Food

තායිවානය ගැන ආස හිතෙන කෑම වර්ග කිහිපයක්!

  • このエントリーをはてなブックマークに追加

තායිවානය ගැන ආස හිතෙන කෑම වර්ග කිහිපයක්!

තායිවානයේ ආහාර ඔවුන්ගේ සංස්කෘතියේ ප්‍රධාන තැනක් ගන්නවා. ඇත්තටම කිව්වොත් සිංගප්පුරුවේ මෙන්ම තායිවානයේද රාත්‍රී ආපනශාලා විශාල ලෙස දැක ගන්න පුළුවන්. විවිධ වර්ගයේ ආපනශාලා ඇති අතර විවිධ මිල ගණන් වලට ඇත. එම නිසාම තායිවාන් ජාතිකයන් නිතරම පිටින් ආහාර ගැනීම සිදු කරනවා. තායිවානයේ ආහාර වලට කැමති වීමටනම් විවිධ වර්ගයේ ආහාර රස බැලීමට කැමැත්තක් මෙන්ම සුදුළුණු රසටද කැමති වෙන්න සිදුවෙනවා.තායිවායේ ආහාර චීන සහ ජපන් යන රටවල් දෙකෙහිම අභාෂය ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා

බීෆ් නුඩ්ල් සුප් Beef noodle soup (niú ròu miàn)

තායිවානය පුරා විවිධ කෑම  වර්ග රාශියක් ඇති අතර ඒ අතරින් බිෆ් නුඩ්ල් සුප් විශේෂය යැයි කියන්න පුළුවන්. එය සුප් එකකට වැඩිය  ප්‍රධාන ආහාර වේලක් ලෙසද හැදින්විය හැකිය. එහි වර්ග දෙකක් ඇති අතර එකක් දියර ස්වභාවයක් ගන්නා අතර අනෙක් එක වියලි ස්වභාවයක් ගනී.  නමෙහි සදහන් වන ආකාරයට නුඩ්ල් , බිෆ්, පමණක් නොව ගෝවා ආදී වූ විවිධ එළවලු වර්ගද එක් කර තිබේ.

බොහෝ සාමාන්‍ය ආපනශාලා වලද මෙය සුලබව තිබුනත් මෙනු පත කියවිය නොහැකිනම් ටිකක් ප්‍රවේශමෙන් ඇනවුම් කරන්න.

 

 

Steamed pork bun (guà bāo)

එය බොහෝ විට තායිවාන් හැම්බර්ගර් ලෙසද හදුන්වයි ස්ටීම් කරන ලද මෘදු බනිස් මත පොර්ක්, ගෝවා සහ රටකජු දැවටුම සමග කොරිඑන්ඩර් කොලද මැදි කර සකසා ඇති නිසා ඉතා රසවත් හැම්බර්ගර් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ප්ලාස්ටික්  බෑගය තුල තිබියදීම කන්න පුලුවන්නම් ගොඩක් හොදයි නැතිනම් ඔබට අවසානයේ chopstick භාවිතා කරන්න සිදුවේවි.

ඉස්සන් රෝල් Shrimp rolls (xiā juǎn)

ඉස්සන් රෝල් ගොඩක් ප්‍රසිද්ධ තායිනන් ප්‍රදේශයේ. තායිනන් පිහිටා තිබෙන්නේ තායිවානයේ නිරිත දිගින්ය. මෙය සාදා තිබෙන්නේ ඉස්සන් හා කොළ ලුණු පිරිවුමකින්වන අතර පාන්පිටි දැවටුම මගින් වටේ ආවරණය වේ. මෙය ගැබුරු තෙලේ බැද  ඉගුරු සමග සෑදු සෝස් එකක් සමග ආහාරයට ගනි. ඇත්තෙන්ම මෙයට ඇබ්බැහි විය හැකි!

Soup dumplings (xiǎo lóng bāo)

ඔබට තායිවානයේන් රස බලා පැමිණිය නොහැකි ප්‍රධානම කෑමක් තමයි dumpling. ඉස්සන්, pork , එළවලු, බිත්තර ආදී වූ විවිධ පිරවුම් වලින් මෙය රස බැලිය හැක. තායිවානයේ ඉතා ප්‍රසිද්ධ ආහාරයක් වන මෙය චීනයේ ජපන්දීද ඉතා ප්‍රසිද්ධ කෑමක් ලෙස හැදින්විය හැකිය

තායිවාන් සොසේජස් Taiwanese sausage (xiāng cháng)

ආසියාවේ බොහෝ ලෙස සොසේජස් ලෙස හදුන්වන්නේ hotdog බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් තායිවානයේ මෙය තරමක් වෙනස්. පොඩි පැණි රසක් සමග pork වලින් සාදන අතර අමු සුදුළුණු සමග පිළිගන්වයි.

විදි කඩවල් වල මෙන්ම, ආපනශාලා වලදීද කෑමට හැක.

 

 

Taro balls (yù yuán)

මෙය ජියුෆෙන් ප්‍රදේශයේ ප්‍රසිද්ධ, අතුරුපසක් වේ. එහි අන්තර්ගතය ගැන කිවහොත් Sweet potato, Green tea Rice ball, red beans, green beans සහ sweet syrup සමගයි.මෙය ඔබට රස්නෙන් මෙන්ම සිත කල අතුරුපසක් ලෙසද අයිස් ක්‍රීම් සමගද රස විදිය හැකිය. දැඩි රැසක් නොමැති වුවත් එහි එකතුව රසවත්.

 

 

Oyster omelet (hé zǎi jiān)

රාත්‍රී අපනශාලා වල බොහෝ විට oyster omelet දැක ගත හැකි අතර විශාල පිසින තැටියක, බිත්තර සහ නැවුම් බෙල්ලන් ප්‍රධාන වශයෙන්ද සලාද කොළ වැනි විවිධ එළවලු වර්ගද එකතු කර සෝස් සමග ආහාරට ගනී. තායිවාන් ජතිකයන්නම් මාළු අදිය ද සුළු ප්‍රමාණ වශයෙන් එකතුකර ගනී. එය ඔබගේ කැමැත්ත පරිදි කල හැකිය. 

Bubble Tea

තායිවානයේ ආහාර පාන ගැන කතා කිරීමේදී විශේෂයෙන් හදුන්වාදිය හැකි පානයක් තමයිතායිවාන Milk Tea. තායිවානයේ milk Tea වියට්නාමයේද ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ අතරින්  Bubble Tea යනුවෙන් හැදින්වෙන පානය ලංකාවේද මේ වන විට තරුණ පිරිස අතර ඉතාමත් වේගයෙන් පැතිර යයි. Bubble Tea විවිධ රසයන්ගෙන් සමන්විත වේ. 

 

  • このエントリーをはてなブックマークに追加

Views