්දයෙන් අදහස් පල කරනු ලබයි.

තේ චාරිත්‍රවිධි සදහා භාවිත කෙරෙන උපකරණ ද අලංකාර බවින් යුක්තය.විවිධ කලාපවල විවිධ ජනතාව විසින් නිර්මාණය කරන ලද එකිනෙකට වෙනස් භාජන හා උපකරණවල කලාත්මක බවද අමුත්තන්ට ආස්වාදයක් ගෙන දෙයි. ඔවුහු ඒවායේ සොන්දර්යාත්මක අගය පිලිබදව සිය අදහස ප්‍රකාශ කිරිමටද පෙලබෙති. ච්වන් ( තේ බදුන) පිගන් මැටි හෝ පෝසිලෙන් වලින් නිර්මාණය කරන ලද්දකි.හැඩය හා නිෂ්පාදන කෙරෙන උදුනේ රටාව අනුව මේවා විවිධ වෙයි. තේ බදුනෙහි අඩිය (කොඩායි) සහ භාවිත කර ඇති ඔප දැමීමේ තත්වය (යුයාකු) දෙස ද අගන්තුකයාගේ අවධානය යොමු වේ.ස්ථානයෙන් ස්ථානයට, කාලයෙන් කාලයට මෙන්ම අවස්ථාවෙන් අවස්ථාවට ද මේවා වෙනස් වේ.

තේ කෝප්පය හා බැදුන ජපන් ජීවිතය

තේ කෝප්පය ජපාන වැසියන්ගේ ෛදයිනික ජීවිතයේ නිත්‍ය අංගයක් වී තිබේ. විවේක සුවය විදින අවස්ථාවක නැතහොත් ආහාර වේලක රස බලන අවස්ථාවක තේ පානය බැහැර කළ නොහැක්කක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.තේ කොළයේ අඩංගු කැෆේන් නමැති රසායන  උත්තේජකය අලසකම මග හැරවා ගැනීමට සමත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි.ඒ අනුව වඩාත් සජීවී හා නැවුම් බවක් තේ පානය කරන්නා තුල ඇති වෙයි.ජපන් තේ රස අනුව නුපදවූ විවිධ රස කැවිලි, චොක්ලට් වර්ග, අතුරුපස වර්ග ආදියද දක්නට ලැබේ.

මේ අනුව ජපානයේ තේ සංස්කෘතිය ඉතා පොහොසත් වුවක් බව පැහැදිලි වෙයි. ආහාර සංස්කෘතියේ සිට සෙසු උප සංස්කෘතීන් දක්වා සමාජයේ බොහෝ කාර්යන්හි දී තේ කෝප්පය ඉතා දැඩි බලපෑමක් ඇති කර තිබෙන බව නොරහසකි.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views