Japanese

How to learn Japanese easily.

  • このエントリーをはてなブックマークに追加

    පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.

තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි දහනවවන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . විසිවන  පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවේ යෙදෙන අතීතකාල ක්‍රියාපද හා එවා භාවිත කරන ආකාරයයි.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් විසිවන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

            විසිවන පාඩම 

     1. ක්‍රියාපදයක (Ta)ස්වරූපය

ක්‍රියාපදයක た(Ta)ස්වරූපය සාදාගැනීම ඉතාමත් පහසුය.එනම් て(te) ස්වරුපය භාවිතයෙනි. ක්‍රියාපදයේ අග ඇති て(te)වෙනුවට た(Ta) යෙදීමෙනි.

පළමුවන කාණ්ඩය

て Form た   Form
かって Katte かった Katta මිලදී ගත්තා
のんで Nonde のんだ Nonda බිව්වා
かいて Kaite かいた Kaita ලිව්වා
およいで Oyoide およいだ Oyoida පීනුවා
けして Keshte けした Keshta මැකුවා

දෙවන කාණ්ඩය

て Form た   Form
ねて Nete ねた Neta නිදා ගත්තා

තුන්වන කාණ්ඩය

て Form た   Form
きて Kite きた Kita ආවා
して Shite した Shita කළා

 

  1. ~た ことが あります。

       ~ ta koto gā arimas(u).

යම් ක්‍රියාවක් සිදුකර තමන් ඒ අත්දැකීම ලබා ඇතිබව ප්‍රකාශ කිරීමේදී ක්‍රියා පදයේ た(Ta) ස්වරූපයට පසුව ことが あります(koto gā arimas(u)) යොදයි.

わたしは日本 へ いった ことが あります。

Watashi wā  nihon e itta koto gā arimas(u).

මම ජපානයට ගිය අවස්ථා තියනවා.

 

 

 

  1. ~たり~たりします。

     ~ tari ~tari shimas(u).

යම්කිසි ක්‍රියාවන් සමූහයක් ගැන කීමේදී මෙම ස්වරූපය භාවිතා කරයි.වාක්‍යයේ අග යෙදෙනします(shimas(u)) කාලයට අනුරූපව වෙනස් කරගත හැක .

A  :    せんしゅうの にちようびは なにを しましたか。

Senshū no nichiyoubi wā nani wō shimash(i)taka?

ගියසතියේ ඉරිදා මොකද කලේ?

B   :   テㇾビを みたり、にほんごを べんきょうしたり しました。

terebi wō mitari nihongo wō benkyo shitari shimash(i)ta.

රෑපවාහිනිය නැරඹීමත් ජපන් භාෂාව පාඩම් කිරීමත් සිදු කළා.

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views