වර්තමානය වන විට ලංකාව තුළ විවිධ රටවල්වල ආහාර පාන වර්ග බොහෝ සෙයින් දක්නට ලැබුනත් තවමත් එය ප්‍රමාණවත් නැති බවක් හිතෙනවා .ජපන් ජාතිකයෙකු වන මට නම් දිනපතාම ලංකාවේ කෑම කනවා කියන එක දුෂ්කර වැඩක්! ඒ වගේ තැනක ජිවත් වෙන මට, මේපාර මගේ මව් රටට ගියහම ජපානේ ආහාරවල රසය නැවතත් විඳගන්නට හැකිවුනා .ජපානේ එතරම්ම කෑම වර්ග ගොඩක් තියනවා .
SUSHI (අමුමාළු)
ජපානෙට නැවත ගියහම අනිවාර්යෙන්ම කන දෙයක් තමයි සුෂී කියන්නේ . ජපන් ජාතිකයින් දිනපතාම සුෂී කනවා කියල ලංකාවේ අය හිතන්න පුළුවන්.එත් ජපන් ජාතිකයින් වන අපි සුෂි කන්නේ විශේෂ අවස්ථාවලදී.
ඒ වුනත් මාසෙකට එකපාරක් වගේ කනවා ඉතින් .
කයිතෙන් සුෂී*ත් රසබර අත්දැකීම් වුනාට මේ වගේ කඩවල තියෙන සුෂි රසයෙන් වැඩී.
SASHIMI (අමුමාළු)
සෂිමි හා සුෂිවල වෙනස විනාකිරි දැමූ බත් නැති එක.ඊළඟට මාළු කපන ආකාරයත් වෙනස්. ජපානේ මාළු නැවුම්,ඒ වගේම රසයි. ජපන් ජාතිකයින් වන අපි ආහාර සැදීමට ගන්නා අමුද්‍රව්‍ය වල රසයත් ඒ මොහොතේම විඳගැනීමට අමුවෙන්ම ආහාරයට ගන්නා අවස්ථා වැඩී.
YAKINIKU (පුළුස්සන ලද මස් )
ලංකාවේ නම් හරක් මස් කෑමට ලැබෙන අවස්ථා අඩු වුනත් ජපන් ජාතිකයින් නම් හරක් මස් වලට ගොඩක් කැමතී.විවිධ රටවල මස්වර්ග කෑවත් මටනම් ජපානයේ නිෂ්පාදිත හරක් මස්වල ඇති ගුණාත්මකභාවය වෙනස් කියල හිතෙනවා.සැපීමටත් අවශ්‍ය නොවන තරම්ම මෘදු බවින් වැඩි නිසා කට තුළදීම දියවී යන මේ ජපානයේ හොඳම මස් වර්ග එක පාරක් කෑවොත් වෙනත් රටවල තිබෙන මස් වර්ග කෑමට නොහැකි බව හොඳින්ම තේරෙන දෙයක් .
චිනමි ප්‍රදේශයේ මේ යකිනිකු මිලෙන් අධිකයි.
TAMAGOKAKEGOHAN (බිත්තරත් සමඟ මිශ්‍ර වු බත්)
බත් එක උඩට අමු බිත්තරයක් හා සෝයා සෝස් දැමීම පමණයි කරන්න තියෙන්නේ.ගොඩක් සරලයි.ජපානේ තියන බිත්තර ගොඩක් නැවුම් නිසා රසවත්! එතරම් ප්‍රිය උපදවන දෙයක් නොවුනත් ජපන් ජාතිකයින්ට හුරුපුරුදු කෑමක්.ඇත්තටම ජපන් ජාතිකයින් ආහාර ද්‍රව්‍ය අමුවෙන් කෑමට කැමතී . ආහාර ද්‍රව්‍ය සියල්ලම වගේ නැවුම් වගේම කල්ඉකුත්වීමේ කාලයත් කෙටී.
SUKIYAKI BENTO
「imahan」යැයි කියන සුකියකි වලට ප්‍රසිද්ධ අවන්හලේ තිබෙන මේ බෙන්තෝ සීතලවෙලා තිබුණත් රසයි !
WAGASHI (ජපන් රසකැවිලි)
මේක මොකක් කියලද හිතන්නේ?
ඇත්තටම මේ ජපානේ සාම්ප්‍රදායික රසකැවිලි.මේ වගේ ලස්සනට හදපුහම අනවශ්‍ය ආකාරයට කන්න බැහැ නේ.
FAMILY RESTAURANT
ලංකාවේ තියන Dinemore හා සමානයි.කෑමත් රසයි,බීමත් ඇතිතරම් බොන්න පුළුවන් නිසා ඕනතරම් වෙලා හිටියත් කමක් නෑ.පාසල් කාලයේදී නිතරම මෙතන පාඩම් වැඩ කළා.
RAMEN (නූඩ්ල්ස්)
රාමෙන් වලත් වර්ග කීපයක් තියනවා.ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ [ත්සුකෙමෙන් ]. ඝනකම් සූපයක මහතින් යුතු නුඩ්ල්ස් පොඟවා කෑමට ගන්නවා .මේකත් හරිම රසයි.
මේ තියෙන්නේ tantanmen [Bamboo Noodles].චීනයේ සිචුවාන් ප්‍රදේශයේ කෑමක්. මේ ආහාරය ටිකක් කට දැවිල්ල වුනත් ජනප්‍රිය නිසා එක් වරක් කෑවොත් දිගටම කන්න හිතෙනවා. ඌරු මස් වලින් සකස් කරලා තියෙන්නේ.
මේ තියෙන්නේ කුකුල් මස් යොදා සකසන ලද ආහාරයක්.
YAKITORI (පුළුස්සන ලද කුකුල් මස් )
දැන් ලංකාවෙත් මේ පුළුස්සන ලද කුකුල් මස් කන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවනේ.
ගල් අඟුරු මත පිලිස්සීමෙන් වඩාත් රසවත් YAKITORI කන්න පුළුවන් .
Genghis Khan
මෙය හොක්කයිදෝ ප්‍රදේශයේ ආහාරයක් . පුළුස්සන ලද බැටළුමස් “Genghis Khan” කියල කියන්නේ .මේ කඩය ඇතුලත පටු වන අතරම හිටගෙන කෑවත් රසයෙන් උපරිමයි.ඒ වගේම මිලෙන් අඩුයි .
මිලෙන් ඉහළ හෝටල්
මම හෝටල්වල ඉහළ මාලයේ තියෙන ආපනශාලා වලිනුත් කෑවා. එත් මිලෙන් නම් ගොඩක් වැඩී!
ඇත්තටම මෙතනින් මොනවා oder කලාද කියල මතක නැති නිසා photo එකක් විතරක් දැම්මා.
කෙටියෙන් කිව්වොත්
ජපානේ කෑම ඇත්තටම රස වුනාට මිලෙන් වැඩී!
විවිධ වර්ගවල කෑම තියන නිසා ජපානෙට ගියොත් නම් මහත් වෙලා තමයි එන්නේ.මේ පාර කිලෝ 5 ක්ම වැඩිවුණා.
ඔයාලත් ජපානෙට යන්න chance එකක් ආවොත් අනිවාර්යෙන්ම මේ කෑම කාලා බලන්න!