Culture

තායිවානයෙන් බිදක්!

  • このエントリーをはてなブックマークに追加

තායිවානයෙන් බිදක්!

ආහාරපාන

තායිවානයේ ආහාර රස අතින්නම් අඩුවක් නැත. වැය වන මුදල ඇත්තටම අප තොර ගන්න ආහාර හා රස අනුව තරමක් වෙනස් වුවත් හොද ආහාරයක් සාමාන්‍ය මුදලකට මිලදී  ගත හැකිය.  විදී ආහාරනම් බොහෝ විට දැක ගත හැකි අතර ඉතා ලාබ දායිවේ. විදි ආහාර පිළිබද කැමැත්තක් දක්වන්නේ නම් ඔබට ඩොලර් 10  වැනි මුදලකට දවසට සරිලන ආහර සියල්ල සපයා ගත හැකිය.

අනෙක් අතට එළියෙන් ආහාර ගන්නවනම් සාමාන්‍ය මට්ටමේ අවන්හලක්නම් ඩොලර් 15-20 අතර මුදලක් දෙදෙනෙකු සදහා වැය විය හැකිය. මත්පැන් වුවද එතරම් විශාල මුදලක් නොවෙයි. ඩොලර් 2 ක් වගේ මුදලකට ඔබට බියර් ටින් එකක් මිලදී ගත හැකිය.

ඔබට ආහාර සකස් කර ගත හැකිනම් තවත් ලාබදායි වේ. එයට හේතුව වන්නේ සියලු අමුද්‍රව්‍ය පහසු මිලට මිලදී ගත හැකි නිසාය.

 

නිවාස

වාසනාවක් ලෙස ලෝකයේ අනෙක් රටවල හා සැසදීමේදී නිවාස සදහා එතරම් මුදලක් වැය නොවීම තායිවානයේ විශේෂත්වයයි. ශිෂ්‍ය විසා මගින් තායිවානයට ඇතුළුවන ඔබට නවාතැන් පහසුකම් සදහා වැය වන්නේ මසකට ඩොලර් 100-150 අතර ප්‍රමාණයකි. එය ප්‍රදේශය අනුව තරමක් වෙනස් වන අතර ලොකු වෙනසක් සිදු නොවේ.

තායිවානයේ බොහෝ විට ඉතා පිරිසිදු මෙන්ම නවීන පහසුකම් සහිත නවාතැන් පහසුකම් කටත් ලැබේ.

ගමනාගමනය

ප්‍රවාහන පහසුකම්ද ඉතා උසස් ලෙස පවතින අතරම පොදු  ප්‍රවාහන සේවයන් අතරින් දුම්රිය ප්‍රවාහන සේවය ඉහල මට්ටමක පවතියි. ඒ සදහා ඔබට දිනකට ඩොලර් 4 ක වගේ මුදලක් වැය විය හැකිය. මේ සියල්ලටම අමතරව තායිවානයේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍ය මෝටර් බයිසිකලය ලෙස හැදින්විය හැකිය. ස්කූටර් රථ වල නැගී තම එදිනදා වැඩ කටයුතු සදහා ගමන් ගන්නා ජනතාව බොහෝ සිටියි. එය ඇත්තෙන්ම මුදල් මෙන්ම කාලයද ඉතුරි කරන එක් මාර්ගයකි. ඔබටත් ඇත්තෙන්ම ඒ සදහා හුරු වුවහොත් මුදල් ඉතිරි කර ගැනීමේ අවස්ථාව තව තවත් වැඩි වේ. එහෙත් ඊට පෙර අවසර පත් ලබා ගැනීම හොද හිස් ආවරණයක් පැළදීම වැදගත්වේ.තායිවානය ටහ්රමක් අනතුරු බහුල රටක් වේ.

ඇදුම් පැළදුම්

තායිවාන් ජාතිකයන් ඇදුම් පැළදුම් පිලිබදව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත.ඔවුන් ඉතා සැහැල්ලු සරල ඇදුමකින් එදිනදා වැඩ කටයුතු කරගෙන යයි. ඇත්තෙන්ම රැකියාවටද ඇදුම පිළිබද විශේෂයත්වයක් දක්වන්නේ නැත. විවාහ මංගල උත්සවයක් වුවත් එතරම් සැලකිල්ලක් නොදක්වීම ශ්‍රී ලංකිකයන් වන අපට අදහා ගත නොහැකි කරුණකි.

  • このエントリーをはてなブックマークに追加

TAIWAN STUDENT VISA

TAIWAN STUDENT VISA


මූලික සුදුසුකම්

  • A/L විභාගය සමත් වීම.

  • වයස 18-30 දක්වා


චීන, ජපන්, ඉංග්‍රීසි යන භාෂා ඉගෙන ගැනිමට හැකියාව!

සංචාරක ව්‍යාපාරය, හෙද සේවය ආදී වූ විවිධ පාඨමාලාවන් කැමති පරිදි තෝරා ගැනීමේ හැකියාව ඇත.

අර්ධ කාලීන රැකියා කිරීමේ හැකියාව ඒ සඳහා රැකියා බලපත්‍රයක් ලැබීම අවසන් වසරේ ජපනයේ හෝ සිංගප්පුරුවේ රැකියා පුහුණුව .

අධ්‍යපනයෙන් පසු WORKING VISA

වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි සහ සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 9.8 (980,000/=) පමණයි.

මාස 6ක් සදහා පාසල් ගාස්තු සහ මාස 6ක් සදහා නවාතැන් පහසුකම් සහිතව ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 7.4 (740,000/=) පමණයි.

Call: ‭‭+94 (77) 886 2384

 

Views