Japanese

ජපන් ශිෂ්‍ය විසා 2019 අප්‍රේල් මස සදහා නවක සිසුන් බදවා ගැනීම අරම්භ වුණා!

  • このエントリーをはてなブックマークに追加

ජපන් ශිෂ්‍ය විසා 2019 අප්‍රේල් මස සදහා නවක සිසුන් බදවා ගැනීම අරම්භ වුණා!

සම්මුඛ පරීක්ෂණ

 

මෙවර මේ වන විට සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වූ සිසුන් ඇත්තෙන්ම දක්ෂ ජපන් භාෂා ප්‍රවීණතාවය ඉහල මට්ටමක තිබිම නිසා ජපන් පාසලත් ඉතා ඉහලින් අගය කරයි.

වීසා ප්‍රතික්‍ෂප වන්නේ ඇයි?

2018 වසරේ සිට ජපන් ශිෂ්‍ය විසා අයදුම් කිරීම භයානක තත්ත්වයට පත්ව ඇත. ජපන් පාසල් 10 කට වැඩි ගණනක් සමග මා ගිවිසුම් අත්සන් කර ඇති අතර ටෝකියෝ, සයිතමා, චිබා, ඔසාකා, ෆුකෝකා ආදී ප්‍රදේශ වල ඇති ජපන් භාෂා පාසල් සදහා අයදුම් කල ලාංකික ශිෂ්‍යයන්ගේ විසා ලැබීමේ සම්භාවිතාවය ඉතා අඩු මට්ටමක පවතින බවට තොරතුරු ලැබී ඇත. ශ්‍රී ලංකාව, නේපාලය, බංගලාදේශය යන රටාවක් සදහා ජපන් ශිෂ්‍ය විසා ලබා දීමේ ප්‍රතිශතය 20%-30% දක්වා අඩු වී තිබේ.

එසේ වීමට හේතු ලෙස ජපානයේ විශාල නගර විදෙශකයන්ගෙන් පිරි ඇති නිසා තව තවත් විදේශකයන්ගේ අවශ්‍යතාවයක් නොමැති වීමත්, විදේශිකයන්ගෙන් සිදුවන අපරාද වැඩි වීමත්, විදේශිකයන්ගේ පලා යාමත්, නීති විරෝධී ක්‍රියාකාරකම් වල නිරත වීමත් ආදී වූ විවිධ ගැටළු රැසක් හේතුවෙන් ඒ ඒ ප්‍රදේශවල ආගමන විගමන දෙපාර්තුමේන්තු භයානක තත්වයකට පත්ව ඇත.

ඒ හේතුවෙන් මෙවර අප ආයතනයෙන් ජපානයේ ග්‍රාමීය ප්‍රදේශ සදහා සිසුන් යොමු කිරීම සිදු කරයි. මා ගිවිසුම් අත්සන් කර ඇති ග්‍රාමීය ජපන්  භාෂා පාසල් බොහොමයක විසා ලැබීමේ ප්‍රතිශතය 80%-100% අතර ප්‍රමාණයක් ගනී.

සම්මුඛ පරීක්ෂණයට පැමිණි බොහෝ දෙනක් ටෝකියෝව සදහා අයදුම් කිරීමට කැමති වුවත් මේ වන විට එම තත්වය වෙනස් කල යුතු වේ. ඇත්තෙම ඔබගේ බැංකු ලියකියවිලි හා බැංකු ශේෂය(වසර 3ක ලක්ෂ 25ක්) හරියාකාරව නිවැරදිව ඇතිනම් ඔබට කිසිදු බියකින් තොරව ටෝකියෝවට අයදුම් කල හැක. එහෙත් බොහෝ දෙනෙකුට එතරම් මුදලක් පෙන්විය නොහැකිය. එහෙත් කොහොමෙන් හෝ ටෝකියෝවට යාමට අවශ්‍යනම් ඔබට මේ අවස්ථාවේදී කල හැක්කේ ග්‍රාමීය ප්‍රදේශයක ඇති පාසලකට ඇතුලු වී ජපන් භාෂාව වසර 1 හෝ 2ක් හොදින් ප්‍රගුණ කර වැඩිදුර අධ්‍යාපනය සදහා ටෝකියෝව වැනි නාගරික ප්‍රදේශයකට මාරුවීමයි.

2019 අප්‍රේල් සදහා සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා අයදුම්පත් භාරගැනීම සිදු කරන අතර හැකි ඉක්මනින් අප හා සම්බන්ධ වන්න. පාසල් සදහා ඇතුලත් කර ගැනීම් සිමා කර ඇති බැවින් මුල්කාලීන අයදුම් කරුවන්ට අවස්ථාව හිමිවේ.

සුදුසුකම්

අයදුම් කිරීම සදහා සුදුසුකම්

A/L විභාගයට පෙනී සිටීම

ජපන් ප්‍රවීණතා විභාගය JLPT N5 හෝ NAT 5 සමත් වී තිබීම.

වයස 18-30

අවස්ථා

ජපන් විසා ප්‍රතික්ෂේප වී ඇති අයෙක්නම් ඒ සදහා අපි ඔබට අපගේ තායිවාන් ශිෂ්‍ය විසා සදහා අයදුම් කල හැකිය.

තායිවාන් අධ්‍යාපන හරහා ජපානයට යාමට අවස්ථාවක්ද හිමිවෙන අතර ඔබගේ සිහිනය අමතක නොකරන්න!

  • このエントリーをはてなブックマークに追加

Views