INFORMATION

ජපන් භාෂා පාසල්වලට ඇතුළත් වීම සදහා අවශ්‍ය සුදුසුකම් විමසා බැලීම

ජපන් භාෂා පාසල්වලට ඇතුළත් විය හැකි කාල වකවානු

ජපන් භාෂා පාසල්වලට ඇතුළත් විය හැකි වන්නේ අප්‍රේල් මස සහ ඔක්තෝබර් මාසයන්හි වේ.
ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ අධ්‍යන කටයුතු ඇරඹෙන පාසල්ද ඇත.

ජපන් භාෂා ප්‍රවීණත්වය තිබිය යුතුද ?

බොහෝ විට ජපන් භාෂාව නොදත් අයට ජපන් භාෂා පාසල් වලට ඇතුලත් වීම පහසු නොවේ .
මූලිකවම ලංකාවේදීම ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ 4 වන අදියරය හෝ සමත් වීම අරමුණු කර ගත යුතුය.
ජපන් භාෂා දැනුම පිළිබදව සහතික ඉදිරිපත් කළ නොහැකි සිසුන් JLPT විභාගය හෝ J -TEST විභාගය සදහා පෙනී සිටිය යුතු වේ.
කෙසේ වුවත් ජපන් භාෂාව පිළිබද දැන සිටියද ඇතුළත් වීමට නොහැකි වන අවස්ථාද ඇත.(එවන් අවස්ථාවන්හිදී වෘත්තීය පාසල් සදහා මග පෙන්වීම් සිදුකරේ.)

ජපානයේ දී ජපන් භාෂාව ඉගෙනීම

ජපන් භාෂා පාසල් වල අධ්‍යන කාලය වසර 2 කට සීමාවේ.
නිදසුනක් ලෙස ජපන් භාෂා පාසලක වසර එක හමාරක කාල පරාසයක් අධ්‍යනයන්හි නිරත වූ අයෙකු නම් ඉතිරි මාස හය ඉක්මවා අධ්‍යාපනය හැදෑරීම සිදුකළ නොහැක.
විශ්ව විද්‍යාල සහ වෘත්තීය පාසල් වලට ඇතුලත් වන්නේ නම් වසර 2 ක අධ්‍යන කාලය ඉක්මවා ගියද ගැටළුවක් නොමැත .

මූල්‍යමය සහතික

අවම වශයෙන් රුපියල් ලක්ෂ 25 ක මූල්‍යමය සහතික ඉදිරිපත්කළ නොහැකිනම් ශිෂ්‍ය වීසා ලබා ගැනීම අපහසු වේ.

අනුග්‍රාහකයා

අනුග්‍රාහකයා පවුලේ අයෙකු නොවන අවස්ථාවන්හි දී ඔහු හෝ ඇය පිළිබද වැඩිදුර විමසා බැලේ.
අනුග්‍රාහකයා ලෙස දෙමව්පියන් ඉදිරිපත් වන්නේ නම් වඩාත් යෝග්‍යය.

වයස සහ වෘත්තීය ඉතිහාසය

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරා වසර 5කට වඩා කිසිවෙක නිරත නොවී ඇත්නම් නම් ඒ පිළිබද විමසා බැලීම් සිදුකෙරේ .
තවද අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය ඉතිහාසය පිළිබද සැලකීමේදී අතරමැදි කාල සීමාවන් පවතී නම් හේතුව නිශ්චිතව ඉදිරිපත් කල යුතුය.

විවාහ වී ඇත්නම්

විවාහ වී ඇත්නම් ඒ පිළිබද විමසා බැලේ.

ඉදිරිපත් කළ යුතු ලියවිලි

පොදු කරුණු

මූලිකව ඉංග්‍රීසි හෝ ජපන් අත්අකුරින් ලිවිය යුතු අතර වැරදීම් සිදු වුවහොත් මකන දියර යනාදිය භාවිත කිරීම ලියවිලි ප්‍රතික්ෂේප වීමට හේතු වේ. වෙනත් භාෂා වලින් ලියන අවස්ථා වලදී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම අනිවාර්‍ය වන අතර පරිවර්තනය සිදුකල ආයතනයේ නම සහ නිල මුද්‍රාව සටහන් කල යුතුවේ.
ආගමන විගමන දෙපාර්තුමේන්තුව මගින් දුරකථන ඇමතුම් සමීක්ෂණය සිදුකරන විට නිවසේ සහ රැකියා ස්ථානයේ ලිපිනය නිවැරදිව ගැලපිය යුතුවේ.

ඇතුලත්වීමේ අයදුම් පත්‍රය

එක් එක් පාසලට අනුව ආකෘතිය විවිධ වේ. විශේෂයෙන්ම අයදුම් කිරීමට හේතුව සදහන් කිරීම වැදගත් වන අතර අයදුම් කරන්නා විසින්ම අයදුම්පත සම්පූර්ණ කල යුතුය.ජපන් භාෂාව පිළිබද දැනුම එතරම් නොමැති නම් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ දේශීය භාෂාවෙන් ලියා පරිවර්තනය කිරීම සිදුකල යුතුවේ. ජපන් භාෂා පාසල් වල ඉගෙනුම අවසන් වූ පසු වැඩිදුර අධ්‍යාපනය සිදුකරන්නේ නම් අනිවාර්යෙන්ම (වැඩිදුර අධ්‍යාපනය පිළිබද සැලැස්ම) විමසා බැලිය යුතුවේ.
අධ්‍යාපන හා වෘත්තීය ඉතිහාසය පිළිබද සැලකීමේදී අතරමැදි කාල සීමාවන් පවතී නම් හේතුව නිශ්චිතව ඉදිරිපත් කල යුතු අතර ඇතැම් අවස්ථා වලදී සහතික ඉදිරිපත් කිරීමට සිදු වේ.
සැ.යු ; ලිපිනය , දුරකථන අංකය, පවුල පිළිබද විස්තර ,අධ්‍යාපන විස්තර , වෘත්තීය විස්තර, අයදුම් කිරීමට හේතුව

අයදුම් කිරීමට හේතුව සහිත ලියවිලි

අවසන් අධ්‍යාපනය හදාරා වසර 5කට වඩා කිසිවෙක නිරත නොවී ඇත්නම් නම් ඒ පිළිබද විමසා බැලීම් සිදුකෙරේ. ජපානයට යාමට අවශ්‍ය වන හේතුව, ජපන් භාෂා හැකියාව හා මේ දක්වා අධ්‍යාපන ඉතිහාසය වැදගත් කොට සැලකේ.
සැ .යු ; ජපන් භාෂා හැකියාව හා මෙතෙක් ජපන් භාෂා ඉගෙනුම් ඉතිහාසය

අධ්‍යාපන සහතික ප්‍රථිඵල ලේඛණ

අවසන් අධ්‍යාපන සහතිකය ඉදිරිපත් කළ යුතු වේ. අතර මැද ඉගෙනුම් නතර කිරීම්,පාසලෙන් ඉවත් කිරීම් යනාදිය සිදුනොවී තිබිය යුතුය.
විශ්ව විද්‍යාල සදහා ඇතුළත් වීමේදී උසස් පාසැල් ප්‍රථිඵල ලේඛණ හා අවසන් අධ්‍යාපන සහතිකය ,වෙනත් විශ්ව විද්‍යාල සදහා ඇතුළත් වීමේදි විශ්ව විද්‍යාල ප්‍රථිඵල ලේඛණ අවශ්‍ය වේ.සියලු ලිපි ලේඛන මාස තුනක් ඇතුළත සකස් කළ යුතුය.

රැකියා සහතික

දැනට රැකියාවක නිරත වන්නේ නම් ඒ පිළිබද විස්තර ඉදිරිපත් කළ යුතුය.

ජපන් භාෂා ප්‍රවීණතා සහතික

N4 හෝ අවම N5 සමත්ව තිබීම වැදගත් වේ. JLPT විභාගය හෝ J -TEST විභාග සහතික තිබීම වාසිදායක වේ.

අනුග්‍රාහකයා සම්බන්ධ ලියවිලි

අනුග්‍රාහකයා දෙමව්පියන් වන්නේ නම් වාසිදායක වේ. ජපානයේ සිටින හිතවතෙකු අනුග්‍රහය දක්වනනේ නම් සමීප සම්බන්ධතාවක් තිබිය යුතුය.
අනුග්‍රාහකයාගේ නම, නිවසේ සහ රැකියා ස්ථානයේ ලිපිනය, දුරකථන අංකය සදහන් කළ යුතුය.

අනුග්‍රාහකයාගේ ආදායම් සම්බන්ධ ලියවිලි

අනුග්‍රාහකයාගේ ආදායම් සම්බන්ධ ලියවිලි ආගමන විගමන දෙපාර්තුමේන්තුව මගින් විමසීමට ලක්කරන අතර අනුග්‍රාහකයාගේ අත් අකුරින් අත්සන් කළ යුතුය. අනුග්‍රාහකයාගේ මාසික අදායම රුපියල් 150,000 නොඅඩු විය යුතුය.

රැකියාව සම්බන්ධ ලියවිලි , වාර්ෂික ආදායම

තනි පුද්ගල ව්‍යාපාරයක් ඇත්නම් ව්‍යාපාරයේ බලපත්‍රය,ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කල යුතුය.වාර්ෂික ආදායම සම්බන්ධ ලියවිලි ඉදිරිපත් කල නොහැකි නම් බදු ගෙවීම සම්බන්ධ ලේඛණ වැනි ආදායම තහවුරු කළහැකි ලියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුවේ.අනුග්‍රාහකයාගේ වාර්ෂික ආදායම පහල නම් මව පියා දෙදෙනාගෙම ආදායම ඉදිරිපත් කළ හැක.

අනුග්‍රාහකයා අතර ඇති නිත්‍යානුකුල සම්බන්ධතාවය

අනුග්‍රාහකයා අතර ඇති ඥාති සම්බන්දතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි තිබිය යුතුය.

වියදම් සම්බන්ධ ලියවිලි

නිශ්චිතව දැක්විය නොහැකි නමුත් දළ වශයෙන් මාස 6ක කාලයක් සදහා යෙන් 100,000 ක මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ.උදාහරණ ලෙස අවුරුද්දක් සදහා යෙන් 200,000ක් ,අවුරුදු දෙකක් සදහා යෙන් 400,000 ක් වැයවේ.

ගිණුම් ශේෂය සම්බන්ධ ලියවිලි

බැංකු ගිණුම් පොතෙහි වසර 3කට අදාල පිටපත් අවශ්‍ය වේ.ගිණුම් ශේෂය ඉහළ අවස්ථා වලදී ඊට අදාළ ලියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුය.

ඊටඅමතරව අවශ්‍ය ලියවිලි

ඒ ඒ අයදුම්කරුවන්ට අනුව අවස්ථාවට අදාළ සහතික සහ හේතු ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලියවිලි සූදානම් කර තබා ගත යුතුය.