Japanese

වයස අවුරුදු 15ක මා , වයස 35ක මට ලියන ලියුම ……

  • このエントリーをはてなブックマークに追加

මෙහෙම ලියන්න හිතුනේ…..

ජපානයේ ගායිකාවක් වන  Aki Anjelaගේ  ගීතයක් හිතට දැනුණේ කොයි විදියටද කියල  තමයි මන් මේ ලිපිය ලියන්න අදහස් කළේ .මගේ හිතට දැනුණ ලස්සන  තේරුමක් තියන ලස්සන  ගීතයක් .මේක කියවන ඔයත් මේකට  ගොඩක් කැමති වෙයි කියල හිතනවා .

 

මොකද්ද මේ….

අවුරුදු 15ක් වයසැති මා  , වැඩිහිටියෙකු වූ  ආදරණීය  මට ලියන ලියුම ….

ආදර මා වෙත , ඉතින් දැන් කොහොමද ?

එදා වගේම සැහැල්ලුවෙන්ද ඉන්නේ ?

හිතේ දුකක් තියෙනවද මොනා ගැන හරි …

සතුටින්ද ඉන්නේ ඔයා …

දුකින් ඉන්න මම කාටද කියන්නේ මේ ගැන …

කාවද මන් විශ්වාස කරන්නේ …

         

 

වටහ ගන්න අමාරුයි  වගේද …..

මේ ගීතයේ කියවෙන විදියට අවුරුදු 15ක මා , වැඩිවියට පත් මා හටම ආමන්ත්‍රණය කරලා තමයි මේ ගීතය Aki Anjela ගායනා කරන්නේ . ඇත්තටම මේ ගීය ඔබ ඇසුවොත් ඔබවත් අමුතුම හැගීමක් වෙත  ගෙනයනවා නිසැකයි .ඉතින් , මන් හිතුව මගේ අදහසුත් එකතු කරලා , මේ ලිපිය ලියන්න .

මේ  ලිපියේ තියෙන විදියට ඔයා මේ ලිපිය කියවද්දී ,  ඔයා අවුරුදු 35ක විතර වැඩිහිටියෙක් වෙලා තියෙයි . ඒ වෙද්දී , ඔයා කොහේ ඉඳීද ? මොනවා කර කර ඉඳීද ? සමහරවිට , ඔයා ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් එක්ක හරි , දරුවොත් එක්ක ගෙවන ජීවිතයක් වෙන්න පුළුවන් . ගොඩක් දේවල් වෙනස් වෙලා  නේද ?

          

 

ඔබ තාරුණ්‍යයේද , මැදිවියේද ??

ඉතින් , ඔබ සමහරවිට රැකියාවක් හොයන්න ජපානෙට යන්න ඉන්න කෙනෙක්  වෙන්න පුළුවන් . ඉතින් , ඔයා මේ ගෙවුණු ජීවිතේ ගැන මොකද හිතන්නේ ? විඩාවක් දැනෙනවද ජීවිතේට ? ජීවිතය ජීවත් කරවන්න මුදල් හොයන අරමුනෙන්ද ඔයා ඉන්නේ ? මේ වගේ විවිධ තත්වයන්ගෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔයා .

මා ගැන කියනවනම් , මාත්  තාරුන්යේ පසුවන කෙනෙක් විදියට මටත් මුදල් සෙවීම අත්‍යවශ්‍ය කාරණයක් .ඔබටත් එහෙම ඇති .කුඩා කාලයේ වගේ නිදහසක් හිතට දැනෙන්නේ නෑ . කටුකත්වයක් දැනෙනවා මොකද මන් වැඩිහිටියෙක් නිසා .

 

         

 

ඒත් මට  පරදින්න බෑ….

එදා අවුරුදු 15 මට  ජීවිතයේ වගකීමක් දැනුණේ නෑ . ඒත් දැන් ලොකු වගකීමක් හිතේ තියෙනවා . දැන් මට වයස 35ක් වෙනවා .වැඩිහිටියෙක් විදියට ජීවිතේට එන අභියෝග වලට මට මුහුණ දෙන්න වෙනවා .අඬන්න බෑ මට අඬන්න ඕනේ උනත් .මොකද දැන් මන් වැඩිහිටියෙක් නිසා .

ඔව් . මන් ජීවත් වෙනවා . පරදින්න බෑ මට . ශක්තිමත් වෙනවා මම . කොහොමහරි  මන් ඉදිරියටම යායුතුයි මේ බාධක ජය අරගෙන .ඉතින්  ඇයි තවත් මේ දුක ??? එපා දුක් වෙන්න . ඔයා ඔයාටම ශක්තියක් වෙන්න .

 

 

ස්තුතියි ඔබට ….

අවුරුදු 15ක ඔයා මට ගොඩක් දේවල් මතක් කරලා දුන්න . ඒ වගේම වැඩිහිටි  ජීවිතේ මට තියන කටුකත්වයට  සැනසිලි දායක සිහිල් සුළගක් වගේ දැනුණ  ඒ වචන . මිනිස් ජීවිතේ කොඉතරම් දුෂ්කරතා තිබුණත් , මිනිස් ජීවිතේ ගෙවන කාලයේ තියන වටිනාකම ඔයා මට කියල දුන්න . අවුරුදු 15ක පුංචි ඔයා ;  මට ඒ ගැන කියල දුන්නට  හදවතින්ම ගොඩක් ස්තුතියි කියනවා  ඔයාට .

 

 

 

 

 

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views