ජපන් සිහිනය සැබෑ කරගන්නනම් ඔබ දැන ගත යුතු කරුණු
ජපානය සදහා යෑමට සුදානම් වන ඔබ පළමුව කල යුත්තේ ජපන් භාෂාව මුලික වශයෙන් ඉගෙන ගැනීමයි. මුලික දැනුම තහවුරු කර ගැනීම සදහා ප්‍රවීණතා විභාග දෙකක් පැවැත්වේ. ඒවානම් JLPT N5 (ජපන් ප්‍රවීණතා විභාගය- Japanese Language proficiency test) හෝ NAT 5 විභාගය වේ.
N5 වසරකට දෙවතාවක් එනම් දෙසැම්බර් සහ ජුලි මාසයන්හි පැවැත්වේ. දෙසැම්බර් මසයේ විභාගය සදහා ඇතුලත් වීම අයදුම් පත් බාර ගැනීම අගෝස්තු අන්තිම සිට සැප්තැම්බර් මුල දක්වා සිදු වේ. ජුලි මාසය සදහා පෙබරවාරි අන්තිම සිට මාර්තු මුල දක්වා අයදුම්පත් බාර ගනී. NAT විභාගය පෙබරවාරි, අප්‍රේල්, ජුනි, අගෝස්තු, ඔක්තෝබර් සහ දෙසැම්බර් යන මාසයන්හි පැවැත්වේ. මේ සෑම විභාග තොරතුරුක්ම ඔබට කොල්ලුපිටිහි පිහිටා ඇති සසකවා අයනතනය එනම් ජපන් සංස්කෘතික ආයතනයෙන් ලබා ගත හැකිය.මෙම සෑම විභාගයක්ම Level 5කින් සමන්විත වේ. එය 5 වන මට්ටමේ සිට 1 වන මට්ටම දක්වා වේ. මුලික දැනිම මැනිම සදහ 5 වන අදියර සමත් වීම ප්‍රමාණවත් වේ.
ජපන් භාෂා මුලික දැනුම සම්පුර්ණ කල අයෙක්නම් සම්මුක පරීක්ෂණයට මුහුණ දීමට සුදානම් විය යුතුය. ජපන් භාෂාව යම්තාක් දුරට හැසිර වීමට දැන ගත යුතුය. ජපන් භාෂාවට සවන් දී තම කනට එය හුරුකර ගත යුතුය. භාෂාවේ ප්‍රවීනයෙකු වුවත් එම මොහෙතේදී හරිහැටි පිළිතුරු දීමට නොහැකි වුවහොත් ඔබට ලැබී ඇති වටින අවස්ථාව ගිලිහෙනු ඇත.
ඇත්තෙන්ම කිව යුතු දෙයක්නම් අපගෙන් බොහෝ දෙනක් විමසන කරුණක්නම් ජපන් යන්න භාෂා දැනුම අවශ්‍යමද කියන එක එයට පිළිතුරු වශයෙන් පැවසිමට ඇත්තේ ජපන් මුලික දැනුම ඇති ඔබට ජපානය ඇතුලත් වීමට පමණක් නොව ජපානයට ගියවිට රැකියාවක් වුවත් සොයා ගැනීමටද එම දැනුම වැදගත් වේ.
අනෙක්දෙය නම් ඔබ තොරා ගන්නා පාසැලයි. බොහෝ දෙන කැමැත්තක් දක්වන්නේ ටෝකියෝහි පාසකට ඇතුලත් වීමට වුවත් දැනට පවතින තත්ත්වය සහ විසා ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිශතය මත එය බොහෝ විට ටෝකියෝවෙන් ඈතට වෙන්න තොරා ගැනීම වඩාත් සුදුසු වේ.
එය ඇත්තෙන්ම වෙනත් කිසිදු ප්‍රශ්නයක් නැතත් රැල්ලට ගමන් නොකොට ටිකක් ග්‍රාමීය ප්‍රදේශයකට ගිය විට ඔබට ලැබෙන අත්දැකීම් මත ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඉතා හොද අවස්ථාවකි. එයට නිදසුන් වශයෙන් අප ආයතනය මගින් නාගසාකි, කුමමොටෝ ආදී නාගරික පරිසරයන්ගෙන් මිදී ඇති ප්‍රදේශ තෝරා ගෙන ඇත.
තෙවනුව සැලකිලිමත් විය යුතු කරුණනම් බැංකු ගිණුම් පිළිබද තොරතුරුයි. එහි ඇති සත්‍ය අසත්‍ය තාවය මත හා ඔබ අයදුම් කරන පාසල අනුව විසා ලැබීමේ ප්‍රතිශතය වෙනස් වේ.