Food

ජපානයේදී රස බැලිය යුතුම ජපන් ආහාර මොනවද?

  • このエントリーをはてなブックマークに追加

ජපන් ආහාර කියූ සැනින් සිතට නැගෙන්නේ වර්ණවත් සහ අලංකාරවත් අයුරින් නිමැවූ ආහාර සමුහයකි.ජපානයේ ආහාර වලට ලැබෙන්නේ ප්‍රදාන තැනකි.එහිදී ජපානයේ සංචාරය කරන අවස්ථාවන් වලදී මෙන්ම ජපානයේ ජීවත්ව සිටින විටදී අනිවාර්යෙන්ම ආහාරයට ගත යුතු ආහාර වර්ග කිහිපයක් මෙහිදී හදුන්වා දීමට කැමතිය.

සුෂී(Shushi) සහ සෂිමි(Sashimi)

අමු මාළු සමග පිළිගන්වන බත්ගුලියක් සුෂී ලෙස සරලව හැදින්විය හැකි වුවත් ඇත්තටම විවිධ වර්ගයේ රසයන්ගෙන් රස බැලීමට හැකියාව ලැබේ. විනාකිරි සමග ලුණු සහ සීනී මිශ්‍ර කර රස ගන්වා ඇති අතර බත් ගුලිය මැදට විවිධ එළවලු මාළු සහ නොරි අදිය එක් කරයි.පසු එයට උඩින් අමු මලු කැබැල්ලක් දමයි. ඉන්පසු සොයා සෝස් හෝ වසබි සමග ආහාරයට ගනී.

සෂිමි ලෙස හැදින්වන්නේ අමු මාළු පොඩියට පෙති ලෙස කපා සිත් ඇදගන්නා ආකාරටය සකසයි.ඉන්පසු සෝයා සෝස් සහ වසබි සමග ආහාරයට ගනී.

රාමෙන්(Ramen)

රාමෙන් චීනයෙන් ජපානයට පැමිණි ආහාරයක් ලෙස දැක්විය හැකි අතර ජපනුන් පසුව ඔවුන්ට අවේනික ආකාරයට රමෙන්හි රසය වෙනස් කිරීමට සමත්විය.රාමෙන් නූඩ්ල්ස් සුප් එකක් ලෙසට ඇති ආහාරයක් වන අතර ජපානයේ ප්‍රසිද්ධ රාත්‍රී ආහාරයක් ලෙස ද හැදින්විය හැකිය.රාමෙන් ප්‍රධාන රසවල් 4කින් සම්වින්තය. එනම් tonkotsu (pork born), මිසෝ, සෝයා සෝස් සහ ලුණු වේ.ෆුකෝකා ප්‍රදේශය tonkastu සදහා ප්‍රසිද්ධ අතර මිසො රමෙන් හොක්කිදෝ වල ප්‍රසිද්ධය.රාමෙන් සෝයා සෝස් හෝ මිසෝ සුප් සමග මිශ්‍ර කර ආහාර ගැනීමට ද හැකිය.

තෙම්පුරා(Tempura)

ජපානයේ ගැඹුරු තෙලේ බැදගත් ආහාරයක් ලෙස තෙම්පුර දිනවිය හැකිය. පිටි සන්ද්‍රනයක තවරා බැදගන්නා එළවලු සහ මුහුදු ආහාර ලුණු, ඉගුරු, sweet sake සහ තරමක කුළුබඩු සමග සදා ගන්නා ලද සෝයා සෝස් සහිත දැවටුමක් සමග පිළිගන්වයි.එබී තෙන්පුරා නැතහොත් ඉස්සෝ තෙන්පුරා කෑමට අමතක නොකරන්න.

සොබා(Soba)

තරමක් spaghetti ස්වරුපයක් ගන්නා අතර මෙය උණුසුම් ලෙස හෝ සීත කල ආහාරයක් ලෙස පිළිගන්වනු ලබයි. මෙය වසර පුරාම ආහාරයට ගත හැකි අතර අනෙක් ආහාර මෙන් ඍතු අනුව වෙනස් නොවේ. සීත කල සොබා සොයා සෝස් සමග ආහාරයට ගන්නා අතර යකි සොබා(yaki soba) එළවලු හා මිශ්‍ර කර ආහාරයට ගනු ලබයි. 

ඔකොනොමියකි(okonomiyaki)

එය ඇත්තටම විවිධ දේ දමා සැකසුනු pan cake එකක් වැනිය.මේ සදහා එළවලු මස් මලු ආදී වූ විවිධ දේ යොදා ගන්නා අතර තමන්ගේ කැමැත්ත පරිදි එක් කල හැකිය.මෙය සකසනු ලබන්නේ උණු තැටියක් මතය. මයෝනීස් සෝස් සමග ආහාරට ගතහොත් වඩාත් රසය.

යකිතොරි(Yakitori)

පුළුස්සන ලද කුකුල් මස් ලෙස සරලව හැදින්වියවිය හැකිය. කුඩා මස් කැබලි කූරක ගසා ගල් අගුරු ආදාරයෙන් පුළුස්සයි.මෙහිදී රස වර්ග දෙකක් ඇති අතර තමන්ගේ කැමැත්ත අනුව එය තොර ගත හැකිය. එකක්නම් ලුණු රස වන අතර අනෙක තරේ(sweet soya souse) ලෙස හදුන්වයි.යකිටෝරි බොහෝ විට මගදෙපස වීදි වල දක්නට ලැබෙන අතර සති අන්තයේ පවත්වන සැණකෙළි ආදියෙහි අනිවාර්ය අංගයක් වේ.

තොන්කට්සු(tonkatsu)

පාන් කුඩු දැවටුමක් සමග සැකසු හරක් මස් කට්ලට් එකක් වැනිය.බත් සමග පිළිගන්වන මෙයට මිසෝ සුප් සහ ගෝවා ද අඩංගු වේ. කගොෂිමා(kagoshima) හි හරක් මස් මෙහි වූ රසය තවත් වැඩි කරයි.

කරේ රයිසු(Curry rice)

කරේ රියිසු කියන්නේ ඉතා පහසුදයක ඕනෑම අවස්ථාවක වුවද සරලව මිලදී ගත හැකි ආහාරයකි.එය ඇත්තටම සාමාන්‍ය curryයක් ලෙස සැලකෙවුවත් ඇත්තටම එළවලු සහ මස් මලු වර්ග එකතු කර තමන්ට කැමති ආකාරයකට සැකසා ගත හැකිය.

ශබු ශබු(shabu shabu)

මෙය ලිප මත උණු ජලය සමග දැමු භාජනයකි. එයට එළවලු මස් සහ මාළු අදිය එක්කර එය රස ගැන්වීම සදහා විවිධ රසකාරක දමන අතර.එය ළිපේ පිසෙන අතරතුර ලිපෙන් ගෙන බත් සමග ආහාරයට ගනු ලබයි. ශීත කාලයේදී shabu shabu ආහාරයට ගැනීමට ජපනුන් වඩාත් කැමැත්තක් දක්වයි.

ඔනිගිරි(Onigiri)

ජපානයේ වඩාත් ප්‍රසිදිධ කෙටි ආහාරයකි. ජපානයේ කොහේ සිටියත් කුමන වේලාවකදී වුවත් පොඩි බලගින්නට ඔනිගිරියක් ආහාරයට ගත හැකිය.මෙය විවිධ එළවලු මස් සහ මලු ආදීයෙන් රස ගන්වා ඇත.සුළු මුදලක් නොවන මෙය ඇත්තෙන්ම පහසු සහ ගුණ දායක කෙටි ආහාරයකි.

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views